The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කන්‍යා සිවි සැත්කම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

October 28, 2022 • 7:38 PM

කන්‍යා සිවි සැත්කම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේක දෙරණ 'අරුණ' විසින් පළ කරපු පුවතක්.
  • ඒ නම ලියවුනු තැනක් ඇත්නම් එතන රීච් එක හැදෙනවා.
  • නිව්ස් කියල දෙයක් ඇත්තටම ලෝකෙ නෑ.
  • ඇත්තටම තියෙන්නෙ ෆ්‍රේම්ස්.
අකුරු ප්‍රමාණය (Font Size):



මේක දෙරණ 'අරුණ' විසින් පළ කරපු පුවතක්. අයිටීඑන් පත්තර කියවද්දි ඒක ටීවී ප්‍රවෘත්තියක් වෙනවා.

තිළිණි ප්‍රියමාලි කියන්නෙ ලංකාවෙ අතිප්‍රබල නාමයක්. ඒ නම ලියවුනු තැනක් ඇත්නම් එතන රීච් එක හැදෙනවා. මං යූටියුබ් චැනල් බොහෝ ගානක රීච් එක පරීක්ෂා කළා. මගේ සයිට් එකේ පවා වැඩිම රීච් එකක් තිබුනෙ ලිපිය ප්‍රියමාලි ගැන ලිපියට.

මේක ටීවී ප්‍රවෘත්තියක් වීම ගැන මට තියෙනවා ප්‍රශ්නයක්. පත්තර ප්‍රවෘත්තියක් ටීවී එකක කියවද්දි සිද්ද වෙන මාධ්‍ය අවුලක් මෙතන තියෙනවා. පත්තර දුවන්නෙ ගොසිප් උඩ. ටීවී එක ගොසිප්කරණයට වඩාත්ම ළංවුනේ මං හිතන්නෙ ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් වලින්.



ටීවී එක තමයි ලංකාවෙ ප්‍රබලතම මාධ්‍ය. පත්තරේ කියන්නෙ ඔන්ලයින් පැවැත්මකට මාරු වෙමින් ඉන්න කඩදාසි පැවැත්මක්. එතනදි පත්තරේ ගහන නිව්ස් එකක් ටීවී එකේ නිව්ස් එකක් වෙද්දි, ඒ නිව්ස් එකේ තේරීම අනුව චැනල් එකේ සංස්කෘතික දේශපාලනය පේන්න පටන් ගන්නවා. ITN එකේ අලුත් වෙනස්කම් ගැන උනන්දු කෙනෙක් විදිහට මට ඒ නොදැනුවත්කම ප්‍රශ්නයක් වුනා. මං ඒකට ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මා..


‘මේක නිව්ස් වෙච්ච එක නම් වරදක් නෙමෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කරනවා කියන එක නිව්ස් එකක් නෙමෙයි නං මොනාදානේ නිව්ස් කියන්නෙ’
– උදාර සී විලත්ගමුව



මේ නිව්ස් එකෙන් මොකක්ද කියන්නෙ? නිව්ස් කියල දෙයක් ඇත්තටම ලෝකෙ නෑ. ඇත්තටම තියෙන්නෙ ෆ්‍රේම්ස්. ඒ කියන්නෙ අපි රාමුව තියන්නෙ කොතනද කියන එකයි. නිව්ස් එකකින් ආවරණය කරන්නෙ මොකක්ද කියන එකයි.

අපි කතාවටත් කියන්නෙ ප්‍රවෘත්ති ආවරණය කියලනෙ (කවරේජ්). ඒ කියන්නෙ වසා තැබීම වෙන්නත් පුළුවන්.

තිළිණි ප්‍රියංගිකා හෝ වෙන ඕනම කෙනෙක් තමන්ගේ කන්‍යා පටලය නැවත සකස් කරන සැත්කමක් සිදු කරගැනීම නීතියෙන් වරදක් නෙමෙයි. ඒ සැත්කමක් සිදුකිරීම නීතියෙන් වරදකුත් නෙමෙයි. එහෙම සැත්කමක් කළ කෙනෙක් සමග ඕනම කෙනෙක් ලිංගිකව හැසිරීම නීතියෙන් වරදකුත් නෙමෙයි. එහෙනං කොහොමද මේක ප්‍රවෘත්තියක් වෙන්නෙ? මොකක්ද මේකෙ ප්‍රවෘත්තිය?

