The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද? -(මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 15, 2022 • 2:52 PM

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද? -(මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ වීඩියෝව දැක්ක ගමන් මතක් වුණේ රොහාන් පෙරේරා.
  • නිකම් සරල ශිෂ්ට දෙයක් වගේ පෙනුනට ලොකු දේශපාලනයක් මේ ඇතුලේ තියනවා.
  • ඒ ස්වභාවික වෙච්ච දේශපාලන ආර්ථිකය ඇතුලේ කොල්ල හඹා යනවා.
  • මේ අධිපති බල රටාව ඇතුලේ 'ඒයි....කොහෙද යන්නේ' කියල ආමන්ත්‍රණය කරන පිරිමියාව 'ස්වභාවික' වෙලා ඒකට යටත් වෙලා ආදරයද මොකක්ද කරන කෙල්ලොත් ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ වීඩියෝව දැක්ක ගමන් මතක් වුණේ රොහාන් පෙරේරා.

දැන් දශක තුනකටත් මත්තෙන් රොහාන් කියනවා මෙහෙම. 'ලංකාවේ පිරිමියාට අනාගතයක් ඕනි නම් ලාංකික ගැහැණිය වෙනස් කරගන්න' කියල. මතක තියාගන්න එයත් කියන්නේ වෙනස් කරගන්න කියල.

ඒ වීඩියෝවේ බයෙන් බයෙන් ඇකිලිලා මහපට ඇඟිල්ලෙන් පොළොව හාර හාර උත්තර දෙන ස්ත්‍රී ශරීරය සහ එහෙම බයේ ඉඳල අවස්ථාවක් ලැබුණම සුදු කහ සියලු පිරිමි උපන්දා සිට හම්බ කරපු සියල්ල එක රැයෙන් අන්තරස්දාන කළ තිළිණි ප්‍රියමාලි යන උදාහරණ දෙක සංසන්දනය කරපුවම රොහාන්ගේ ප්‍රවාදය තවමත් හරි කියල හිතුව.

ගර්භාෂයක් දරා සිටීමේ පව ද දන්නේ නැහැ ගැහැණියක් උපන්දා ඉදල පිරිමි සමාජය හදන්නේ එයාව වෙනස් කරන්න. දෙමව්පියෝ දැවැන්ත ගේමක් දෙනවා එයා වෙනස් කරන්න. පිරිමි දරුවා වෙනුවෙන් එහෙමම මහන්සි වෙන්නේ නැහැ. ඉස්කෝලේ ගියත් එහෙමයි. විශේෂයෙන් කොන්වන්ට් එකක්නම් කෙල්ල කෙල්ලක් විදියට 'හදන්න හදන' එකම තමයි කරන්නේ. ඊට පස්සේ පෙම්වතාගේ වද කරුමේ. මිනිහගේ වදේ. දරුවන්ගේ වදේ. මැරෙන කල් උන්ට ජිවිතයක් නැහැ පිරිමි ලෝකෙට ඕනි විදියට අඹන්න හදන එක‍ට හුරු වෙනවා තරම්. වෙන වැඩක් නැහැ.



වෙනස් කරන්නේ හෝ වෙනස් වෙන්න කියන්නේ මොකකට සාපේක්ෂවද? පිරිමි ෆැන්ටසි එකකට සාපේක්ෂව. පිරිමියා 'ගැහැණිය මෙන්න මේ වගේ වෙන්න ඕනි' කියල කලින් හිතල තියන අදහසකට අනුව.  


මේක කුමන අර්ථයකින් ගත්තත් මානුෂික දෙයක් වෙන්න බැහැ. නිකම් සරල ශිෂ්ට දෙයක් වගේ පෙනුනට ලොකු දේශපාලනයක් මේ ඇතුලේ තියනවා. ඒ තියෙන්නේ පුරුෂ දේශපාලනයක්. පුරුෂ දේශපාලන ආර්ථිකයක්.

ඒ ස්වභාවික වෙච්ච දේශපාලන ආර්ථිකය ඇතුලේ කොල්ල හඹා යනවා. කෙල්ල හඹා එනවා කියල දැනගෙනම දුවනවා. හරියට දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ මුවා පස්සේ දිව්වා වගේ. මේක තමයි ඓතිහාසික හමුවීමේ ආකෘතිය.

