The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : තිළිණි පියුමාලි වස්තුව - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

October 16, 2022 • 5:53 PM

මානීගේ තීරුව : තිළිණි පියුමාලි වස්තුව - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සීයෙ, ඉස්කෝලෙ මගේ හොඳම යාළුවා කිව්වා ඒගොල්ලො ළඟදිම ලංකාවෙන් යන්නම යනවලු.
  • " මේ සතියේ ජාතියට විනෝදය සපයන්නේ තිළිණි පියුමාලි වස්තුවයි." ඔහු නිවේදනය ක⁣ළේය "ඇත්තටම මේ රටට කියන්න ඕන ශ්‍රී ලංකාව කියල නෙවෙයි විනෝද සාගරය කියලයි " අපේ කතාවලින් බිරිඳ නම් සතුටක් ලබන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
  • ඒක කරේ ගෑනියෙක් නිසානෙ ඒකි පට්ට හෙර වෙලා තියෙන්නෙ.
  • මේක 2022දිත් පුරුෂාධිපත්‍ය රජ කරන අන්තිම පසුගාමී රටක්.
අකුරු ප්‍රමාණය (Font Size):



"සීයෙ, ඉස්කෝලෙ මගේ හොඳම යාළුවා කිව්වා ඒගොල්ලො ළඟදිම ලංකාවෙන් යන්නම යනවලු. තව කිව්ව දැන් පුළුවන් හැමෝමත් මෙහෙන් යන්නම යනව කියල  " ඔහු මට කියා සිටියේය."අපිට වෙන  රටකට යන්න විදිහක් නැති නිසාද සීයෙ අපි මෙ⁣හෙටම වෙලා ඉන්නෙ "

"අපොයි නෑ පුතේ ,මීට වැඩියෙ පෝසත් රටවල් කොච්චර තිබුණත් මේ වගේ විනෝදෙන් ඉන්න පුළුවන් රටක් ලෝකෙ කොහෙවත් නැති නිසයි අපි මෙහේ දාල යන්නැත්තෙ." මම මුණුබුරාට පැහැදිලි කළෙමි. "මෙහේ අඩු ගානෙ සුමානෙකට එකක් වෙන්න  තියෙනවනෙ පට්ට විනෝදයක්"

ඒ අසා මුණුබුරාගේ පියා සිනාසු⁣ණේය.

" මේ සතියේ ජාතියට විනෝදය සපයන්නේ තිළිණි පියුමාලි වස්තුවයි." ඔහු නිවේදනය ක⁣ළේය  "ඇත්තටම  මේ රටට කියන්න ඕන ශ්‍රී ලංකාව කියල නෙවෙයි  විනෝද සාගරය කියලයි "  

අපේ කතාවලින් බිරිඳ නම් සතුටක් ලබන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

"⁣තිළිණි පියුමාලිගෙ වැඩේ නම් ඕගොල්ලො කියනව වගේ විනෝදජනක වැඩක් නෙවෙයි, හරියට දුක හිතෙන වැඩක්" ඈ අන්තිමේදී කියා  සිටියාය ."ඕගොල්ලො පිරිමි නිසා දකින්නෙ නැති වුණාට මට නම් හිතෙන්නෙම මේක කාන්තා හිංසනයක් කියලයි. පියුමාලි ගෑනියෙක් නිසා නේද මේ ඔක්කොම ප්‍රශ්න?"

පුතා ඊට පිළිතුරු දුන්නේය.

"ඇයි අම්මෙ ඕකට එයැයිගෙ ගෑනුකම ඇදල ගන්නෙ. මේ බඩ්ඩ කෝටි පන්සීයකට වැඩියෙ මිනිස්සුන්ට වංචා කරා කියල අම්මත් දන්නවනෙ  "ඔහු  කියා සිටියේය."ඒකත් ආයෙ සෙසු පටු මිනිස්සුන්ටද? ඩොලර් බිස්නස්කාරයො, බලසම්පන්න දේශපාලනඥයො, ජනප්‍රිය  කලාකාරයො, රහත් වෙච්ච හාමුදුරුවරු වගේ ලොකුම ලොකු පොරවල්වලටනෙ. අනික අම්මෙ ගෑනු පිරිමි භේදයක් කොහෙන්ද වංචාවලට"

ඔහුගේ මව ඊට වහාම පිළිතුරු දුන්නාය .


