The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දරුවන් කෙරෙහි වන මායා-නින්දෙන් අවදි වෙන්න - (අරවින්ද හෙට්ටිආරච්චි)

T

The Leader Desk

October 1, 2022 • 9:57 AM

 දරුවන් කෙරෙහි වන මායා-නින්දෙන් අවදි වෙන්න - (අරවින්ද හෙට්ටිආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ පොත මම එෆ්බී බිත්තියේ දමන්නේ පොත විකුණ ගන්න වෙළඳ අරමුණකින් නෙවෙයි.
  • මේ පොත නම් මගේ මිතුරෙක් මුද්‍රණ ප්‍රකාශයට පත් කළ එකක්.
  • ඇත්තට ම අවංකව වැදගත් වෙන්නේ එක කරුණක් විතරයි.
  • අවම ලෙස කිව්වොත් අපේ තාත්තල අම්මල අපිව ළමයි විදිහට ඇසුරු කරපු විදිහෙන් ඉගෙනගත්තු මුල් පාඩම්වලින් අපි ගැලවෙන්නෙ කොහොමද කියන එක.
අකුරු ප්‍රමාණය (Font Size):
මේ පොත මම එෆ්බී බිත්තියේ දමන්නේ පොත විකුණ ගන්න වෙළඳ අරමුණකින් නෙවෙයි. මොකද මේ පොතෙන් මට කියා කොපියක්වත් මම ළඟ තියාගෙන නැහැ. මම ලියපු මොන මොන පොතත් ඔය මල ඉලව් පොත්WhatsApp Image 2022 10 01 at 1.57.01 PM ප්‍රදර්ශනේ විකිනෙනවද කියලවත් මං දන්නේත් නැහැ. මේක දෙවෙනි මුද්‍රණය කියල නම් දන්නව. මේ පොත නම් මගේ මිතුරෙක් මුද්‍රණ ප්‍රකාශයට පත් කළ එකක්. ඉතිං කොහොමත් මං පස්සෙන් පන්නං යන්නෙ නැහැ සල්ලි ඉල්ලන්න. අනික ලියල ඉවර කරපු එකක් ගැන ආයෙ මතක් කරමින් ගණිත මිනිත බලන එක හෝ ඒ සංදර්භය ගැන නැවත කතාබහ කිරීම හෝ මහ වදයක්. අලූත් සංදර්භයක් සමරන්න තියෙන වර්තමාන මොහොත අහිමිකර ගැනීමක්

මේ පොත දාන්න නිමිත්ත වුණේ, ඒෆ්බී පිටු අතර මං දන් නොදන්න මිතුරු මිතුරියන් තම තමන් ජීවත්වන කතන්දර ලෝකවල ඉඳං ලෝක ළමා දිනයට විතරක් ළමයි ගැන කතා කරනව වගේ ඉවක් ආපු හින්දයි.

මගේ කල්පනාවෙ හැටියට හැම එකට ම ලෝක දිනයක් වෙන් කිරීම එක්තරා අකාරයට සිස්ටම් එකේ කපටිටමක් සහ ට්‍රික් එකක්. ඒ අදාළ දිනය ඉවර වුන ගමං අදාළ සැබෑ වාද-විෂය අවුරුද්දක් පුරා මුළුමනින් යට යනව.

ඒත් ළමුන්ගේ වාද-විෂය දිනපතා වාද-විෂයක්.


මේ වගේ රටක නම්, ළමුන්ට හැදෙන්න කියන දෙමාපියන්ගේ මනෝලිංගික අබාදිත තත්වයන් කවුරුත් ගාණකට ගන්නේ නැහැ. ඇත්තට ම අවංකව වැදගත් වෙන්නේ එක කරුණක් විතරයි. ඒක නම් අපි කොච්චර ළමුන් හදන එක ගැන පොර ටොක් දුන්නත්, ළමා සංවර්ධනය සහ ළමා නිදහස සහ ළමා මානව අයිතිවාසිකම් ගැන පත පොත කියවා කොච්චර දැනුම වගා කරගෙන හිටියත්, ප්‍රායෝගික ජීවිතේ ළමයෙක් එක්ක ජීවත් වෙන්න ගියහම අපි කාටත් අපේ ජන්ම ගති එළියට එන එකෙන් මිදෙන්න පුළුන්ද?, අසීරුද?, නැත්තං තවම අරගල කරනවද? කියන ජෙනුයින් ඩිස්කෝස් එකයි.

අවම ලෙස කිව්වොත් අපේ තාත්තල අම්මල අපිව ළමයි විදිහට ඇසුරු කරපු විදිහෙන් ඉගෙනගත්තු මුල් පාඩම්වලින් අපි ගැලවෙන්නෙ කොහොමද කියන එක.

