The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ද්විත්ව පුරවැසියන්ට කොකා පෙන්වීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 22, 2022 • 5:17 PM

ද්විත්ව පුරවැසියන්ට කොකා පෙන්වීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම් “ලංකාවේ දේශපාලනයට ඔවුන්ට තවදුරටත් සැබෑ අයිතියක් නැතිය” යන ප්‍රබල පණිවිඩයයි.
  • දැන් සිංහල හෝ දෙමළ සම්භවයක් ඇති කැනේඩියානු-ලාංකික ද්විත්ව පුරවැසියන්ටත් ලංකාවේ දේශපාලන සංස්ථාවට ඇතුළත් විය නොහැකිය.
  • ඒ රටවල පුරවැසිභාවය ලබාගත්තත් ඔවුන් හැමදාම ජීවත් වෙන්නේ තුන්වැනි පන්තියේ වැසියන් ලෙසිණි.
  • ඔවුන් සියලු දෙනා මහමග කඩපිළේ රැකියා ස්ථානය ආදියේදී ඍජු සහ වක්‍ර ඩිස්ක්‍රිමිනේෂන්වලට නිතර භාජනය වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එනම් “ලංකාවේ දේශපාලනයට ඔවුන්ට තවදුරටත් සැබෑ අයිතියක් නැතිය” යන ප්‍රබල පණිවිඩයයි.

බැසිල්ට පාර්ලිමේන්තු එන්නට බැරි කරවන්නටය කියා පනත ප්‍රොපගැන්ඩා කළත් එහි සැබෑ අරමුණ එය නොවේ. දැන් සිංහල හෝ දෙමළ සම්භවයක් ඇති කැනේඩියානු-ලාංකික ද්විත්ව පුරවැසියන්ටත් ලංකාවේ දේශපාලන සංස්ථාවට ඇතුළත් විය නොහැකිය. ලංකාවේ දේශපාලනය මෙහෙයවන්න අතදිගහැර වියදම් කරන බෙදුම්වාදීන්ට මෙය දැඩි මානසික කම්මුල් පහරකි. ඔවුන් මොනවා කළත් දැන් ඔවුන්ට ලංකාවට සැබෑ අයිතියක් නැත.

ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ලංකාවේ ප්‍රශ්න විසඳන්න අරගල කරන ඕස්ට්‍රේලියානු-ලාංකික ද්විත්ව පුරවැසියන්ටත් මෙය කදිම කොකා පෙන්වීමකි. අරගලකරුවන් විසින්ම ඔවුන්ගේ පිරිසකගේ දේශපාලන අයිතිය නැති කරගැනීම ඉතා වැදගත් ජයග්‍රහණයකි. ඔවුන් ඒ රටවල සිට මොනවා කිව්වත් ඒවා නිකම් හිස් කතාය. දැන් ඔවුන්ට ලංකාවට සැබෑ අයිතියක් නැත. මෙය බෞද්ධ සිංහල ජාතික රාජ්‍යය තවත් තහවුරු කිරීමකි.

ගෝඨාභය රාජපක්ෂ කළාක් මෙන් රෝහණ රාජපක්ෂටත් අවශ්‍ය ඕන වෙලාවක තමන්ගේ ඇමරිකන් පුරවැසිභාවය අත්හළ හැකිය. එහෙම බැරි නම් එය ඔහුගේ ප්‍රශ්නයකි. මෙය එවැනි එක පුද්ගලයෙකු ගැන ප්‍රශ්නයක් නොවේ. නමුත් ඔය ඉතාලිය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවිත කාලයක් තිස්සේ නොවිඳිනා දුක් විඳ පුරවැසිභාවය ගත් ලාංකිකයන්ට එහෙම ලෙහෙසියෙන් එය අත්හරින්නට බැරිය.



