The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරීනා - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 18, 2022 • 5:08 PM

අරීනා - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිට්ටනිය මැද්දේ දාන හොඳ හොඳ සෙල්ලම් බලන්න සිය දහස් ගණන් ප්‍රේක්ෂකයන් මේ අරීනාවට එනවා.
  • වහලුන් යොදවා සිදු කළ සෙල්ලම් බලන්න රෝමන්කාරයෝ සති ගණන් වැල නොකැඩී පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
  • මේක ඇත්තටම රෝමන් අධිරාජයන් භාවිතා කළේ දේශපාලන උපක්‍රමයක් විදිහටයි.
  • මේ දේශපාලන උපක්‍රමය අදටත් ඉතාම විශිෂ්ට ලෙස ලෝකය පුරාම භාවිතා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



පිට්ටනිය මැද්දේ දාන හොඳ හොඳ සෙල්ලම් බලන්න සිය දහස් ගණන් ප්‍රේක්ෂකයන් මේ අරීනාවට එනවා. පැරණි රෝමයේ “කොලොසියම” (colosseum)
කියන්නේ මේ අරීනාවල උච්චස්ථානයක්. වහලුන් යොදවා සිදු කළ සෙල්ලම් බලන්න රෝමන්කාරයෝ සති ගණන් වැල නොකැඩී පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. පැත්තක් කැඩිච්ච කොලොසියම අදටත් රෝමයේ ප්‍රධාන සංචාරක ආකර්ශනයක්.

අරීනාවේ සෙල්ලම් කළේ වහල්ලු. යුද්ධ කරලා අල්ලගත්ත සතුරු හමුදාවල හැඩිදැඩි වහලුන් ආයුධ අරගෙන හෙල්මට් දාගෙන පිල් බෙදිලා අරීනාවේ හටන් කරගන්නවා. ඔවුන්ට කිව්වේ ග්ලැඩියේටර්ස්. ඔවුන් එකිනෙකා අවුට් කරගන්නවා. ඒවා බලන රෝමන් ගැහැණු පිරිමි පපරෙ ගගහා කොඩි වන වන ඔල්වරසන් දිදී නටනවා. උන්ට මාර ජොලි. තමන්ගේ ප්‍රියතම ග්ලැඩියේටර්ට චියර් කරනවා.  



මේක ඇත්තටම රෝමන් අධිරාජයන් භාවිතා කළේ දේශපාලන උපක්‍රමයක් විදිහටයි. රෝමයේ කිසියම් සමාජ ආර්ථික දේශපාලන අවුලක් පැන නැගුණු අවස්ථාවල සති ගණන් දිග අරීනා සෙල්ලම් කරන්න අණ කරනවා අධිරාජයා. පිට්ටනිය මැද්දේ ගුටි ගහගෙන ඇනගෙන මරාගෙන නටන විසූක දස්සන එන්ටර්ටෙන්මන්ට් බලන රෝම පුරවැසියාගේ ආතතිය මෝචනය වෙනවා. අධිරාජයාට එරෙහිව එන කේන්තිය පහවෙනවා. නගරය සන්සුන් වෙනවා.



මේ දේශපාලන උපක්‍රමය අදටත් ඉතාම විශිෂ්ට ලෙස ලෝකය පුරාම භාවිතා වෙනවා. මරණයෙන් අවසන් නොවුණත් පරාජිතයාට කරන්න පුළුවන් ඔක්කොම අවමන් කරලා තමන්ගේ අර්බුදයට තාවකාලික අස්වැසිල්ලක් ගන්නවා. මේක පොදු මිනිස් දුර්වලතාවයක්. පරිණාමීය කාමුක ම්ලේච්ඡත්වය පාලනය කරගත නොහැකි මනසින් දුබල මානවයා මේ උපක්‍රමයට ලෙහෙසියෙන් හසු කරගත හැකි බව පාලකයා හොඳට දන්නවා.

xfdf
මෙවැනි උපක්‍රම භාවිතා නොකර දේශපාලනය කරන්න ගියොත් ඒ නායකයන්ට ගෙදර යන්න වෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ කොයිවෙලාවේ බැලුවත් ෆේස්බුක් එකේ කුණුහරුප කියාගත්ත ගමන් ඉන්න අන්තිම මුග්ධ නූගත් බිහිසුණු මිනිසුන් ඉන්න සමාජයක පුළුවන් තරම් අරීනා සෙල්ලම් කරන්න ඕනා. මේ උපක්‍රමය ගැන ජනතාවට තේරුම් කරන්න යන එරන්ද ගිනිගේ වැන්නවුන්ට කුණුහරුපෙන් බනින්න දෙන්න ඕනා. ඒකත් ඒ ජනයාගේ ස්ට්‍රෙස් එක රිලීස් කරවන්න හොඳයි. අනික මේක දේශපාලන උපක්‍රමයක් බව ජනතාව තේරුම් ගත්තොත් වැඩේ සවුත්තු වෙනවා.



සති ගණන් යන ටූනමන්ට් සංවිධානය කරන්න ඕනා. ඒවාට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් දෙන්න ඕනා. රෝමයේ අධිරාජයා වගේ ලංකාවේ රාජ්‍ය නායකයත් ඒ සෙල්ලම් බලන්න පැවිලියන් එකට යන්න ඕනා. කරුණු කාරණා තාර්කිකව පැහැදිලි කරලා සංයමයෙන් ඉවසීමෙන් ධාර්මිකව අර්බුද විසඳන්න තරම් දියුණු තැනකට තවම ලක් සමාජය මෝරා නැහැ.

ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 18

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...