මොකද ඒ පාඩම අපේ සවිඥානයේ ඉඳන් උපවිඥානය හරහා අවිඥානයට ගිහින් ඉවර නිසා. ඒ නිසා අපි දරුවන් ඇසුරුකරද්දී හෝ පහසුකම්සලසද්දී අපි ක්‍රියා  කරන ආකාර දෙකක් තියෙනව.


1. එකක් දැනගෙන එසේ කිරීම.

2. නොදැන එසේ කිරීම.


අපි දරුවන් හැදීම සඳහා අමතක නොවන ඔළුවෙ සීල් තිබ්බා වගේ පාඩම ඉගෙන ගන්නෙ වැඩිහිටිවියේදී නෙවෙයි. ළමා වියේදී යි. ඒ අපේ අම්මල තාත්තලා සහ නෑදෑයෝ අපිව හදපු විදිහ බලන් ඉඳලා. ඊට පස්සේ අපි වැඩිහිටිවෙලා කොච්චර දියුණු විද්‍යාත්මක දැනුමක් වගා කරගත්තත්, අර කුඩා කළ මුද්‍රාව අතහැරගන්න බැහැ. ඒක සියුම් බරපතල අරගලයක්. ඒ හින්දා නොදැන කෙරෙන දේවල්වලදී අපි දරුවන්ට සලකන විදිහ ගැන අපි දන්නේ නැහැ. ඒක තමයි බරපතලම කාරණාව.

කුඩාකල අත්දැකීම් පැත්තක තියමුකෝ වැඩිහිටිවෙලා ගන්න අත්දැකීම්වලත් එහෙම නොදැන කරන කොටසක් හෙවත් අවිඥානික කොටසක් තියෙනවනේ.


සරසවිවල අකමැත්තෙන් නවක-වදයන්ට මුහුණ දුන්න උදවිය, තමන්ගේ වාරය ආපුවාහම කැමැත්තෙන් ඊළඟ පරපුරට නවක වදය දෙනවා. තමන් වින්ද දුකක් අනික් මිනිස්සු මත්තේ පටවන එක මානව අවිඥානයේ හෝ සහජාසයෙන් එන බලපෑමක්. ඉතිං එක ම දුෂ්ට චක්‍රය දිගට ම ක්‍රියාත්මක වෙනවා.


ඉතිං හොඳ දෙමාපියෙක් වෙලා ඉවරවුණු මාර වැඩිහිටියො ඉන්න රටක් නෙවෙයි මේක. අපි හැමෝම අපේ අතීත ළමා කාලයේ කුරුස කරේ තියාගෙන ඉන්න ගමන් දරුවන් පිළිබඳ ලෝක විද්‍යාත්මක දැනුමත් යොදාගන්න අරගල කරන අසරණ දෙමාපියන්. නැත්තන් මෙලෝ අරගලයක් නැතුව ඔහේ ස්වභාවිකව පැල යන අතට මැස්ස ගහන දෙමාපියෝ.

එහෙම නැතුව සමහර උදවිය තමන්ගේ දෙමාපියන් තමන්ට කරපු කියපු දේවල් ම කරමින් ලෝක ළමා දිනයේ විතරක් ෆැෂන් එකට දරුවන්ගේ අයිතීන් ගැන කතා කරනව නම් එකෙන් ඇති වැඩක් නැහැ. ඒකට වසරක ෆෝරමයක් උවමනයි. සමහරු අවුරුද්ද පුරා ම කතා කරනව, එත් ප්‍රායෝගිකව කරන්න ගියහම තමන්ගේ අතීත කුරුසයට අහුවෙලා කරන්නේ වෙනින් දෙයක්.

ඒ හින්ද දරුවන්ට විතරක් වෙනස් වෙන්න කීමෙන් වැඩක් නැහැ.

International Childrens Day 1
අනික් අතින් දරුවන්ට දරුවන්ගේ ප්‍රධාන සවිඥානික මිතුරා දෙමාපියන් වෙන ගමන් ම, අවිඥානික ලෝකයකදී දෙමිපියන් නොදැන දරුවන්ගේ හතුරන් වෙනවද කියන කාරණය තමයි සිහියට ගත යුත්තේ. ඒ කියන්නේ අපි නොදන්නා ලෝකයක අපි දරුවන්ගේ නිදහස්, ස්වාධීන, නිර්මාණශීලී ජීවිතයට ෂේප් එකේ ගේම දෙනව ද කියන එක.

එතකොට වැඩිහිටි දෙමාපියාගේ හිතට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. ”නිකං ම හිටියොත් හොඳට හිටී” වගේ මතවල එල්බගෙන අයෙමත් පුරුදු ක්‍රීඩාව ම කරන්න පුළුවන් නේ.


