The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිනක්ෂි ගලවපු කලිසම ඔයාලා ඇයි තාමත් ඇඳගෙන ? - (මිලින්ද රාජපක්ෂ)

T

The Leader Desk

November 1, 2022 • 11:54 AM

දිනක්ෂි ගලවපු කලිසම ඔයාලා ඇයි තාමත් ඇඳගෙන ? - (මිලින්ද රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙන්වන්නේ පැරිස් ෆැෂන් වීක් එකේ වීඩියෝවකි.
  • ගෑණුන්ගේ ඇදුම කොයිතරම් ප්‍රබල දේශපාලන ප්‍රකාශනයක්ද යන පණිවිඩය ඉරානයෙන් ඇරඹී සමස්ත ලෝකයේම කාන්තාවන් හරහා අධිපතිවාදී පිරිමි සමාජයටත් නරුම ආගමික සමාජයටත් කුණාටුවක්ව අද හමා ඇවිත් ඇත.
  • ඉරානය ඇතුලෙනම් අද මෙය මහා සංස්කෘතික අරගලයකි.
  • දිනක්ෂි නම් තරුණ කළාකාරිණිය සිය දරුවා සහ සැමියා සමග පෙනීසිටින ජායාරූපයට, ඇගේ ඇදුම කොට වැඩියැයි දමා ඇති කොමෙන්ටු හුදෙක්ම ලිංගික ඊර්ෂ්‍යාවෙන් එහාට ගිය, අපේ කාන්තාව මත බලහත්කාරයෙන් පටවා ඇති සංස්කෘතික තහංචිවල ප්‍රකාශනයක් යැයි මා සිතන්නේ අද ලෝකයේ සිදුවන අනෙක් දේවලුත් තේරුම්ගැනීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

පෙන්වන්නේ පැරිස් ෆැෂන් වීක් එකේ වීඩියෝවකි. කොළඹ ෆැෂන් වීක් එකත් ඒක බලන්න එන නෝන මහත්තුරුන්ගේ ෆැෂනුත් කදිම ලෝකල් උදාහරණයකි.

 

හැබැයි දැන් මම පෙන්වන්නේ ඉරානයයි. ගෑණුන්ගේ ඇදුම කොයිතරම් ප්‍රබල දේශපාලන ප්‍රකාශනයක්ද යන පණිවිඩය ඉරානයෙන් ඇරඹී සමස්ත ලෝකයේම කාන්තාවන් හරහා අධිපතිවාදී පිරිමි සමාජයටත් නරුම ආගමික සමාජයටත් කුණාටුවක්ව අද හමා ඇවිත් ඇත.

 

mahsaamini

මරා දැමුණු මාහ්සා අමිනී

 

හිජාබ් එකෙන් නිවැරදිව හිස වසාගෙන නොසිටි නිසාවෙන් ආගමික පොලීසියේ අත්අඩංගුවට හසුවී, ගුටිකා, මියගිය වයස අවුරුදු 22 ක තරුණිය වෙනුවෙන් ආරම්භවුණ විරෝධය, ඇදුම් සහ තවත් තහංචි හරහා කාන්තාවන් මත බලහත්කාරයෙන් පටවා ඇති ආගමික සංස්කෘතික  පීඩාවන් ඉවත්කරන ලෙස ඉරාන මුස්ලිම් ජනරජයට බලකරමින්, ඉරානයේ සහ ලොවපුරා සිටින ඉරාන කාන්තාවන් සහ ඔවුන්ට සහය පළකරමින් තවත් බොහෝ ජනප්‍රිය මෙන්ම සමාන්‍ය කාන්තාවන්ද මහා හඩක් නගමින් සිටී. ඉරානය ඇතුලෙනම් අද මෙය මහා සංස්කෘතික අරගලයකි. දේශපාලන සටනකි. ආගමික ප්‍රතිවිරෝධයකි.

 

fer


312957041 10159125497087149 2016608709520676235 nදිනක්ෂි නම් තරුණ කළාකාරිණිය සිය දරුවා සහ සැමියා සමග පෙනීසිටින ජායාරූපයට, ඇගේ ඇදුම කොට වැඩියැයි දමා ඇති කොමෙන්ටු හුදෙක්ම ලිංගික ඊර්ෂ්‍යාවෙන් එහාට ගිය, අපේ කාන්තාව මත බලහත්කාරයෙන් පටවා ඇති සංස්කෘතික තහංචිවල ප්‍රකාශනයක් යැයි මා සිතන්නේ අද ලෝකයේ සිදුවන අනෙක් දේවලුත් තේරුම්ගැනීමෙනි. ඒ කොමෙන්ටුවට පිළිතුරක් දෙමින් දිනක්ෂිගේ සැමියා සාරංග දැමූ ප්‍රකාශය හුදෙක්ම සිය බිරිදගේ කලිසම් ප්‍රශ්නයකට වූ මැදිහත්වීමකට එහා ගොස් අපේ වික්ටෝරියානු පුරුෂාධිපත්‍යට ගැසූ අතුල්පහරක් වන්නේ ඉහත සියලු හේතු නිසාය.

