The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලයේ පරාජිතයෝ - එරන්ද ගිනිගේ

T

The Leader Desk

October 6, 2022 • 5:24 PM

අරගලයේ පරාජිතයෝ - එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඔහුගේ කීම අසා පාරට පැමිණි දහස් ගණන් තරුණයන් අද සිරබත් කමින් සිටී.
  • රුපියල පා කරගැනීමට සටන් කළ අපනයනකරුවන්ගේ ආදායම් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
  • සිදුව ඇත්තේ ඔවුන් හැමදාම කරගන්නට තැත් කළ ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක වීමයි.
  • අලාභය වෙන්නේ තමන්ගේ මහන්සියෙන් කුඩා ව්‍යාපාරයක් කරගෙන නැගිටින්න උත්සාහ කළ තරුණයාටය.
අකුරු ප්‍රමාණය (Font Size):



නමුත් ඔහුගේ කීම අසා පාරට පැමිණි දහස් ගණන් තරුණයන් අද සිරබත් කමින් සිටී. පොදු දේපළ විනාශයට ත්‍රස්තවාදයට ප්‍රචණ්ඩත්වයට සාහසිකත්වයට තමන්ගේ අහිංසක පියාගේ සහ මවගේ නම් පවා පොලිස් පොතේ ලියවාගෙන තිබේ.

අරගලයේ තරුණයන්ට මොනවාද ලැබුණේ ?

අරගලයට තරුණයන් කැඳවූ දමිතා අබේරත්න සුපිරි බෙන්ස් එකේ ගොස් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ දෙකට නැමී තොඳොල් වෙයි.

රැට්ටාගේ ගිණුමට කෝටි ගණන් මුදල් වැටී තිබේ.

සනත් ජයසූරියට පිටරට ගොස් සැප ගන්නට ආණ්ඩුවේ තනතුරක් ලැබී තිබේ.

ජාතික ජනබලවේගයේ චතුරංග අබේසිංහ කාලා වැඩිවෙලා තෙල බස්සන්න ජිම් එකට ගොස් සෙල්ෆි ගසා ෆේස්බුක් දමයි.

අරගල නායකයන් දැන් ලහි ලහියේ ලැහැස්ති වෙන්නේ ඊළඟ මැතිවරණයෙන් ඡන්දය ඉල්ලීමටයි. නමුත් අරගල කළ සාමාන්‍ය තරුණයන්ගේ ජීවිත කාලකණ්ණි වී තිබේ.

dgfsdfjpg

අරගල කරන්න තරුණයන් කැඳවූ සංජීව වීරවර්ණ වැනි කොළඹ ධනපතියන් අද ප්‍රකෝටිපතියන් වී තිබේ.

රුපියල පා කරගැනීමට සටන් කළ අපනයනකරුවන්ගේ ආදායම් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

නමුත් ගමේ තරුණයාට ජීවන වියදම දරාගත නොහැකි වී තිබේ.

බදු අඩු කිරීම වැරදිය කියා මොර දුන් මහාපරිමාණ ව්‍යාපාරිකයන් බදු නොගෙවා වැඩි මිලට භාණ්ඩ විකුණා තව තවත් ලාභ ලබයි.

බදු බර අන්තිමට දරන්නේ පොඩියට ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න හදන ව්‍යවසායකයාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ළඟ ලංකාව බෙල්ලෙන් අල්ලා දණ ගැස්වූ හර්ෂ ද සිල්වා, රසික ජයකොඩි, ධනනාත් ප්‍රනාන්දු, රොහාන් සමරජීව වැන්නවුන් අද මහත් සතුටින් සිටී.

නමුත් එයින් රටේ ආර්ථික අර්බුදය විසඳී නොමැත.

සිදුව ඇත්තේ ඔවුන් හැමදාම කරගන්නට තැත් කළ ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක වීමයි.

එයින් වාසිය ලැබෙන්නේ මෙරට ප්‍රභූ ධනවතුන්ට මිස රටේ සාමාන්‍ය තරුණයන්ට නොවේ.

පුබුදු ජාගොඩ, එරංග ගුණසේකර, දුමින්ද නාගමුව ආදීන් සටන් කර තිබෙන්නේ මෙරට ඉතිරිව තිබුණු සමාජවාදී ආර්ථිකයත් නැත්තටම නැති කිරීමටයි. නමුත් ඔවුන්ට එයින් කිසිදු පාඩුවක් නැත. ඔවුන්ට කුට්ටිය ලැබේ.