පිටරටවල ජීවත්වෙන ඒ බොහෝ අයට තිබෙන්නේ දරුණු හීනතා සංකීර්ණයකි. ඒ රටවල පුරවැසිභාවය ලබාගත්තත් ඔවුන් හැමදාම ජීවත් වෙන්නේ තුන්වැනි පන්තියේ වැසියන් ලෙසිණි. ගැඹුරු හඬින් ඉංග්‍රීසි කතා කරන නහය උල් උස මහත සුදු ජාතිකයන් ඉදිරියේ ලාංකික පිරිමියා තමන් මිටි කැත නිවටයෙකු වැනි හැඟීමකින් නිතර පෙළේ. ඒ රටවල උස සුදු කාන්තාවන්ගේ පෞරුෂය ඉදිරියේ ලාංකික පිරිමියා විලියෙන් ඇඹරෙයි.



ඔවුන් සියලු දෙනා මහමග කඩපිළේ රැකියා ස්ථානය ආදියේදී ඍජු සහ වක්‍ර ඩිස්ක්‍රිමිනේෂන්වලට නිතර භාජනය වෙයි. ඒ රටවල දේශපාලනය තුළ ලාංකිකයා නොවැදගත්ය. ඒ රටවල මුල් පුරවැසියන් කිසිවෙක් ලාංකිකයන් සත පහකට ගණන් ගන්නේ නැත. ඒ මහා සමාජයට ඔවුන් වද්දා ගන්නේ නැත. ඒ නිසා තමයි ලාංකිකයන් ටිකම එකතු වෙලා ඒ රටවල “ශ්‍රී ලංකන් සංගම්” අටවාගන්නේ. අඩු කුලේ පරදෙසක්කරයන් මෙන් ඔවුන් ඒ රටවල වෙනම ජීවත් වේ.

ඒ පිටරටවල වෙසෙමින් ලංකාවේ දේශපාලනය කරන්නේ එම අනුකම්පා සහගත ජීවිතයෙන් අස්වැසිල්ලක් ලබන්නටය. ජීවත් වෙන්නත් දරුවන් හදන්නත් තමන් තෝරාගත් රටේ ඔවුන්ට නොලැබෙන මාස්ලෝනියානු සමාජ පිළිගැනීම ඔවුන්ට ලැබෙන්නේ ඔවුන් උපන් උගත් ලංකාවේය.

ඒ රටවල මහා ජාතියේ ෆේස්බුක් මිතුරන් ඔවුන්ට නැත. එබැවින් ඔවුන් නැවතත් ලංකාවේම උන් සමග ෆේස්බුක් හී ගැටේ. ලංකාවේදී ගන්නට බැරි වූ ගෙවල් දොරවල් යාන වාහන විස්කි බෝතල් ෆේස්බුක් දාන්නේ ලංකාවේ උන්ට පේන්නටය. ඒ රටේ මුල් පුරවැසියන් ඒවා දැක්කොත් කට කොනින් හිනා වේ. ඒවාට ලයික් එකක් හෝ දමා ඔවුන්ව ගණන් ගන්නේ ලාංකිකයන්ය. අපිවත් එහෙමවත් ගණන් ගත්තේ නැත්නම් ඔවුන් දරුණු ලෙස කොන් වේ.

දැන් ඔවුන්ට ඒ අයිතියත් නැති වී තිබේ. ලංකාවේ දේශපාලනය සඳහා ඔවුන්ට සැබෑ අයිතියක් දැන් නැති බව ව්‍යවස්ථාපිත කර තිබේ. අරගල බැරි නම් ඕන නාඩගමක් නටන්නට ඔවුන්ට හැකි වුණත් අවසාන විග්‍රහයේදී ඔවුන් දැන් ලංකාවේ පුරවැසියන්ටත් දෙවැනි වේ. ලංකාවේ දේශපාලන ව්‍යුහයන්ට තේරී පත්වීමට මට තිබෙන අයිතිය පිටරට වෙසෙමින් ලංකාව හදන්නට හදන ද්විත්ව පුරවැසියන්ට අහිමි බව තහවුරු වීම අරගලය විසින් මට ලබාදුන් වටිනා ජයග්‍රහණයකි.


ස්තුතියි!

ධර්මය අපට මග වේවා!


Eranda ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2022 ඔක්තෝබර් 22

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...