 

කාන්තාව ඇදුම් අදින්න ඕනේ කොහොමද? ඇවිදින්න ඕනේ කොහොමද? සෙක්ස් කරන්න ඕනේ කොහොමද? පිරිසක් ඉදිරියේ හැසිරෙන්න ඕනේ කොහොමද? මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු වසර දහස් ගාණක් තිස්සේ පිරිමි ආගමික නායකයන් විසින් ලියා පලකර ඇත. මිනිසුන් විමුක්තිය වෙත ගෙනයෑමට නිර්මාණය වූ බෞද්ධ, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් වලත් කාන්තාව ඉන්නේ දෙකේ කොලයට වැටීය. පිරිමින්ට යටින්‍ය. උපන්දා සිට ගෑණු ජීවත්වෙන්නේ කෙසේද යන්න පිරිමි විසින් තීරණය කර ඇත. බොහෝ ආගම්වල සහ සංස්කෘතින් වල ගෑණුන්ට හිසේ සිට පාදාන්තය දක්වා ඇග වහගන්න කියන්නේ ගෑණුන්ගේ ශරීරය දැකීමෙන් පිරිමින් ලිංගිකව උද්දීපනය වන බැවිනි. ඉරානයේ ගෑණුන් තම හිස්වැසුම් ගිණිතබා කරන සටන පිරිමි ආගමික සංස්ථාවට එරෙහි ගෝලීය අරගලයක් වන්නේ ඒ නිසාය.

 

දිනක්ෂිලාට එරෙහි මේ බලහත්කාරය ජයගත හැක්කේ සාරංගලාගේ මැදිහත්වීමෙන්ම පමණි. තමන්ගේ බිරිද කැමති විදියකට අදින්න සැමියා ඉඩදීමෙනි. තමන්ගේ දුව කැමති ක්‍රීඩාවක් කරන්න තාත්තා ඉඩදීමෙනි. තමුන්ගේ පෙම්වතිය කැමති විදියකට සෙක්ස් කරන්න පෙම්වතා එකග වීමෙනි. එකගවීම් වලින් පමණක් නොව ඇයගේ ඒ රුචිකත්වය වෙනුවෙන් අනෙක් ගෑණු පිරිමි ඉදිරියේ පෙනී සිටීමෙනි. ගෑණු පිරිමි වෙන්කර උගන්වන මිෂනාරි පාසල් අධ්‍යාපනය වසා දැමීමෙනි. ගුරුවරියන්ට තම ශිෂ්‍යාවන් සමග නටන්න බෑ යැයි කියන නිළධාරීන් පිළිකුල් කිරීමෙනි. ගණිතය විද්‍යාව ඉගෙන ගන්න වැඩි වැඩියෙන් දූවරු පෙළඹවීමෙනි. මැදපෙරදිග වළං හෝදන්න ගෑණු යවන ලංකාවේ පිරිමි ලැජ්ජාවට පත්වීමෙනි.


කාන්තාවන් කෙරෙහි සාමාජයීය හෝ ලිංගික හෝ සංස්කෘතික බලහත්කාරය යෙදීම දුර්වල පිරිමි සමාජයක ලක්ෂණයකි. නිවට පිරිමින්ගේ රටක ලක්ෂණයකි. ඇතැම් ඉස්ලාම් රාජ්‍යන් හෝ ඇතැම් අන්තගාමී කිතුණු සමාජයන් දෙස බලනවිට අපි ටිකක් හොදයැයි කියා හිතාහදා ගැනීමද නියාලු පිරිමි කමකි. කපිල රස්නායකගෙ 'පිරිමියකුගෙන් පැමිණිල්ලක්' නාට්‍යයේ කියනවා මෙන් පිරිමියෙකු ලෙස ව්‍යාජ පිරිමිකමක් මවාගෙන ජීවත්වීමත් අමාරුකමකි. ඒ ගැන වෙනම සංවාදයක් කර පිරිමින් බේරාගැනීමෙන්, තවත් සාරංගලා දාහක් නිර්මාණය කරගත හැක.


මිලින්ද අලුත් පොත ලෑස්තියි! - එලිදැක්වීම 30 සිකුරාදා(මිලින්ද රාජපක්ෂ)
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

Milinda.Rajapaksha@gmail.com


(Milinda Rajapaksha ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...