The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනතාව නොපවතීද? - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

September 29, 2022 • 3:43 AM

 ජනතාව නොපවතීද? - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “දෙවියන්වහන්සේ විවේචනය කළ නොහැකිය” යනුවෙන් කියන නිර්මාල් මෙහිදී ගන්නේ බයිබලයේ සහ කුරානයේ එන “සර්වබලධාරී” මැවුම්කාර විනිශ්චයකාර සහ පුද්ගලිකව මනුෂ්‍ය ජීවිතවලට බලපෑම් කරන දෙවියා විය යුතුය.
  • “සර්වබලධාරී” යනුවෙන් නිර්මාල් විසින්ම අර්ථ දක්වා, එමනිසා එම දෙවියා “විවේචනය කළ නොහැකිය” යනුවෙන් කීම begging the question වර්ගයේ චක්‍රීය ප්‍රකාශයකි.
  • එනම් තර්කයේ නිගමනය එහි පදනමට කලින්ම ඔබ්බවා තිබේ.
  • පරමාධිපත්‍යය වනාහි "කිසියම් වස්තුවකට ඇති නිශ්චිත අයිතිය සහ එම වස්තුව පාලනය කිරීමේ බලය" ලෙස අර්ථ දැක්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

“දෙවියන්වහන්සේ විවේචනය කළ නොහැකිය” යනුවෙන් කියන නිර්මාල් මෙහිදී ගන්නේ බයිබලයේ සහ කුරානයේ එන “සර්වබලධාරී” මැවුම්කාර විනිශ්චයකාර සහ පුද්ගලිකව මනුෂ්‍ය ජීවිතවලට බලපෑම් කරන දෙවියා විය යුතුය. මන්ද “විවේචනය කළ නොහැකි” වන්නේ එම වර්ගයේ දෙවියෙකු පමණක් බැවිනි. (ඒ අනුව දෙවියන් පිළිබඳ වෙනත් නිර්වචන මෙහිදී අදාළ නොවේ.)


නමුත් මෙය තර්කන ආභාසයකි. “සර්වබලධාරී” යනුවෙන් නිර්මාල් විසින්ම අර්ථ දක්වා, එමනිසා එම දෙවියා “විවේචනය කළ නොහැකිය” යනුවෙන් කීම begging the question වර්ගයේ චක්‍රීය ප්‍රකාශයකි. එනම් තර්කයේ නිගමනය එහි පදනමට කලින්ම ඔබ්බවා තිබේ. නමුත් මේ සංවාදය වෙනුවෙන් අපි එම තර්කන වරදට ඉඩ දී තව ටිකක් යමු.

“ජනතාව” සහ “ස. දෙවියා” සමාන කළ හැකිද? මෙහිදී නිර්මාල් උපයෝගී කරගන්නේ Sovereignty පිළිබඳ අදහසයි. එයට ආසන්නතම සිංහල වචනය පරමාධිපත්‍යය යන්නයි. පරමාධිපත්‍යය වනාහි "කිසියම් වස්තුවකට ඇති නිශ්චිත අයිතිය සහ එම වස්තුව පාලනය කිරීමේ බලය" ලෙස අර්ථ දැක්විය හැකිය. පීටර් ඩි. අල්මේදා ඔල්මාද දොඩවන්නේ ඒ පරමාධිපත්‍යය ගැනයි.

Namal 2022.0929                                       නිර්මාල් රන්ජිත් - පීටර් ඩි. අල්මේදා


ලෝකය මැවූ ස. දෙවියාට ඒ මැවුමේ පරම අයිතිය හිමි වේය යන පදනම මතත් ඒ මැවුම් තමන්ට කැමැති පරිද්දෙන් පාලනය කළ හැකි වේය යන ද්විතියික පදනම මතත් ලෝකයේ පරමාධිපත්‍යය හිමිවන්නේ ස. දෙවියාට බව ඒක දේවවාදීන් විසින් විශ්වාස කෙරේ. පාප්වහන්සේට දෙන්නේ ඒ දෙවියාගේ පරමාධිපත්‍යයේ ඒජන්සියකි. බ්‍රිතාන්‍ය රජුට හෝ රැජිණට දෙන්නෙත් ඒ දෙවියාගේ පරමාධිපත්‍යයේ ඒජන්සියකි. කාදිනල් වැන්නවුන් මෙරට දේශපාලනයට අවසාන තීන්දු දෙන්නේ එම දේව ආධිපත්‍යය ඒජන්සිය පිළිබඳ උඩඟු දෘෂ්ටියෙනි.

නමුත් ස. දෙවියෙකු නැත. අඩුම තරමින් එවැන්නෙකු සඳහා කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හෝ නොමැත. පුද්ගලික රෙවලේෂන් අපට පිළිගත නොහැකි නිසා අදාළ නැත. Sorry not sorry. එමනිසා ඉහත සංකල්පයම අවිද්‍යාත්මක අතාර්කික ප්‍රලාපයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සංවාදය සඳහා එය නොසලකා ඉදිරියට යමු.

ශ්‍රී ලංකාව ලෙස නූතනයේ හඳුන්වන භූමිය සහ එහි සියලු වස්තූන්වල පරමාධිපත්‍යය 1972 සිට තිබෙන්නේ එහි "ජනතාව" වෙතය. ශ්‍රී ලංකාව "ජනරජයක්" හෙවත් ජනතා රාජ්‍යයක් වෙන්නේ ඒ අනුවය. ඒ බව ලියා තිබෙන්නේ ආණ්ඩුක්‍රම "ව්‍යවස්ථාවේය". නිර්මාල් විසින් ජනතාව සහ ස. දෙවියා සමාන කරන්නේ ඒ දෙකටම පරමාධිපත්‍ය හිමිව තිබීම යන පදනමේ සිට විය හැකිය.



නමුත් එය තර්කන ආභාසයකි. ස. දෙවියා යනු කිසිදු සාක්ෂියක් නැති මිත්‍යා විශ්වාසයකි. නමුත් “ජනතාව” යනු එවැනි දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ ජනතාව නිශ්චිතව මැන බැලිය හැකි දෙයකි. ජනතාව යනු සැබැවින්ම නොපවතින කිසියම් ඇබ්ස්ට්‍රැක්ට් අදහසක් නොවේ. උදාහරණයක් ලෙස වරණයකදී ඡන්දය දෙන ජනතාවක් සැබැවින්ම සිටී. එය ගණන් කර බැලිය හැකිය. එබැවින් ස. දෙවියා සහ ජනතාව සමාන කිරීම false equivalence වර්ගයේ තර්කන වරදකි.



මේ අනුව ස. දෙවියා සහ ජනතාව සමාන කිරීමට නිර්මාල් දරන උත්සාහය අතාර්කිකව බිඳ වැටේ. එමෙන්ම ඔහුගේ ප්‍රකාශයට අදාළව මතුවන තවත් ගැටලු තිබේ. උදාහරණයක් ලෙස “පරමාධිපත්‍යය ජනතාව සතු වන්නේය” යනුවෙන් පනවා තිබෙන්නේ ව්‍යවස්ථාවේය. ඔහු කියන “ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විට” ඉහත පදනම උල්ලංඝනය වේ. එවිට පරමාධිපත්‍යය ජනතාව සතු නොවේ. නිර්මාල්ගේ ප්‍රකාශය ඒ අනුව “ස්වයං පරාජිත” විහිළුවක් බවට පත්වේ.

නිර්මාල් උත්සාහ ගන්නේ අරගලයට සම්බන්ධ වූ ලක්ෂ පහකට නොවැඩි සුළුතරයක් ත්‍රාඩයන් විසින් කළ ජනරජවිරෝධී ප්‍රජාතන්ත්‍රවිරෝධී සදාචාරවිරෝධී අපරාධය සිය අතාර්කික ප්‍රකාශයන්ගෙන් වසා දැමීමටයි. ඔහු එය කරන්නට හදන්නේ “ජනතාව” යනු ස. දෙවියා වැනි “සැබැවින්ම නොපවතින දෙයක්” බවට ඒත්තු ගැන්වීමෙනි. එය අර ඇන්ඩර්සන්ගේ “ඉමැජින්ඩ් කොමියුනිටි” වැනි පදනමක සිට කරන්නක් විය හැකිය.

පරමාධිපත්‍යය ජනතාව සතු කරන්නේ කවුද? කියා කිසිවෙකුට ඇසීමට හැකිය. එය කරන්නේ ජනතාවමය. එය කිසිවෙකු දෙන වරමක් නොවේ. එය කිසිවෙකුගෙන් කිසිවෙකුට දෙන දෙයකුත් නොවේ. 1970 මහමැතිවරණයෙදී අතිශය බහුතරයක් මෙරට වැසියන් ඡන්දය දෙන්නේ පරමාධිපත්‍යය ජනතාව සතු කිරීම සඳහාය. එය මෙරට වැසියන් බහුතරයක් ඡන්දය දී සම්මත කරගත් එකඟතාවයකි.

නිර්මාල්ට එය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඊළඟ මහමැතිවරණයේදී එසේ කරන බවට ප්‍රකාශ කර ජනතාවගෙන් ඡන්දය ඉල්ලා බලන්න.


ධර්මය අපට මග වේවා !

eranda

 

 

 

 

 

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com
 
2022 සැප්තැම්බර් 28

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනතාව නොපවතීද? - (එරන්ද ගිනිගේ) | The Leader