මට ඡන්දය දෙන්න එපා කියලා කියන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මට විරුද්ධව මොන ප්‍රකාශ කළත් මට කියන්න තියෙන්නේ, විදුලිබල ඇමතිවරයා හැටියට විදුලිබල මණ්ඩලය තවදුරටත් මුල්‍යමය වශයෙන් පරිහානියට පත් කරන්න බැහැ.”
උක්ත ප්‍රකාශය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකරන ලද්දකි. ඒ පසුගිය අගොස්තු 10 වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩි කරන ලද විදුලිය බිල දරාගත නොහැකි යැයි ද අසාධාරණ වැඩිකිරීමක් යැයි ද පවසමින් විරෝධය දැක්වූ භික්ෂුන් වහන්සේලා පිරිසකගේ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

ලංකා විදුලිබල මණ්ඩලය මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන අතරින් මුල්පෙළ ආයතනයකි. මෙසේ දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද විශාල මුල්‍ය අර්බුදයකට ලක් විය. එසේම මහ භාණ්ඩාගාරය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම සඳහා මුල්‍ය පහසුකම් ලබාදීම හමුවේ රටේ සමස්ත ආර්ථිකයටම විශාල බලපෑමක් එල්ල වෙමින් තිබුණි. එසේම ලෝක ඉන්ධන මිල ඉහළ යාම ද එම පාඩුව තව තවත් වර්ධනය කිරීමට හේතුවක් විය.
මෙවැනි පසුබිමක් හමුවේ තවදුරටත් ලංකා විදුලිය බල මණ්ඩලයට දෛනිකව සිදුවන අලාභය දරා ගැනීමට නොහැකි වීම නිසා විදුලි බල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම සලකා, මෙසේ විදුලිය බිල 75 ්‍රක ප්‍රමාණයකින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබුණි.
මිල වැඩි කිරීම අසාධාරණ ද?

විදුලිය බිල 75 ්‍ර කින් වැඩි කිරීම, පසුගිය කාලයේ රට තුළ නිර්මාණය වූ බරපතළ ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින සියලු පුරවැසියන්ගේ ආර්ථික හැකියාවට අහිතකර ලෙස බලපාන බව නොරහසකි. ඒ රටේ කර්මාන්ත, වානිජ හා ගෘහස්ථ යන සියලු ස්ථරයන්ට බරපතළ ලෙස දැනෙනු ඇත. කෙසේ වෙතත් එසේ විදුලි බිල මත පීඩාකාරී බවක් නිර්මාණය වුණේ ඇයි ද යන්න විමසා බැලීම වටී.
වාර්ෂිකව ලංකාවේ විදුලි ඉල්ලුම 5 ්‍ර කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමක් සිදුවෙනවා. නමුත් එසේ වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව වැඩිවෙන ඉල්ලුම සැපිරීම වෙනුවෙන් අවශ්‍ය අඩු වියදම් බලාගාර ඉඳිකිරීමක් හෝ විකල්ප බලශක්ති උත්පාදන ක්‍රවේදයන් නිර්මාණය වීමක් සිදු නොවන තරම්ය. ඊට බලපෑ හේතු සාධක ගණනාවක් ඇති අතර ප්‍රධාන වශයෙන්, ඛණිජ තෙල් හෝ ගල් අඟුරු වැනි ස්ථාවර විදුලි උත්පාදන ප්‍රභවයන් රට තුළ නොමැති වීම. තාක්ෂණික හා ආර්ථිකමය භූ ආර්ථික සීමාවන් ද ඊට බලපා ඇති බව පැහැදිලිය. ඒ අනුව නව විදුලි ජනන ක්‍රමවේදයන් නිර්මාණය කළ ද වාර්ෂිකව විදුලි ඒකක උත්පාදන පිරිවැය නිරන්තරව ඉහළ යාම හේතුවෙන් එය ද සාර්ථක පිළියමක් නොවේ.
