The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිරසෙන් කිච කරන කෑම - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

September 27, 2022 • 6:43 AM

සිරසෙන් කිච කරන කෑම - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනකොට ආධාර ලෝභය පැතිරිලා තිබුණෙ ජනතාව අතර.
  • පොළවෙ පස් පෑගෙන්නෙ නැති තරම් අග නාගරික ජීවිත ගතකරන මිනිසුන්ට පොළවෙන් කන්න බැරි බව ඇත්ත.
  • ළමයි ඉස්කෝලෙ ආපු ගමන් කෑම කන්න දෙනවා නම් හරි.
  • ඒ වුණාට ඉන්ටවල් දෙන්නෙ දවල් 11ට විතර.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙනකොට ආධාර ලෝභය පැතිරිලා තිබුණෙ ජනතාව අතර.

අපිත් එක්ක කතාකරපු එක ගෑනු කෙනෙක් අඬ අඬ කිව්වා මහත්තයා ක්‍රීම් ක්‍රැකර් කන්න කැමති නැහැ, ඒ වුණාට අද උදේට ක්‍රීම් ක්‍රැකරුත් කෑවාය කියලා.

මේ වෙනකොට අරාජිකවාදී ධාරාවේ ප්‍රධාන මාධ්‍යය වන සිරස බත් මුට්ටි වීඩියෝ කරමින් විකාශය කරන්නට පටන් අරන්. කාලා ඉවර වෙලා හෝදන්න වතුර දාලා තියෙන බත් මුට්ටියකුත් ඊයෙ පෙන්නුවා, බලන්න මේ බත්මුට්ටිවලට වෙලා තියෙන දේ කියලා. එහෙමට මන්දපෝෂණ පෙනුමක් නැති ළමයි වරකා කනවා, ජෑම් ගෙඩි කනවා එහෙමත් පෙන්නනවා.

 

වරකා, ජෑම් ගෙඩි, පොල්, පොල්මද වගේ සිරසෙන් හා අරගලෙන් කිච කර දමන කෑම ඉතා පෝෂ්‍යදායී ආහාර. ලංකාවේ එවැනි ආහාර ඉතා සුලබයි. ගම්වල නම් පොඩ්ඩක් මහන්සි වෙනවා නම් මෙවැනි ආහාර ඕනෑ තරම් සොයාගත හැකියි.

 

කොස්ඇට, සිය ගණනක් පළා වර්ග, වෙල් මාළු, වැව් මාළු, ගඩාගෙඩි වගේම මාතලීගෙ වාහනේ, දුවන පුහුල්, ගස් ගෝන්නු වගේ ජාති ගම්වල තවමත් අපතේ යනවා. ටිකක් මහන්සි වෙන්නයි ඕනැ. නිකම්ම පිඟානට වැටෙන්නෙ නැහැ. ටිකක් මහන්සි වුණොත්, අඩු වියදමකින් කොළ කැඳ වගේ පෝෂ්‍යදායී ආහාර හදාගන්න පුළුවන්.

ඉස්සර මිනිසුන් ආහාරයට ගත්ත, බෙල්ලන්, උරගයන් වගේ ආහාරවලට නැවත හුරුවෙන්නට පුළුවන්. අලුත් ආහාර වුණත් සොයාගන්න පුළුවන්. බඩගින්නෙ මැරෙන්න ඕනැ නැහැ. (දැන් අහන්න එපා නගරවල අය මොනවද කරන්නෙ කියලා. පොළවෙ පස් පෑගෙන්නෙ නැති තරම් අග නාගරික ජීවිත ගතකරන මිනිසුන්ට පොළවෙන් කන්න බැරි බව ඇත්ත. ඒ අය හොයන්නට ඕනැ කෑම හම්බ කරගත හැකි වැඩ හා සාධාරණ වැටුප්.)

SRI LANKA 1001 Bambini
මන්දපෝෂණයට ප්‍රධාන හේතුවක් වෙන්නෙ මිනිසුන්ගෙ නූගත්කම හා නොසැලකිල්ල. ලංකාවෙ පාසල් ළමයින්ට කන්න නැති ප්‍රශ්නයකට වඩා තියෙන්නෙ වැරදි ආහාර පුරුදු.