"පියුමාලි වංචා කරේ දඬුවම්ල, සක්විතිල, කොතලාවලල කරා වගේ අමාරුවෙන් හම්බු කරගත්ත මිනිස්සුන්ගෙ සල්ලිවලට නෙවෙයිනෙ. සූත්තර පුංචො සැට්ටෙකක් එක එක ගේම්වලින් ගොඩ ගහපු කළු සල්ලිවලටනෙ" බිරිඳ කියා සිටියාය. "ඔය විදිහට හොරුන්ගෙන් හොරකම් කරේ පිරිමියෙක් වුණා නම් ඕගොල්ලො කියයි මිනිහ මාර වැඩ්ඩෙක්නෙ කියල. ඒක කරේ ගෑනියෙක් නිසානෙ ඒකි පට්ට හෙර වෙලා තියෙන්නෙ. මේක හරිම අසාධාරණයක්නෙ"  



බිරිඳගේ ප්‍රහාරය හමුවේ පුතාගේත් මගේත් කටවල් වැසී ගියේය.

"මෙහේ පිරිමින්ගෙ වංචාවලට අහුවෙච්චි ඈයො නම් අවුරුදු ගණන් ෆයිට් කරනව තමන් දුක්මහන්සියෙන් හම්බු කරපු සල්ලිවලට විදපු උන්ට විරුද්ධව" බිරිඳ කියා සිටියාය ."ඒත් බලන්න පියුමාලි විදපු කෝටි පන්සීයෙන් පනහකටවත් තාම අයිතිකාරයොවත් හොයාගන්න නෑනෙ. හැබැයි කට්ටිය පෝලිමේ යනව අපි නම් පියුමාලි ළඟ සල්ලි දැම්මෙ නෑ, ඕව බොරු කියන්න. පේනව නේද ලස්සන ගෑනියෙක් වුණාම වංචාවක් වුණත් කරන ලස්සන. කෝ කවුරුවත් ඉන්නවද ඒ ගෑනිගෙ හොරකම් කරපු ස්ටයිල්ලෙකට අගයක් දෙන, නෑනෙ. පිරිමියෙක් කරා නම් ඕගොල්ලොත් කියයි බලන්නකො මූ ගේම දීල තියෙන ලස්සන  කියල "

පුතාත් මාත් මේ කියන්නේ අපට නොවන්නා සේ හැසිරුනෙමු.

"හරි, කරපු වරදට දැන් මේ ගෑනිව හිරෙත් දායි. ඒ වුණත් ඒක හරිම වැරදියිනෙ. එහෙම නම් ඇයි රටේ සල්ලි හොරකම් කරල පෝසත් වෙච්චි පිරිමින්ව, රට බංකොලොත් කරල අද අපි විඳින දුකට වගකියන්න ඕන පිරිමින්ව, ලෝකෙට හැටහුටාමාරක් ණය වෙලා කිසි ගානක් නැතුව ඒව ගෙවන්න බෑය කියන පිරිමින්ව හිරේ දාන්නෙ නැත්තෙ, ඒගොල්ලො පිරිමි නිසා නේද එහෙම කරන්නෙ නැත්තෙ ?" බිරිඳ තවදුරටත් අසා සිටියාය. "මේ රටේ මාධ්‍යත් දහපාළොස්දෙනෙකුට හොරකම් කරපු පියුමාලිව බයිට් කරනව උන්දැ ගෑනියෙක් නිසා. ලක්ෂ දෙසිය විසිදෙකක් හිඟමනට බස්සපු පිරිමින්ට තුමා, තුමා කියනව. මේක 2022දිත් පුරුෂාධිපත්‍ය රජ කරන අන්තිම පසුගාමී රටක්. මේ රටේ හරිහමන් ගෑනු පිරිමි  ඉන්නව නම් පාරට බහින්න ඕන එකම එක ගෑනියෙකුට කරපුවට දඬුවම් කරන්න කලින් ඔය පිරිමි සෙට්ටෙක කරපුවට දඬුවම් කරන්න කියන්න"

Sundara nihathamani(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )

 

 

 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...