කෙසේ වෙතත් 2013 වර්ෂයේ සිට විදුලි ඉල්ලුමේ වැඩිවීම තුලනය කර ගැනීම වෙනුවෙන් විදුලි අය ක්‍රමයේ සංශෝධනයක් සිදු නොකිරීම ද මෙම විදුලි බිල 75්‍රකින් වැඩිවීමට තවත් එක් ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක. ඒ විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. ඊට අදාළ වගඋත්තරකරුවන් සොය සොයා විවේචන කිරීම හෝ පහර ගැසීම වෙනුවට ඉදිරියේදී අවම වශයෙන් වාර්ෂිකව විදුලි අය ක්‍රමයේ විධිමත් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම වටී.
මේ විදුලි බිල වැඩිවීම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ, ”අපි අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් කලේ 2013 වසරේදී. එහිදීද සියයට 25කින් ගාස්තු අඩු කලා. මේ වසර 9ක කාලය සියලුම භාණ්ඩ හා සේවා වල මිල ගණන් සැළකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහල ගොස් තියෙනවා. නමුත් පසුගිය වසර 9 තුළම විදුලි ගාස්තු අපි ස්ථාවර මට්ටමක තබාගැනීමට සමත්වුණා.” යනුවෙනි.
එසේම පසුගිය කාලය තුළ වැඩිවූ උද්ධමනයේ අගයට වඩා අඩු අගයකින් මෙම විදුලි ගාස්තු වැඩිවීම සිදුකර ඇති බව ද රත්නායක මහතා පැවසීය.
කර්මාන්ත අංශයට වන බලපෑම
කර්මාන්ත හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් සහිත ආයතන සඳහා 39 ්‍ර ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සඳහා 75්‍ර ක වැඩිවීමක් අනුමත කර ඇත. සංචාරක කර්මාන්තය සඳහා කොමිසම අනුමත කළ ගාස්තු වැඩි වීමෙන් 50්‍ර ක් අගෝස්තු 10 වැනිදා සිට බලාත්මක වූ අතර, ඉතිරි 50්‍රක ගාස්තු වැඩිවීම ක්‍රියාවට නැඟෙනුයේ ඉදිරි මාස තුනකට පසුවය.
කෙසේ වෙතත් සංචාරක සහ අපනයන කර්මාන්තවලට සහනයක් ලෙස විදුලි බිල්පත් ගෙවීම ඩොලර් මඟින් සිදුකරන්නේ නම් 1.5්‍රක වට්ටමක් ලබා දීමට ද මෙහිදී තීන්දු කොට ඇත.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසර 9ක කාලය තුලදී ඩොලරයේ අගය සියයට 190කින් ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසා අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත වලට මෙම විදුලි ගාස්තු සංශෝධනයෙන් විශාල බලපෑමක් සිදු නොවන බවත් ය.
ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කිරීම ආගම් විනාශ කරන වැඩක් - ලක්ෂ්මන් කිරිඇල්ල
විදුලි බිල සංශෝධනය ආගමික ස්ථානවල වැඩ අඩාළ කිරීමේ කූට ක්‍රියාවලියක් - වකමුල්ලේ උදිත හිමි
ලබන පෝයට විහාරස්ථාන අඳුරේ තියනවා - රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව
ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කිරීම දරාගන්න බෑ. ගෙවන්නෙ නෑ... ගෙවන්න බෑ - ඕමල්පේ සෝභිත හිමි
ආගමික සිද්ධස්ථාන වෙත මේ තාක්කල් ලබාදී තිබූ සහනශීලි විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් - ත්‍රෛනිකායික මහනායක හිමිවරු
පොදුවේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් රට තුළ බරපතළ විරෝධයක් නිර්මාණය වී නැති තත්ත්වයක් තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් තම තමන්ගේ විහාරස්ථානවල (අධික විදුලි පරිභෝජනය හමුවේ ඉහළ ගිය) විදුලි බිල ගෙවීමට නොහැකි යැයි පවසමින් සමාජ විරෝධයක් ගොඩනගමින් සිටී. ඒ මෙම විදුලි අය ගාස්තු ඉහළ දැමීම සිදුකර ඇත්තේ ආගමික විරෝධයක් පදනම් කරගනිමින් යැයි සමාජගත කිරීමට කූට උත්සායක නිරත වන බව පෙනේ.