බොහෝ වෙලාවට ළමයින්ගෙ නූගත් මව්පියන් දරුවන්ගෙ පෝෂණය ගැන දන්නෙ නැහැ. උදේට කාලා එන්න වෙලාව නැතිකමත් තියෙනවා. ළමයි ඉස්කෝලෙ ආපු ගමන් කෑම කන්න දෙනවා නම් හරි. ඒ වුණාට ඉන්ටවල් දෙන්නෙ දවල් 11ට විතර. උදය රැස්වීමේදී ළමයින් කලන්තෙ දාලා වැටෙන්නට හේතු රැසක් තියෙනවා. මූලිකවම උදය රැස්වීම දීර්ඝ වෙලාවක් පවත්වන්නේ නැතුව ඉන්න පුළුවන්, ළමයින්ට ආදරේ නම්.

මුදල් තියෙන මිනිසුන් පවා මිල අධික, පෝෂණය අඩු, රසකාරක සහිත, ඇබ්බැහි කරනසුලු පීසා, රෝල්ස්, පැටිස්, කට්ලට්ස්, වඩේ, කොත්තු, ආප්ප, ෆ්‍රයිඩ් රයිස්, ක්ෂනික නූඩ්ල්ස්, කිරිපිටි, අයිස්ක්‍රීම්, චොකලට්, පැණිබීම වැනි ආහාරවලට ඇබ්බැහි වෙලා. පෝෂණ ගැටලු ඇතිවෙන්නට ඒවාත් හේතු වෙනවා.

ඒ විතරක් නෙමෙයි එමගින් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගත් දිරිගැන්වෙනවා.

 

මහින්දයි, හාමුදුරුවරුයි එකතු වෙලා හරක් මස් තහනම් කරපු එක ඉතාම බරපතල වරදක්. වහාම ඒක නිවැරදි කරන්නට ඕනැ. ඔය මීඩියා උකුස්සන්, මීඩියා සීඅයිඩීකාරයන්ට කුදගහගන්න කියලා ආහාර සඳහා දඩයම් කරන මිනිසුන් පස්සෙන් පොලිසිය එළවන්නේ නැතුව ඉන්න ඕනැ.

 

පර්ල් එස්. බක්ගේ සරුබිම නවකතාවේ වං ලුං ගොවියා සාගත කාලෙ කන්න කිසිම කොළ පාට තණකොළයක්වත් නැතුව අන්තිමට කුඹුරේ පස් කාලා රැකෙනවා. පොත් කියන්නෙ ‘විකුණන්නයි කියවන්නයි පොළටයි ආවේ’ වර්ගයේ බුක්ෆෙයා වැඩක් විතරක් නෙමෙයි. ලියන මහත්තුරු කරන්නෙ බිස්නස් එකක් වුණාට සල්ලි දීලා අරන් කියවන අයට ඒවායින් දැනුමක් ලබාගත හැකියි.

ලංකාව ගතකරමින් ඉන්නෙ ඉතාම දුෂ්කර කාලයක්. මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් අපි හැමෝටම සැබෑ ජීවන අරගලයක් කරන්නට සිදුවෙනවා. දේශපාලකයන් විතරක් හොරකම් කරපු නිසා තමයි රටට මෙහෙම වුණේ, උන් හොරාකාපු සල්ලි අරගෙන රට සුඛිත මුදිත කරන්නට පුළුවන් ආදී වශයෙන් පට්ටපල් කෙබර දෙසාබාමින් ජනතාව රවටා ජනරජය විනාශ කර, රාජ්‍යය බිඳ දමා අරාජිකත්වය ඔස්සේ, ප්‍රධාන ධාරාවෙන් ඉවතට විසිවුණ ලාංකිකයන් සහ ඩයස්පෝරා හා බටහිර විවිධ බලවේගවල ආධාරයෙන් බලය ගැනීමට වෙර දරන අරාජිකවාදී බලවේගයට අහුවෙන්න එපා.

 

ඇත්ත ගැන විමසිලිමත් වෙන්න. බල අරගල කරන අයට ඒක කරගන්නට හරින්න. අනෙක් අය මේ අර්බුදයෙදි තමන්ගෙ ජීවිත රැකගන්න එක ගැන හිතන්න. ඒ වෙනුවෙන් වැඩ කළොත් රටත් බේරගන්න පුළුවන්. මිනිසුන්ගෙ බඩගින්න කියන්නෙ නිවන්නට උපකාර කළ යුතු, ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දැනුම ලබාදිය යුතු දෙයක් මිස දේශපාලන වාසි සඳහා සහ බලය ලබාගැනීම සඳහා පාවිච්චි නොකළ යුතු දෙයක්.

 

මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...