 ඔවුන් වෙනදා මෙන් පොර ටෝක් දිදී තමන්ගේ දේශපාලනය කරමින් හවසට සෙට් වී සතුටු වෙයි.

පාඩුව වෙන්නේ රජයේ සේවකයන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ටය. අලාභය වෙන්නේ තමන්ගේ මහන්සියෙන් කුඩා ව්‍යාපාරයක් කරගෙන නැගිටින්න උත්සාහ කළ තරුණයාටය.

අරගලයට තරුණයන් කැඳවූ සංගීත් විජේසුරිය වැනි ඊනියා කලාකරුවන් අද ලෝකෙ වටේ ගොස් ෂෝ කරමින් තමන්ගේ ගිණුම්වලට ඩොලර් පුරවා ගනිමින් සිටී.

නමුත් ඔවුන්ගේ කීම අසා අරගල කර නීතිය අතට ගත් තරුණයන්ට අද යන එන මං නැති වී තිබේ.

එදා අත්පුඩි ගසා ප්‍රචණ්ඩත්වයට තරුණයන් පෙළඹවූ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥයන් අද එම තරුණයන් වෙනුවෙන් නොමිලේ පෙනී සිටින්නේ නැත.

“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියූ නිර්මාල් දේවසිරිට කිසිදු පාඩුවක් වී නැත.

අරගලයට බුරියානි දුන් කොළඹ මුස්ලිම් ව්‍යාපාරිකයන් අද තවත් පොහොසත් වී තිබේ. ඒ බුරියානි කන්නට කොළඹ පැමිණි ගමේ තරුණයන්ගේ ගොවි තාත්තාට තමන්ගේ වී ටික සාධාරණ මිලට විකුණාගන්න බැරි වී තිබේ.

හාල් මාෆියාව වෙනදා මෙන්ම යහමින් ක්‍රියාත්මක වේ.

පොහොර ආනයන සමාගම් වෙනදා මෙන්ම ආණ්ඩුවට පොහොර විකුණා කෝටි ප්‍රකෝටි ගණන් ලාභ උපයයි.

අස්වැන්න අඩු වෙනවා කියා ගොවියන් බිය වද්දා පොහොර සමාගම්වලට කඩේ ගිය නාමල් කරුණාරත්න අද සැපෙන් සිටී.

අස්වැන්න අඩු නම් වී මිල වැඩි විය යුතුය. සත්‍යය නම් අස්වැන්න අඩු වී නැත. මෙදා පාරත් රැවටී පැරදී තිබෙන්නේ ගොවියාය.

සියලු දේශපාලකයන් යහතින් සිටී. සැලසුම් සහගතව තෙල් පෝලිම් හැදූ ගම්මන්පිල හිමිජ්ජා සේ සිටී.

ආණ්ඩුව අස්ථාවර කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නට මග සකස් කළ විමල් වීරවංශ සුදනා මෙන් කතා කරයි.

පැය වරු ගණන් විදුලිය කැපීමට කඩාකප්පල්කාරී වැඩ කළ ඉංජිනේරුවන් අදටත් කොමිස් ගහයි. නමුත් විදුලි බිල වැඩි වී තිබෙන්නේ ජනතාවටය.

සියල්ල නිවැරදි කිරීමට අවංකව උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගොස් තිබේ.


ධර්මය අපට මග වේවා!


පසුසටහන :

මා හැමදාම ඉගැන්නුවේ සමාජ සහ පාරිසරික ගැටලු තිරසාරව විසඳමින් අනුන්ට අත නොපා හෙමීට හෙමීට තමන්ගේ මහන්සියෙන් දෙපයින් නැගී සිටීමට හැකි සමාජ ව්‍යවසායකයන් බිහි කිරීමටයි. 21 වන සියවසේ සමාජ පාරිසරික ගැටලුවලට සාර්ථකව ස්වාධීනව මුහුණ දෙන්න පුළුවන් තරුණ පරම්පරාවක් හදන්නයි “ඇත් පවුර” වැනි වැඩසටහන් මා සංවිධානය කළේ. නමුත් මා පැරදී ඇත. මාත් සමග මෙරට තරුණයන්ද පැරදී ඇත.

Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 6

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...