ඇමති කංචනගේ ස්ථාවරය

ඕමල්පේ සෝභිත හිමියන් විසින් විරෝධය දැක්වීමට ප්‍රතිචාර දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය මුහුණු පොතේ, සටහන් කර තිබුණේ,
”විදුලිබල මණ්ඩලයට ක්‍රියාත්මක වීමේදී නීති දෙකක් නොමැත, විදුලිබිල නොගෙවන සැමට එකම නීතිය ක්‍රියාත්මක වනු ඇත” යනුවෙනි.
එසේම මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිය ස්ථාවරය ප්‍රකාශ කර සිටියේ මෙසේය.
”විදුලි බිල වැඩි කිරීම තුළින් සියලු දෙනා අපහසුවට පත්ව ඇති බව අපි දන්නවා.. නමුත් 2014න් පසුව විදුලි බිල වැඩි කිරීමක් සිදු කර නැහැ.
මේ නිසා තමයි විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකි පාඩුවක් සිදුව තිබෙන්නේ. විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට පමණක් ගෙවන්න තිබෙනවා, බිලියන අසූවකට වැඩිය. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට, රුපියල් බිලියන 45කට වැඩිය ගෙවිය යුතුයි.
විදුලි බිල සකස් කිරීමේදී විවිධ කාණ්ඩ තිබෙනවා. නිවාස, රෝහල්, කාර්යාල, කර්මාන්තශාලා, ආගමික සිද්ධස්ථාන ආදි විවිධ ක්ෂේත්‍ර තිබෙනවා.
පසුගිය කාලේදී ආගමික සිද්ධස්ථානවලට එම සහනාධාරය දුන්නා. ආගමික ස්ථානවලට සහනාධාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. ඒකක 30 දක්වා අය කළේ රු.1යි ශත 90 යි. රු1යි ශත 90 අය කරනකොට ඒකේ බර දාලා තිබුණේ ගෘහස්ථ කාණ්ඩය, එහෙමත් නැත්තම් කර්මාන්තශාලා ඛාණ්ඩය වෙන්න පුළුවන්. ඒක අයින් කරලා තමයි සබ්සිටි එක හදලා තිබෙන්නේ.
ආගමික සිද්ධස්ථාන හැටියට, විදුලි සබඳතා 48,682ක් තිබෙනවා. මෙයින් ප්‍රශ්නය තිබෙන්නේ 12,500කට වැඩි සංඛ්‍යාවකට. ඒකක 30ක් දක්වා විදුලිය භාවිත කරන්නේ 15,195ක්. මේ සංශෝධනයෙන් පසුව ගෙවන්නේත් මාසයකට රුපියල් 330ක්. ආගමික සිද්ධස්ථාන 11,151ක් ගෙවන්නේ 1260යි. ආගමික ස්ථාන 3852ක් රුපියල් 1860ක් ගෙවනවා. ඒකක 121-180 අතර 5897ක් ආගමික ස්ථාන රුපියල් 3990ක් ගෙවනවා. මේ සංශෝධනයෙන් පසුවත් වැඩි ආගමික ස්ථාන ගණනාවක් ගෙවන්නේ රුපියල් 3990ක් වැනි මුදලක්. නමුත් මිල වැඩි කිරීමත් සමඟ ආගමික ස්ථාන 12,000ක් විතර ප්‍රමාණයකට යම් ප්‍රශ්නයක් නිර්මාණය වී තිබෙනවා. විකල්ප නැති නිසා පුනර්ජනනීය බලශක්තිවලට යන්න වෙනවා.
ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමතිතුමා මගෙන් ඉල්ලීමක් කළා. ආගමික ස්ථානවලට සූර්ය පැනල සවි කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසට. නමුත් සූර්ය පැනල මිලදී ගන්නට අපට විදේශ විනිමය නැහැ. ඒකත් ප්‍රශ්නයක්. විදුලි බිල කළමනාකරණය කර ගත යුතුයි.