පවතින ලෝකය දරුවා හදපු එකක් නෙවෙයිනේ. පවතින ලෝකය ඔයාලා සහ ඔයාලගේ පෙර පුරපුරු හදපු ලෝකය. ඒ නිසා ඒකට වගකියන්න කියලා දරුවා මත්තේ ආධිපත්‍යය දසැරීම අසාධාරණයි. ලෝකයේ වැරැද්දට දරුවන් දැනුම්වත් කරනවා විනා ඒක දරුවන්ගේ වැරැද්දක් කොට සලකා විනය නීති පැනවීමෙන් වෙන්නේ මොකක්ද?


හොයල බලන්නකෝ කට්ටිය..

  මොකද දරුවන්ගේ ශාරීරික නොහැකියාව සහ මනසේ භාෂාමය තොරතුරු අඩුකම මත පදනම් වෙලා දෙමාපියන් තමන්ගේ ද්‍රෘෂ්ටිවාද ඔවුන් මත්තේ පටවන එකට විසඳුමක් මේ ඌන-සංවර්ධිත ලංකාවේ නැහැ. ඒ මනෝ-විශ්ලේශනික පැත්ත.

සමාජ-විද්‍යාත්මක පැත්ත ගත්තොත්, අපි ආර්ථිකය ඇතුළු අනෙක් හැම ක්ෂේත‍්‍රයකින්ම ඌන-සංවර්ධනය වූ රටක ඉන්න ඌන-සංවර්ධිත පුරවැසියෝ. ඒ නිසා ම ඌන-සංවර්ධිත දෙමාපියෝ. ඒ නිසා ම ඌන-සංවර්ධිත මතු පරපුරක් තනන්නෝ වන අමුතු ම දෙමාපියෝ.

ඒ නිසා ගොඩක් වෙලාවට මේ රටේ  බහුතර දෙමාපියන්ගේ ක්‍රියාවන් දිහා බැලූවහම පෙන්නේ, දරුවන් දැරියන් කියන්නේ හුරතල් කරන්නට සහ හුරතල් කරන ගමන් තමනුත් හුරතල්වෙලා තමන්ගේ ම ළමාවියට යන්නට පාවිච්චි කරන වස්තුන් (*. එහෙම නැතුව දරුවාගේ දවස දරුවාට අනුව විධිමත්ව විද්‍යානුකූලව ගෙවෙන දිනපතා සැලැස්මක් ගොඩක් දෙමාපියන්ට නැහැ.        
 
images                                                                                                          
එහෙම නෙවෙන මා ම දෙමාපියන් ඉන්නව නම් එයාලගෙ අදහස් පල කරන්න. මාත් කැමතියි එයාලගෙන් ඉගෙන ගන්න.
 

එහෙම නැතුව හැබෑ තත්වය අවංකව තේරුම් අරන්, දෙමාපියන් තමන්ගේ ළමාවිය අත්දැකීම් සහ විද්‍යාත්මක දැනුම අතර ආත්මික සහ ප්‍රායෝගික අරගලයක ඉන්නව නම්, ඒ ගැන තොරතුරු ඒෆ්බී පිටුවල දානව නම් තව දෙමව්පියෙකුට ඒක හොඳ ගයිඩි ලයින් එකක් වෙන්නේ. ඒ හරහා හැදෙන සංවාදයකින් තමයි අපි ඔක්කොමලා අනාගෙන ඉන්න මේ අවුලෙන් ගොඩ එන්න පුළුවන්.

ප්‍රංශය මේ වෙනකොට ආගම රාජ්‍යයෙන් ඉවත්වීමේ වසර සීය සමරලත් දශක දෙක තුනක් ගිහින්. ප්‍රංශ ජාතික රාජ්‍යයේ ”ද්රුව්ද් ද ලොන්ෆොන්” නමින් හඳුන්වන දරුවන්ගේ අයිතීන් අතරට, දරුවෙකුට තම දෙමාපියන් අතහැර වෙනත් දෙමාපියෙක් තෝරාගන්න උවමනා නම්, එය සිස්ටම් එකට දැනුවත් කළ හැකියි. එවිට මනෝ-විශ්ලේශනික හේතු සොයා බලා ඒ ළමා වෙනත් වර්ධිත දෙමාපියන් ගාවට යෑමට ක්‍රම -පද්ධතිය (සිස්ටම් එක) තීරණය කරනව.

අපේ සංස්කෘතිය අනුව  ඕක හරියන්නෑ කියනකොට ම, ඒක ඇතුළෙ දරුවාව අයිතිකරගැනීමේ අයිතියත් තියෙනව කියල දෙමාපියෝ හිතන්නේ නැහැ. දෙමාපියෝ හිතන්නේ තමන්ලා ගැන විතරයි. තමන් දන්නෙ නැති ජොබ් එකක් තියෙනව නම් ඒක දන්න කෙනෙකුට භාරදීමෙන් දරුවෙකුගේ මුළු ජීවිතයක් ම නිවැරදි මාවතකට හැරවිය හැකියි.