කන්‍යාපටලය. ඒකයි මෙතන නිව්ස් එක. ඇත්තටම මෙතන තියෙන්නෙ තිළිණි ප්‍රියංගිකාගේ කන්‍යා පටලය කියන නිව්ස් එක. ඒකයි මේක රූපවාහිනී නාලිකාවක ප්‍රකාශ කිරීම ප්‍රශ්නකාරී වෙන්නෙ. මේ නිව්ස් එක අරගෙන මෙවන් ප්‍රවෘත්තියක පවතින කන්‍යා සිවි ෆෙටිෂ් එක ගැන කතා කිරීම වගකීමක් ඇති මාධ්‍ය නාලිකාවක වැඩිහිටි වැඩසටහනක් වෙන්න තිබුන.


‘කන්‍යා පටලයක් තියෙන කෙනෙක් එක්ක සෙක්ස් කරන එක තව කෙනෙක්ගේ ෆැන්ටසි එකක් වෙන්න පුළුවන්. ත්‍රීසම්,ෆෝසම්,ගෘප්, ගැන්ග් බැන්ග්, BDSM ඔක්කොම උත්කර්ෂයට නගන ගමං අර අවශ්‍යතාව විතරක් ‘මෝඩ’ කියලා ලඝු කරන්නේ ඇයි ?’
– සහන් කසීර


මගේ පෝස්ටුවෙ කන්‍යාසිවිලොල් පිරිමින් ‘මෝඩ’ යැයි හැඳින්වීම ගැන දියුණු ප්‍රශ්න කිරීමක් සහන් කසීර කරලා තිබුන. ඒක ගෝත්‍රිකභාවයද, නැත්නම් දියුණු ෆෙටිෂ් එකක්ද කියන එක. මිලී සයිරස් වැනි පොප් අයිකන් පවා තමන් විවාහ වෙන තුරු කන්‍යාවක්ව සිටීම ගැන ආඩම්බර වෙන රැල්ලක් තියෙනවා. රිදී පියුරිටි රිංග්ස් ඕනෑකමෙන් කැමරාවලට අල්ලනවා (තමන් විවාහ වන තුරු ලිංගිකව නොහැසිරෙන බවට ප්‍රතිඥා දෙමින් පළඳින නව රැල්ලේ ක්‍රිස්තියානි මුදු). මේකෙම අනිත් පැත්ත විදිහට කන්‍යාවන් සමග යහන්ගත වීමේ ආශාව ෆෙටිෂ් එකක් වෙනවා.



මේක සාම්ප්‍රදායික කාන්තාවන් පෙළන ගෝත්‍රික සංකල්පයක් විදිහට පවතිනවද, නැත්නම් කැමැත්තෙන් කරන තෝරාගැනීමක් විදිහට පවතිනවද කියන එක මත මේක ෆෙටිෂ් එකක් විදිහට සංස්කෘතිකකරණය වෙලාද යන්න තීරණය වෙනවා. ෆෙටිෂ් එකක් කියන්නෙ යම් ‘දෙයක්’ හෝ වස්තුවක් නිසා ඇතිවෙන ලිංගික ආශාව. මේකට අර්චනකාමය කියලත් කියනවා. යම් කෙනෙකුගේ පුද්ගලික අර්චනකාමයක්, අ‍න් අයට හානිදායක නොවන විදිහට පවත්වාගෙන යාමේ කිසි වරදක් නෑ. නමුත් මේක සමාජයක බහුතරයක් විසින් බෙදාගන්නා අර්චනකාමයක් නම් ඒක පුද්ගලික දෙයෙක් වෙනුවට රංචුමය ගෝත්‍රික හැගීමක් වෙනවා.



ITN එකේ සභාපතිතුමා අපේ මිතුරු සුදර්ශන ගුණවර්ධන නිහතමානීව එය පළ නොකළ යුතු පුවතක් හැටියෙන් පිළිතුරු දීමක් කරලා තිබුනා. සුදර්ශන කියන්නෙ ප්‍රගතිශීලී සංස්කෘතියක් විශ්වාස කරන කෙනෙක්. කන්‍යා සිවි සංස්කෘතිය ප්‍රමෝට් කිරීමට තමන්ගේ නාලිකාවේ ඔහු දැනුවත්ව ඉඩක් ලබා නොදෙන බව මගේද විශ්වාසයයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)



සබැඳි ලිපි :

රීකන්ඩිෂන් කන්‍යා සිවි හොයන නූල කැඩුනේ නැති පිරිමි....- (මහේෂ් හපුගොඩ)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...