පහුගිය කාලේ විදුලිබල මණ්ඩලයෙන් විදුලි බිල ගෙවපු ආගමික ස්ථානත් තිබෙනවා. ආගමික ස්ථාන 148ක් සඳහා පසුගිය කාලයේදී විදුලිබල මණ්ඩලය විසින්ම හැම මාසෙම මේ ගෙවීම් සිදු කර තිබෙනවා. ඒකත් ගෙවන්න එපා කියලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.”
අධි විදුලි පරිභෝජනය
එවැනි සහනයක් සහිතව තමන්ට හිමිවන බිල්පත නොගෙවා සිටීමට කිසියම් අයකු කටයුතු කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ, ඔහුගේ විදුලි බිල මේ රටේ දුක්විඳින සියලු පුරවැසියන් විසින් දැරිය යුතු බවයි.
විශේෂයෙන් බෞද්ධ ආගමික සංස්ථාව නියෝජනය කරන ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් විදුලි බිලට එරෙහිව විරෝධතා ගොඩනගමින් සිටින්නේ, මේ පිළිබඳව මනා අවබෝධයක් සහිතව වීම කණගාටුවට කරුණකි.
විදුලි ගාස්තු විරෝධතාකරුවන්ගේ විදුලි බිල සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේදී හෙළි වූ විශේෂම කරුණ වනුයේ, ඔවුන්ගේ අධි පරිභෝජනය හා නිසි කළමනාකාරීත්වයකින් තොර විදුලිය භාවිත කිරීමේ පුරුදු රටාවක් සහිත බවයි.
මේ සම්බන්ධයෙන් උදාහරණයක් ලෙස මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා රෑපවාහිනී සාකච්ඡාවක දී පවසා සිටියේ, බිංගිරිය බෝවත්ත ප්‍රදේශයේ පන්සලක මාසික විදුලි පරිභෝජනය ඒකක 8,500ක් වන බවය. එය සාමාන්‍ය මධ්‍යම පංතික නිවසක වාර්ෂික විදුලි පරිභෝජනයටත් වඩා වැඩි අගයකි.

කළයුත්තේ සහන දීමද?
බිල වැඩි යැයි කියමින් විරෝධය දක්වන පිරිස් කළ යුත්තේ, විදුලි පරිභෝජනය කළමනාකරණය කිරීමට හෝ විකල්ප විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට යොමු වීමය. එසේම විදුලි බිල නොගෙවා සිටීම නොව තම තමන්ගේ යාන්ත්‍රික පුරුදු වෙනස් කරගැනීම ය.
බිල වැඩි යැයි කියමින් විරෝධය දක්වන පිරිස් කළ යුත්තේ, විදුලි පරිභෝජනය කළමනාකරණය කිරීමට හෝ විකල්ප විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට යොමු වීමය. එසේම විදුලි බිල නොගෙවා සිටීම නොව තම තමන්ගේ යාන්ත්‍රික පුරුදු වෙනස් කරගැනීම ය.
කිසිවකු මේ රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් නොකළ යුතු ප්‍රධානතම කාරණය නම් සහන ලබාදීමය. මන්ද කාලයක් තිස්සේ, යැපුම් මානසිකත්වයෙන් ජීවිතය හැඩගස්වා ගත් පුරවැසියා ඉන් මුදා නොගන්නා තාක් ඔහු හෝ ඇය තමන්ගේ පුරවැසිභාවයේ නිසි වටිනාකම තේරුම් ගන්නේ නැත. එසේම නොමිලේ ලැබෙන කිසි දෙයක් සම්බන්ධයෙන් වගකීමක් හෝ වගවීමක් ඔහුට හෝ ඇයට නැත. කළ යුත්තේ සහන දීම නොව මෙම මිනිස් පුරුදු වෙනස් කිරීමය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.