මගේ අම්මා වෛද්‍යවරියක් හින්ද මට ඉස්පිරිතාලෙ වාට්ටු ඇතුළෙ කරක් ගහන්න අවසරයක් තිබුණ. ඒ අතරින් මා සිත්ගත් තැනක් වූ මැටනිටි හෝම් එක ඇතුළෙ යම් කිසි අම්මා කෙනෙකුට අසනීප වෙලා තමා බිහිකල දරුවාට (තමන්ගේ දරුවාට නෙවෙයි) කිරි දෙන්න බැරි තත්වයක් උදා වුණොත්, ලඟ ඉන්න වෙනින් අම්ම කෙනෙකුට දෙනව කිරි දෙන්න. මොකද කිරිවල රසායනික සංයුතිය මොන අම්මගෙත් එකක්.
 
mg4fXM4 508x406
විප්ලවයෙන් පසුව රුසියාව සංවර්ධනය කරගන්නා මුල් අවදියෙදී ගැහැනුන්ට ද පිරිමින් සේ බොහෝ සේ වැඩකරන්නට සිදුවූ නිසාවෙන්, කිරිදෙන අම්මලා කිරි දොවා යන පොදු කිරි ටැංකි තිබුණ.  ඉතිං ඒකෙන් කිරි අරන් දරුවන්ට දුන්නා. කාගෙ කිරිද කතියල කවුරුවත් දන්නේ නැහැ. මොකද ස්වභාවධර්මය තුළ කිරිවල කාබනික රසායනය ලොවෙත් එකක්. ඒ නිසා කවුරු මොනව කිව්වත්, මොන වැඩවසම් දුර්වලකම් තිබුණත් ජාතියකට කිරිදුන් දියුණු අම්මලා හිටපු එකම රට රුසියාව.


මම නම් මාර ම වැඩිහිටියෙක් නෙවෙයි ! මට එදිනෙදා හෝ ඉඳහිට හෝ හමුවන හැම දරුවෙක් දැරියක් ඉදිරියේ සාධාරණ වැඩිහිටියෙක් වෙන්න අරගල කරන මනුස්සයෙක්. මොකද මගේ දෙමාපියොත් මේ රටේම නිෂ්පාදන නේ ඒ නිසා එයාල මාර ම හොඳ දෙමාපියෝවත් මාරම නරක දෙමාපියෝවත් නෙවෙයි. මම වැඩිහිටිවෙලා එයාල පිස්සු කෙලපු තැන් අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධ කරගත් පලියට ඒ සියල්ලෙන් ගැලවෙන්න මටත් මුළුමනින් පුළුවන් වෙලා කියල මම නම් හිතන්නේ නැහැ.

මේක තනිව ම පවුල ඇතුළෙ කරන්න පුළුවන් පුද්ගලික අරගලයක් නෙවෙයි. අනතුරු වලක්වාගන්න පොදුවේ කළ යුතු අරගලයක්. ඔයා වැඩිහිටියෙක් විදිහට ඔයාවත් දන්නේ නැතිව දරුවාගේ ඇතුළාන්තයේ කොච්චර තුවාල කරලද කියල හොයන්න!    

www.thevillage.be Parenting support

 ඕෂෝගේ මේ පොත කතා කරන්නේ දරුවන් හැදීමේ මනෝ-විශ්ලේෂනික අක්ෂය ගැන විතරයි.


දරුවන් හැදීමට ප්‍රාග්ධනය නොමැතිවීම කියන ආර්ථික අක්ෂයත් සාකච්චාවට ගත යුතුම අනික් අර්ධය. මොකද මූලික අවශ්‍යතාවත් නැති රටක මොන ළමා සංවර්ධනය ද?

මේ රටට ප්‍රාග්ධනය යහමින් තිබුණත් හරිහමං විද්‍යාත්මක සිස්ටම් එකක් නැතිනම් තරුවන් හැදීමේ ඇති ඵලයක් නැහැ. මේ වගේ කාලකණ්නි රටකට දරුවන් හැදීම, තමන්ට දරුවෙක් ඉන්නව කියල ලෝකෙට පෙන්වන්න තියෙන ආත්මාර්තය නිසා කරන සාපරාධී ක්‍රියාවක් නම්, ඒ ගැන දෙවරක් හිතන්න. ඔයාලගෙ ආතල්වලට උපද්වනු ලබන දරුවා පරිප්පු කන්න  ඕනි නැහැ.


(සංවාදයට විවෘත්තයි)

(අරවින්ද හෙට්ටිආරච්චි)
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක

indikaaravinda@gmail.com

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දරුවන් කෙරෙහි වන මායා-නින්දෙන් අවදි වෙන්න - (අරවින්ද හෙට්ටිආරච්චි) | The Leader