The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනවත් වසල පැළැන්තිය හා බදු - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 15, 2022 • 9:53 AM

 ධනවත් වසල පැළැන්තිය හා බදු - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය.
  • යහපාලන ආණ්ඩුව පැන්නීමට ඔවුන් කටයුතු කළේ ද ඍජු බදුවලින් ඇතිවූ බලපෑම නිසාය.
  • දැක්මක්, සංස්කෘතියක්, සදාචාරයක් නැති මේ වසල වෙළඳ හා කළමනාකාර පැළැන්තිය කිසිවකින් සතුටු වන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එය ස්ථාවර විසඳුමක් නොවේ. ආර්ථිකය දිගටම කඩාවැටේ. බංකොලොත්භාවයෙන් ගොඩඒමක් නැත. මොසැම්බික් වැනි රටවල වූයේ එයයි.



බදු වැඩිකිරීම බලපාන පිරිස ධනවත් සුළුතරයකි. ඒ අයට බදු කප්පාදු කර උපරිම සහන දුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ද උන් පහරදී පන්නා දැමූහ. දැන් රනිල් පන්නන්න ද ඔවුහු මුදල් විසිකරති. 2015-19 යහපාලන ආණ්ඩුව පැන්නීමට ඔවුන් කටයුතු කළේ ද ඍජු බදුවලින් ඇතිවූ බලපෑම නිසාය. ගෝඨාභය බදු කප්පාදු කළේ ඔවුන් සතුටු කරන්නටය. සතුටු වුණාද?


දැක්මක්, සංස්කෘතියක්, සදාචාරයක් නැති මේ වසල වෙළඳ හා කළමනාකාර පැළැන්තිය කිසිවකින් සතුටු වන්නේ නැත. සතුටු කරන්නට ද බැරිය. උන්ගෙන් හිතන තරම් බදු ගන්න⁣ට ද බැරිය. එකවුන්ට් වංගු ගසා හෝ නිලධාරීන්ට පගා දී ඒවා නොගෙවා සිටින හැටි උන් දන්නවාය.

හොරු අල්ලන පක්ෂවලට ද උන් සම්මාදම් දෙති. වැඩ සිදුවන්නේ එසේය.

ඔය වසල පැළැන්තිය සතුටු කර ආණ්ඩු කරන්නට යන කාටත් කන්නට වන්නේ ගෝඨාභය කාපු කෑමම තමාය. රනිල්ට ද කන්නට සිදුවිය හැකිය. රනිල් එය අවබෝධ කරගෙන තිබේද, ප්‍රශ්නයට මුහුණ දෙන්නට යන්නේ කෙසේදැයි අප දන්නේ නැත.

(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

AJITH PARAKUM



 

 

 

 

praja.lk

සබැඳි ලිපි
 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ධනවත් වසල පැළැන්තිය හා බදු - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader