The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පොත් සමග රමණය - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 22, 2022 • 11:17 AM

 පොත් සමග රමණය - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොතක් වෙනුවෙන් මගේ විවේකය කැප කරන්න සුදුසුද කියල මං වෙලාව අරන් හිතනවා.
  • මාර්කටින් වලින් යම් බලපෑමක් කරන බව ඇත්ත.
  • චයිනාමන් ගැන බොහෝ කතාබහ ඇතිවුනත් ඒක තිබුනෙ ක්‍රිකට් ගැන.
  • ඒ හින්දම ෂෙහාන්ට පුළුවන් ලංකාවෙ කකුල් දෙක තියාගෙන ලෝකෙට ලියන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

පොතක් වෙනුවෙන් මගේ විවේකය කැප කරන්න සුදුසුද කියල මං වෙලාව අරන් හිතනවා. ඒ පොතේ පෙරවදන් පසුවදන් කියවලා පළවෙනි පරිච්ඡේදයත් පෙරලලා බලනවා. ඊට පස්සෙ දවසක් විතර පොත පැත්තකට දාලා තියනවා. ඒත් මාව නැවත ඇය වෙතට කැඳවාගන්නට සමත් වෙනවා නම් විතරක් මං පොත එක්ක රමණය කරන්න තීරණය කරනවා.

මං පොතක් හොයාගෙන යනවා වගේම පොත මාව හොයාගෙන එන්නත් ඕන. ඒක ඒ පොතේ තියෙන අනුරාගී බලය. රාක්කයක පොත් සිය ගානක් අතරින්, ඔන්ලයින් පොත් ලක්ෂ ගානක් අතරින් මාව යම් පොතක් ආකර්ශනය කරගන්නවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ගොඩක් වෙලාවට මාව පොතක් කරා ආකර්ශනය කරන්නෙ ඒ පොත ගැන මාර්කටින් නෙමෙයි.

මාර්කටින් වලින් යම් බලපෑමක් කරන බව ඇත්ත. ඒත් බොහෝ දෙනෙක් විසින් කතා කරමින්, උසස් යැයි සම්මත මහා සම්මාන දිනමින් යන පොතක් මං නොකියවන්න තියෙන ඉඩ වැඩියි. ඒ පොත ගැන මට දැනෙනවා කිළිටි හැඟීමක්. ඇය අර්ථ සම්පන්න ප්‍රේම සම්බන්ධතා ගොඩනගන කෙනෙක් නෙමෙයි වගේ. ඒකෙ කිසි වැරැද්දක් නෑ. මගේ හැගීමක් විතරයි.



පොතත් එක්ක ම‍ට ගොඩනැගෙන්න ඕන කරනවා ඉන්ටිමේට් සම්බන්දයක්. ඇය ජිවිතේ විවරයක් තුලින් මාව ආකර්ශනය කරගන්න ඕන. ඒක මගෙයි පොතයි අතර පුද්ගලික සම්බන්දයක්. ඒ ඉන්ටිමසි එක තමයි පොතක් එක්ක මං විඳින මූලික කාරණය. පොත කියවලා ටික කාලෙකින් අමතක වෙනවා. වෙන පොතකට අවධානය යෙදෙනවා. හැබැයි අර අපි අතර බෙදාගත් අනුරාගය ජීවිතේ පුරාම පවතිනවා.



ෂෙහාන් කරුණාරත්න බුකර් සම්මානය දිනාගැනීම වෙනුවෙන් මං මෙහෙම ෆේස්බුක් සටහනක් තිබ්බා.

ෂෙහාන් කරුණාතිලකගේ මාලි අල්මේදාගේ සත් සඳ පොත බුකර් සම්මානය දිනාගත්තා. මං ෂෙහාන්ගේ පොත් කිසිවක් කියවලා නැති හින්ද ඒ ගැන කිසි දෙයක් කියන්න බෑ. චයිනාමන් ගැන බොහෝ කතාබහ ඇතිවුනත් ඒක තිබුනෙ ක්‍රිකට් ගැන. මට ක්‍රිකට් දිරවන්නෙම නෑ. ඉතින් අපරාදෙ ඒ පොතත් මිස් වුනා. මාලි අල්මේදා කොහොම හරි කියවන්න ඕන.

ෂෙහාන් ලංකාවෙ ගාල්ලෙ ඉපදිලා, නවසීලන්තෙ ඉගෙන ගෙන, ලන්ඩනයේ ඇම්ස්ටර්ඩෑමයේ සිංගප්පූරුවෙ ජීවත් වුනු කෙනෙක්. ඒ හින්දම ෂෙහාන්ට පුළුවන් ලංකාවෙ කකුල් දෙක තියාගෙන ලෝකෙට ලියන්න. අපේ සුජිත් අක්කරවත්තගේ භාෂාවෙන් මහාවංශික ජීවිතයක්.

අපි බොහෝ දෙනෙකුට තියෙන්නෙ චූල වාංශික ජීවිත. ඒ කියන්නෙ ලංකාව ඇතුලටම නැවුනු, මේකම හාරමින් නැවත ලියන නිර්මාණ කරන ජීවිත. ලෝකෙ පැත්තෙන් ලංකාව දිහා බලලා ලියනවා කියන්නෙ වෙන වැඩක්.

'ලංකාව කොයිතරම් දේවල්වලින් අවාසනාවන්ත වුනත් එහි කියන්න ඇති කතා ප්‍රමාණය නිසා නිර්මාණකරුවන් වාසනාවන්තයි කියන්න පුළුවන්'

221017194136 shehan karunatilaka booker prize super tease                                       ෂෙහාන් කරුණාතිලක
 
මේක ඇත්තක්. හැබැයි මේ කතාවලින් වාසනාව උදාකරගන්න නම් දූපතේ ඉඳන් එලිය බලන විව් එක වෙනුවට එලියෙ ඉඳන් දූපත දිහා බලන විව් එකට මාරු වෙන්න ඕන. දූපතෙන් එලියෙ ජීවිතයක් තියෙන්න ඕන. බටහිර විශ්වයේ අපේ  තැන තේරුම් ගන්න ඕන

ඔන්න ඊට පස්සෙ ශෙහාන්ගෙ පොත pdf එකක් වෙලා ෆෝන් එකෙන් ෆෝන් එකට මාරු වෙන්න ගත්තා.
 


ශෙහාන්ගෙ පොත pdf එකක් විදිහට සැරිසැරීමෙන් පොතේ අලෙවිය අඩුවෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒකෙන් ඇත්තටම අලෙවිය වැඩිවෙනවා කියලයි මං හිතන්නෙ. පොතේ ප්‍රකාශකයන් විසින් මේ නීත්‍යානුකූල නොවන සංසරණය වැලැක්වීමට පියවර ගන්න ඕන. නමුත් ඇත්තටම බුකර් සම්මානලාභී ලෝක මට්ටමේ වෙළෙඳපොලක් ඇති මේ වගේ පොතක අලෙවියට pdf එකෙන් කරන්නෙ හොඳ බලපෑමක්. ඒක ඇත්තටම ඇඩ් එකක් වගේ.



මටත් ඔය pdf එක ලැබුන. මං ඒකෙන් පිටු කීපයක් කියවලා බැලුවා. පොත රසවත් කියල හිතුන. ඒ හින්දා මං පොතක් මිළදී ගන්න තීරණය කළා.
ඔය pdf එක ශෙයාර් කරන බහුතරයක් පොත කියවන අය නෙමෙයි. කතාබහට ලක්වෙන මේ උණු උණු යමක් තමන් සතුව තියෙනවා කියන සතුට පමණක් වි‍ඳින අය. ඒ අය පොත් මිළට ගන්න පිරිස නෙමෙයි.

පොත් මිළට ගන්න කෙනෙක් පොතකට කැමති නම් ඒ පොත අරගෙන තමන් ළග තියාගන්නවා. ඊබුක් එකක් බැලුවත් ආපහු හාර්ඩ් කවර් එකක් ගන්නවා. නොමිලේ සැරිසරන pdf එකක් කියන්නෙ පාඨකයෙකුට ටීසර් එකක් විතරයි.

පොත ගන්න සල්ලි නැති කෙනෙක් pdf එකෙන් කියවයි. ඒක හරියට කෙනෙකුගෙන් ඉල්ලගෙන පොතක් කියවනවා වගේ. හැබැයි අනිවාර්යයෙන්ම pdf එක හින්ද පොත කියවන ප්‍රමාණය වැඩිවෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පොත අලෙවි වන ප්‍රමාණයත් වැඩිවෙනවා.
 
Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...