The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩයනා බය වුනේ කාටද? - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 5, 2022 • 4:12 PM

ඩයනා බය වුනේ කාටද? - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි.
  • කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.
  • ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි.
  • සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):



නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි.

කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.

මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ඩයනාගේ සැඟවුනු කුහක සදාචාරය එලියට පැන්නේ මෑතක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එතනදි ඇයට කවුරුන් හෝ විසින් ඇය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කළා යැයි චෝදනා කිරීමක් සම්බන්ධයෙන් කරුණු පළ කරනවා.

ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි.

සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ.



ගණිකා වෘත්තිය නීතිගත කිරීම මේ රටේ සෞඛ්‍යාරක්ෂාව සහ මිනිස් ආරක්ෂාව යන අංශ දෙකෙන්ම වැදගත් කාරණයක්. එමගින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට හැකිවන අතරම සමාජ බෝවීමේ අවදානම අවම කරන ක්‍රියාවලීන් නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකිවෙනවා.



ඒ වගේම විවිධ කාරණා නිසා ලොව පැරණිතම වෘත්තියක් වන ගණිකා වෘත්තියට යොමුවන කාන්තාවන්ට නීතිමය ආකාරයෙන් ආරක්ෂාව සැලසිය හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ව ඇසුරු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඒක හේතු වෙනවා. එය ලංකාවේ රජයක් විසින් ක්‍රියාවට නැංවිය හැකි මානුෂිකම වෙනස්කම හැටියෙන් අපි විශ්වාස කරනවා.

ඒ වගේම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මේක ආර්තික ව‍ශයෙන් බලපානවා. ඕනම රටකට ගිය කෙනෙක් ඒ රටට ආවේණික ආහාර මෙන්ම ලිංගිකත්වය රසය විඳිය යුතු බවයි අපේ විශ්වාසය.

රටක් විඳිනවා කියන්නෙ එබඳු ඉන්ද්‍රියමය විඳීමකට.

thaiතායිලන්තයට ගිය කෙනෙක් දන්නවා මේ ලිංගික නිදහස කොයිතරම් ආකර්ශනීයද කියන වග.



පාරාදීසය යැයි විරුදාවලී ලත් අපේ රට පාරාදීසයකට අවශ්‍යම වූ මත්වීමේ සහ ලිංගිකව හැසිරීමේ නිදහසින් සීමා වී තිබීම ඇත්තටම ඛේදජනකයි.

ඒත් ඩයනා කියන්නේ තමන් එවැන්නක් නොකී බවයි. තමා පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් පිළිපැදිය යුතු නීති ගැන බවයි.



වක්‍රාකාරයෙන් ඇය සමාජයට කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් ඇය පෙනී නොසිටින බවයි. කංසා නීතිගත කරන්න බය නැති ඩයනා ගණිකා වෘත්තිය නීතිගත කරන්න බය වෙන්නෙ ඇයි?



ඒක තමයි අපේ මුග්ධ වූ සදාචාරයේ ස්වරූපය. එක විටෙක මහා ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අය තවත් විටෙක ඊට සමාන්තරවම මේ මුග්ධ සදාචාරය රකින්නට පෙනී ඉන්නවා. එයින් බයට පත්වෙනවා. අපවාදයෙන් සැලෙනවා.

 ගැහැණියක් විදිහට මිනිස් නිදහස පිළිබඳ ගැඹුරු අදහසකින් මේ ඩයනා කංසා වෙනුවෙන් පෙනී සිටියා නම් එයා මෙහෙම කතාවක් කියයි.

‘ඔව් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන තමයි. ඒත් මං එහෙම දෙයක් ප්‍රකාශ නොකළ වග කියන්න ඕන. කවුරු හරි ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ කාන්තාවන් වෙනුවෙන් මං ඒ සටනට සහයෝගය දෙනවා’’

ඒත් ඩයනා මේ චෝදනාවෙන් කෝපයට පත්වෙනවා. එයා අපි නොදන්නා කවුරුන් හෝ තවත් කාන්තාවන් පිරිසකට බැන වදිනවා.

ඒ බැනවැදීම ඇතුලෙ ඇගේ අතිශය නොදියුණු සංස්කෘතික කලාපයක් එලියට පනිනවා.‘කොළඹ හතේ නෝනලා…’ කියමින් බැන වැදීම ආරම්භ කරන ඇය කියන්නේ මේ නෝනලා විසින් යතුරු පාර්ටි දමන බවයි.

 

 

 පළමුවෙන්ම ඇය කාන්තාවක් විදිහට තවත් කාන්තාවකගේ හෝ පිරිසකගේ ලිංගික කාරණයක් ඉදිරියට දමමින් ඔවුන්ගේ සදාචාරය ප්‍රශ්න කරනවා. එය කාන්තාවක් හැටියට ඉතා පහත් ක්‍රියාවක්.



ඒ වගේම කවුරුන් හෝ යතුරු පාර්ටි දැමීම අපකීර්තියක් වෙන්නෙ කොහොමද? යතුරු පාර්ටි හෙවත් කී පාර්ටීස් හැටියෙන් හඳුන්වන ස්වින්ගින් සාද ( පෙම්වතුන් පෙම්වතියන් ජෝඩු වශයෙන් මාරු වෙමින් අනුරාගය විඳින සාදයන්) ඉතා දියුණු සංස්කෘතියක්. තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් සමග හාද වුනා යැයි කියමින් මිනි මරාගන්නා සමාජයකට විවෘත ආදරයක රසයක් එකතු කිරීමක්.


ඩයනා මෙතනදී කරන්නේ ඒක අපවාදයක් හැටියෙන් ඉලක්ක කිරීමයි. එතනදි නිරුවත් වෙන්නෙ සාද පැවැත්වූ අය නෙමෙයි ඩයනාගේ නොදියුණුකමයි.

ඒ වගේම කොළඹ හතේ යැයි කියමින් මේ ආඩපාලිය මතුකිරීම හරහා ඇගේ අවලස්සන පංති හීනමානයක්ද ඉස්සරහට පනින වග කියන්න ඕන.

නොදියුණු, කුහක සංස්කෘතියක් දරමින් කංසා නිදහස වෙනුවෙන් ඇය පෙනී සිටින විට කංසා සංස්කෘතිය ගැන ඩයනා දන්නේ මොනවාදැයි හිතෙන එක වරදක් නෙමෙයි.



මළ කඳන් එකට ගැටගැසූ පරිද්දෙන් ගතවන බහුතර ගැහැණු පිරිමි සම්බන්ධතාවලට වඩා කී-පාර්ටි පෙම්වතුන් ජීවිතය රස විඳින්නෝයි. ඒ අය අලුත් අත්දැකීම් සොයා යන්නෝයි. සමාජයෙන් පැනවූ සදාචාර නීති නොතකා තමන්ගේම ශෘංගාර සංස්කෘතියක් තනාගත්තෝයි.



කංසා නිදහස අයිති ඒ වගේ මිනිස්සුන්ට.

නම ලන්ඩන් වුනාට හැම ඩයනා තාම වැඩවසම්ය.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com


(උපුටා ගැනීම - facultyofsex.com)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...