The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බදු විතරද? රජයේ බර එතකොට? - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

October 29, 2022 • 6:58 AM

බදු විතරද? රජයේ බර එතකොට? - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ පැවසුවා.
  • බදු ඉහළ නැංවීමට අමතරව රජය ණය සීමාව ද ඉහළ නැංවීමෙන් අඟවන්නේ රාජ්‍ය වියදම් අඩුකිරීමට සූදානමක් නැති බවද?
  • “2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්.
  • # ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057යි.
අකුරු ප්‍රමාණය (Font Size):

සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ පැවසුවා.

බදු ඉහළ නැංවීමට අමතරව රජය ණය සීමාව ද ඉහළ නැංවීමෙන් අඟවන්නේ රාජ්‍ය වියදම් අඩුකිරීමට සූදානමක් නැති බවද? ශ්‍රීලන්කන් වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් විකුණා නොදමන්නේ ඇයි?

“2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්.

# ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057යි.

# ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි.

# ශ්‍රීලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි.


 මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේවා බිලියන 4,000ක් පමණ අලාභයක් ලබනවා. මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා,” යි ඔක්තෝබර් 6දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

 එහෙත්, ඒ කියන ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවෙනවාද? නැතැයි කියන්නට බැහැ. බදු වැඩිකරන තරම් වේගෙන් ඒවා කරන්නත් බැරි බව ඇත්ත. ඒ වුණාට, අවශ්‍ය ජවයෙන් කෙරෙනවාද කියන ප්‍රශ්නය තියෙනවා.

 ඉන්ධන ආනයනය කිරීම සඳහා තවත් සමාගම්වලට ඉඩදීම සහ ගුවන්යානා ඉන්ධන වෙනත් අයට ගෙනැවිත් ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම යනාදී කටයුතු සඳහා පහසුකම් සපයන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) ( සංශෝධන) පනත ඔක්තෝබර් 18 දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මේ වන විට තෙල් සංස්ථාව ලාභ ලබන බව ඇමති කාංචන විජේසේකර පැවසුවා. එහෙත්, එහි සේවකයන් සංඛ්‍යාව 4,000ක් ඔවුන්ගේ තරගකාරී ලංකා අයිඕසී සමාගමේ සේවක සංඛ්‍යාව 150ක් බව ඇමතිවරයා කිව්වා.


# තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් 1,236කට තෙල් සපයන අතර ලංකා අයිඕසී තෙල් සපයන්නේ ඉන්ධන පිරවුම්හල් 150කට පමණයි. ඒ පිරවුම්හල් ජාලය පුළුල් කිරීම සඳහා මේ වන විට අවසර ලැබී තිබෙනවා.

# ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත පසුගිය ජුනි 9දා සම්මත කරගන්නා ලදි. යම් තැනැත්තකුට මෙගාවොට් 25 ඉක්මවා විදුලිබලය උත්පාදනය කිරීම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම මෙම පනත මගින් සිදුවෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ ආර්ථිකයට අත්‍යවශ්‍ය වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් අනුමත කර ක්‍රියාත්මක කිරීමට මෙම සංශෝධන මගින් අපේක්ෂා කරනු ලැබේ.


ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වන ඉහත සඳහන් පියවර දෙකටම වෘත්තීය සමිති විරෝධය පළකළමුත්, දැඩි විරෝධයක් එල්ල වූයේ නැහැ.

මේ වන විට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සේවකයන්ට වැඩුප් ගෙවාගත නොහැකිව සිටිනවා. සේවකයන්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කර තිබෙන අතර සේවකයන් දහසක් පමණ එයට කැමැත්ත පළකර තිබෙනවා. ඒ වෙනුවෙන් වන ගෙවීම් කිරීම සඳහා ආයතනයේ දේපලක් විකිණීමට කළමනාකරණය උත්සාහ කරනමුත්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අකැමැති සේවකයන් 1,400ක් පමණ එයට විරුද්ධය. මේ අතර රජය පවසන්නේ ඉංජිනේරු සංස්ථාවට ඉදිරි කාලයේදී එතරම් සේවක සංඛ්‍යාවක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර රජයට අයත් ප්‍රධානම සුදු අලියා වන ශ්‍රී ලන්කන් සම්බන්ධයෙන් රජය තවමත් නිහඬයි.

 2021 වර්ෂයේ බදු ආදායමෙන් 86%ක්ම රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්වලට වැය වුණා. 2022 වර්ෂයේ මෙම අනුපාතය 63%ක් වෙයි කියා තක්සේරු කරනවා. වැටුප් සහ විශ්‍රාම වැටුප් වියදම 8.6% කින් වැඩි වෙලා. 2022 බදු ආදායම 42%කින් වැඩි වනු ඇතැයි රජය තක්සේරු කරනවා. කෙසේ වෙතත්, රාජ්‍ය අංශය තවමත් අතිවිශාල බරක්.

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් 'අරුණ' පුවත්පත සමග 2021 දෙසැම්බරයේදී පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදුන්නා.

ඒ අනුව,

අමාත්‍යාංශ (කැබිනට්) – 28
රාජ්‍ය අමාත්‍යාංශ – 40
දෙපාර්තමේන්තු – 98
දිස්ත්‍රික් ලේකම් කාර්යාල – 25
සංස්ථා – 240
රාජ්‍ය සමාගම් – 125
රාජ්‍ය බැංකු – 8
අරමුදල් – 65
විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති – 124
තවත් ආයතන – 21
පළාත් සභා – 9
පළාත් පාලන ආයතන 340 (337?)
පළාත් සභාවල අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු – 241
පළාත් සභා ප්‍රඥප්තිවලින් පිහිටවූ ආයතන – 64

එකතුව – 2062 (?)


මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයන් – ලක්ෂ 8
පළාත් සභා – ලක්ෂ 3
හමුදා – ලක්ෂ 3
රාජ්‍ය ව්‍යවසායන් තුළ – ලක්ෂ 2+
විශ්‍රාමිකයන් – ලක්ෂ 6 1/2

මෙම සියල්ල එකතු වූ විට රාජ්‍ය අංශයේ සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 22ක් පමණ වේ. ඉතා පැහැදිලිවම මෙය රටේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. මේ එක් අයෙකුගෙන් තව දෙදෙනෙකු යැපේ යයි ගණන් බැලුවොත්, මේ රටේ ජනගහනයෙන් 30%ක්ම යැපෙන්නේ රජයෙන්.



 රජය තවදුරටත් මේ දැවැන්ත රාජ්‍ය සේවයේ බර බදුගෙවන, ඒ අතර සැබැවින්ම වැඩකරන ජනයා මත පටවනවාද? බදු සංශෝධන යෝජනා සමග ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාත් සමාන ජවයකින් යුතුව ඉදිරියට නොගන්නේ ඇයි? සමාජයේ බලවත්ම ස්ථරයක් වන රාජ්‍ය සේවකයන්ට තිබෙන බිය නිසාද? ඉදිරි මැතිවරණයකදී රජයේ සේවකයන් එකතුව ආණ්ඩුව පරදවන නිසාද? ඉතිහාසය පුරාම ලංකාවේ සිදුවුණේ මෙය නොවේද? අපට මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නට බැරිද?

AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...