මේ අධිපති බල රටාව ඇතුලේ 'ඒයි....කොහෙද යන්නේ' කියල ආමන්ත්‍රණය කරන පිරිමියාව 'ස්වභාවික' වෙලා ඒකට යටත් වෙලා ආදරයද මොකක්ද කරන කෙල්ලොත් ඉන්නවා. නමුත් මේ සීනියර් - ජූනියර් බලය 'අසමාන බල සම්බන්දයක්' හැටියට අරගෙන ඒකට කැමති නොවන කෙල්ලොත් ඉන්නවා.

'ඒයි' කියල ආමන්ත්‍රණය කරන බල සම්බන්දය සමාන වෙන්නේ රාජ්‍යයේ බලය ක්‍රියාත්මක වන දෘෂ්ටිවාදයට. රාජ්‍යයේ පොලිස් කාරයෙක් විසිල් එකක් ගහනකොට අපි මහපාරේ නීතියක් උල්ලංඝණය කරලා තිබ්බත් නැතත් අපි ඒ දිහා බලනවා. ඒ තමයි අපි වැරද්දක් කළා කියල වරදකාරී හැඟීමක් අපි හැම දෙනා තුළම තිබීම. අප්පා...මොකක් හරි වැරද්දක් උනාද දන්නේ නැහැ කියල අපි ආපසු හැරිලා බලනවා.

'ඒයි' කියන කොටත් සීනියර් බල ඒජන්තයා හිතනවා අපි හැරිලා බැලිය යුතුයි කියල. හැරිලා බැලුවේ නැත්නම් නඩු කෝටියයි.  



දැන් පෙනෙනවා ඇති අදහසක් ද්‍රව්‍යමය දෙයක් වෙන්නේ කොහොමද කියන එක. රාජ්‍යය විසින් අපිව නැත්නම් එහි යටත්වැසියන් මේ වනවිටත් ව්‍යුහගත කරලා තියනවා 'වරදකාරී වස්තු' හැටියට (gulty subjects). ඒක තමයි ලූවී අල්තුස්ය ගෙනෙන සරළ තර්කය.



ඒ කියන්නේ දෘෂ්ටිවාදය කියන්නේ වෙන කොහෙන්වත් එන දෙයක් නෙවෙයි. අපිම තමයි දෘෂ්ටිවාදය.

මේ කැම්පස් කියන පුණ්‍ය භූමියට එන උඹල දන්නේ නැහැ ඇත්ත තත්වය. ඒ 'දැනුම' තියෙන්නේ අපි ළඟ. ඒක තමයි ජ්‍යෙෂ්ට උත්තමය කියන්නේ අපිට. අපෙන් දැන ගනිල්ලා මෙතැන ඉන්න ඕනි විදිය.

විසිල් එක කියන්නේ එක වෙලාවක දෙවියන්ගේ හඬ. දෙවියන්ගේ හඬට කීකරු වෙන්න ඕනි සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා මේ තියන සංකේත පිළිවෙල වන්දනා කරන්න ඕනි. ඒකත් ආරම්භක දෘෂ්ටිවාදය.  

මේ පුරුෂ දේව හඬින් ඛණ්ඩනය වෙන්න ඕනි කියල ජුඩිත් බට්ලර් කියනවා. ජුඩිත් බට්ලර් ගේ පොත් ලයිබ්‍රියේ තියනවා. ලයිබ්රි යන්න හැමෝම කම්මැළි කමක් දක්වනවා සීනියර් ජුනියර් භේදයක් නැතුව....

අධිපති බවට එරෙහිව යුධ ප්‍රකාශ කළාට අවිඥාණිකව අපි ප්‍රර්ථනා කරන්නෙත් දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කොහොමද කියල. පව්...

ආයිත් කියනවා 'අපිම තමයි දෘෂ්ටිවාදය'.

ස්කෝපියන් බෑන්ඩ් එකේ Wind of Change සිංදුවේ තියනවා ලස්සන විසිල් එකක්.  

 

 

Mahesh Hapugoda 1 1(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙවියන්ගේ විසිල් එක වෙන්නේ කෙසේද? -(මහේෂ් හපුගොඩ) | The Leader