The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිඹුලාගල දරුවන් දහසක් ආහාර අහේනිය වීම නිසා පාසල් නොයන කතාවේ ඇත්ත -නැත්ත !

T

The Leader Desk

November 2, 2022 • 4:43 AM

දිඹුලාගල දරුවන් දහසක් ආහාර අහේනිය වීම නිසා පාසල් නොයන කතාවේ ඇත්ත -නැත්ත !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් සමාජය තුළ විශේෂ අවධානයක් යොමුව ඇත.
  • දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා සිය පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇති බවට පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් පළවන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් කරුණු විමසා බැලුවා.
  • සමාජ ජාලා සටහන් : දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා පාසල් ගමන නවත්වා ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබෙන ආකාරය දක්නට ලැබුණා.
  • ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් සමාජය තුළ විශේෂ අවධානයක් යොමුව ඇත.


මෙහි පහත පලවන්නේ එම කාරණය සම්බන්ධයෙන්  Fact Crescendo විසින් සිදුකරනු ලැබූ කරුණු විමසා බැලීමකි.


''පවතින ආර්ථික අර්බුදය හමුවේ, සියලු දෙනාම ජිවත්වෙන්නේ දැඩි අපහසුතා මධ්‍යයේ යි. එවන් තත්වයක් තුළ දිළිදුකම, ආහාර හිගය පිලිබදව සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා සිය පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇති බවට පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් පළවන සමාජ  ජාලා සටහන් පිලිබදව අප විසින් කරුණු විමසා බැලුවා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.


සමාජ ජාලා සටහන් :


දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා පාසල් ගමන නවත්වා ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබෙන ආකාරය දක්නට ලැබුණා.

ගම් අටක දරුවෝ ආහාර අහේනියක..!

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ. ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

(නිමල් ජයරත්න)

313439528 10225834476622129 1835383119087435945 n

Facebook | Archived

ජන ජිවිතයට බලපාන කරුණක් නිසා මේ පිලිබදව කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා.


Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම):


අප මුලින්ම 'ලංකාදීප' පුවත්පතේ මෙම පුවත පළව ඇති ආකාරය විමසා බැලුවා. පුවත්පතේ පළව තිබු සටහනම මදක් කෙටියෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළව තිබුණේ මේ ආකාරයෙන්.

'' පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ. ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.


Lankadeepa | Archived


අප මුලින්ම මෙම පුවත ලංකාදීප පුවත්පතේ පලකළ මාධ්‍යවේදියාට කතා කළා. ඔහු පැවසුවේ මෙම සටහනට මුල්වූ සාකච්චාව සිදුවුවේ ලිසි නෝනා නම් ආදිවාසී නායිකාව සහ තමන් අතර බවයි. එමෙන්ම ඒ සදහා වෙනත් මාධ්‍යවේදීන් සම්බන්ධව නොසිටි බවත් ඔහු පැවසුවා. එමෙන්ම ලිසි නෝනා නම් ආදිවාසී නායිකාව මෙම අදහස් පලකල බවට වන හඩ පටද තමන් සතු බවයි ඔහු සදහන් කලේ .එමෙන්ම ප්‍රදේශයේ පවතින තත්ත්වය මෙම පුවත්පත් වාර්තාවේ සදහන් තත්වයට සමාන බවත්, පුවත පලකලේ එය සොයා බැලීමෙන් අනතුරුව බවත් අදාළ මාධ්‍යවේදියා පැවසුවා.

 

ලිසි නෝනා නම් ආදිවාසි නායිකාව සම්බන්ධ කර ගැනීමට අපට හැකියාව ලැබුණු අතර ඇය පැවසුවේ තමන් සිසුන් 10 දෙනෙක් පමණ ආහාර ප්‍රශ්නය නිසා පාසල් නොයන බවක් මාධ්‍යවේදියාට පැවසූ විට ඔහුට එය ඇසී ඇත්තේ දහසක් පමණ ලෙස බවයි. කෙසේ වෙතත් ආහාර හිගය නිසා දුක් විදින පවුල් මෙම ගම්මානවල සිටින බවත් ඇය පැවසුවා. නමුත් පාසල් යන සිසුන්ට පාසල්වලදී උදේ සහ දිවා ආහාර පාසල් මගින් නොමිලේ ලබාදෙන බවයි ඇය පැවසුවේ.

 

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම පුවත ප්‍රතික්ෂේප කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර තියනවා.

ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත මේ පිලිබදව විමසීමක් සිදු කරන පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාද මේ පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා සිටින්නේ දිඹුලාගල ප්‍රදේශයේ එවන් තත්වයක් නොමැති බවයි.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රදේශයේ පාසල් වලට සම්බන්ධ වෘත්තිකයන්ද එවන් තත්ත්වයක් නොමැති බව තහවුරු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටිනවා.

 

c358f8b168f5c70097851c257d5ef675fd46bce5

''ආහාර අහේනියක් දිඹුලාගල ගම් 08ක දරුවෝ පාසල් ගමන නවත්වති පුවත සාවද්‍යයි'' - දිස්ත්‍රික් ලේකම්

 

දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාළ පරිපාලන නිලධාරින් සමග අදාළ පුවත්පත් වාර්තාවේ සදහන් වන ගම්මාන වෙත ගමන් කර ඇති අතර එහිදී තහවුරුව ඇත්තේ එම ගම්මානවල ළමුන් අතර ආහාර හිගය නිසා සම්පුර්ණ පාසල් අධ්‍යාපනයම අතහැර දැමු පාසල් සිසුන් දහසක් සිටින බවට වන පුවත සාවද්‍ය බවයි.

එමෙන්ම එහිදී අදාළ පුවත්පත් වාර්තාවට පාදකවන ප්‍රකාශය සිදු කල බවට පැවසෙන ආදිවාසි නායිකාවක් වන ලිසි නෝනා ද පවසා ඇත්තේ ආහාර හිගය නිසා සම්පුර්ණ පාසල් ගමනම නතර කළ සිසුන් එහි දක්නට නොමැති බවයි.

ආර්ථික දුෂ්කරතා, දෙමව්පියන්ගේ නොසැලකිල්ල, දෙමාපියන්ගේ මත්ද්‍රව්‍යවලට ඇබ්බහිවිම් ඇතුළු විවිධ හේතුන් මත පාසල් ගමනකඩින් කඩ නතර කරන  සිසුන් සිටින බවක් ඇය පවසා තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායම දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකට ගොස් ඇති අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම පාසල්වල සිසුන්ට උදැසන සහ දිවා ආහාරය පාසල්වලින් නොමිලයේ ලබාදෙන බවයි.

පොළොන්නරු දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් ඇතුලු කණ්ඩායම මේ පිලිබදව ඒ ප්‍රදේශයේ සිදුකල සංචාරයේදී ආදිවාසි නායිකා ලිසි නෝනා ව හමුවූ අවස්ථාව, එහිදී ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් මෙන්ම පාසලක විදුහල්පතිනියක් සහ ප්‍රදේශ වාසින් මේ සම්බන්ධයෙන් පලකරන ලද අදහස් පහත වීඩියෝවෙන්..





( Kalana Krishantha - Fact Check)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...