ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලින් බහුතරයකට අදාලව යුක්තිය ඉටු නොවන අතර ලොව පුරා ජනමාධ්‍යවේදීන් එක්ව සෑම වසරකම මෙම දිනය සමරන්නේ මෙම අවාසනාවන්ත තත්ත්වය අවසන් කරන ලෙස රාජ්‍යයන්ට බල කිරීමිනි.
The Leader Desk
November 2, 2022 • 12:23 PM

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලින් බහුතරයකට අදාලව යුක්තිය ඉටු නොවන අතර ලොව පුරා ජනමාධ්‍යවේදීන් එක්ව සෑම වසරකම මෙම දිනය සමරන්නේ මෙම අවාසනාවන්ත තත්ත්වය අවසන් කරන ලෙස රාජ්‍යයන්ට බල කිරීමිනි.
කුමන ක්ෂේත්‍රයකට අදාළව වුව මේ ගැන විවාද කළ හැකි නමුත් , ලංකාවේ මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදුකළ ඝාතන සහ අපරාධ සම්බන්ධයෙන් වාද කිරීමට ඉඩක් නෑ .
එය ලංකා පොළොවේ එතරම් ශාපලත් මතකයක් ලෙස පමණක් නිරුපද්‍රිතව පවතිනවා.
එලෙස අපරාධවලට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා "කළු ජනවාරිය" නිර්මාණය වන්නේ මේ පසුබිමේය.
ඒ ඝාතනයට ලක්වූ, පැහැර ගැනුණු සහ අතුරුදහන් කෙරුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමේ අරමුණෙන්. ඊට හේතුව ලංකාවේ ජන මාධ්‍යවලට, ජන මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය වෘත්තියන්ට එරෙහිව සිදුවූ ප්‍රධාන අපරාධ රැසක් ම ජනවාරි මාසයේදී සිදුව ඇති නිසයි.
"තවත් ජනවාරියක්, තවත් අවුරුද්දක්, කියන්නේ ලංකාවේ තවත් විරෝධතාවක්, හැබැයි මේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ පෑමට සිදුවූ කිසි ම අපරාධයකට වගකිව යුත්තන්ට කිසි ම දඬුවමක් මෙතෙක් හිමිව නෑ.
මේ කතාව ලංකා බිමේ කොතරම් වාරයක් පුණරුච්චාරණය කළත් වැඩි නෑ.
"ජන මාධ්‍යවේදීන් ඉලක්ක කළ අපරාධ ප්‍රබල ලෙස සිදු වෙන්න පටන් ගත්තේ 1981 තරම් ඈත කාලයක සිටයි.
සිදුව ඇති සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ ගවේෂණයන් සිදුව තිබෙනවා . තවත් ගවේෂණ සිදුවෙමින් තිබෙනවා .
නමුත් ඒ ඉතිහාසයේ අද දක්වා ම කිසිදු සිදුවීමකට නීතිය ක්‍රියාත්මකව යුක්තිය ඉටුවෙලා නෑ .
ඒ ඇයි ? ඒ ප්‍රශ්නයට ඇති කවර පිළිතුරක වුවත් පොදු ගුණයක් තිබෙනවා . ඒ මේ සෑම සිදුවීමක්ම පිටුපස ක්‍රියාත්මක රාජ්‍ය මිලිටිරි , පැරා මිලිටරි සහ දේශපාලන සම්බන්ධයක් පැවතීමයි.
නිදර්ශනයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාලක සන්ධානයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය 2004 අප්‍රේල් මාසයේදී බලයට පත් වුණා . නමුත් මාසයක් ගෙවෙන තැන එනම් මැයි 31 වැනි දින, ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී අයියතුරෙයි නඩේසන් නැඟෙනහිර වෙරළබඩ නගරයක් වන මඩකලපුවේදී වෙඩි තබා ඝාතනය වනවා. රජයේ සහාය ලබන පැරාමිලිටරි වෙත එහිදී චෝදනාව එල්ල වුවත් වින්දිතයන්ට ඉටුවූ යුක්තියක් නෑ .
ඔහුගේ ඒ ඝාතනය මාධ්‍යවේදීන් ඉලක්ක කළ පෙර නොවූ විරූ ම්ලේච්ඡත්වයක් සටහන් කළා. මාධ්‍යයට සහ ප්‍රකාශනයේ නිදහසට එරෙහි අප්‍රකාශිත නිල යුද්ධයක් වුනා.
2000.10.19 දා ඝාතනය වූ එම්. නිමලරාජන් ගේ සිට රුෂාන්ගන් කෝඩිස්වරන්, අයියාතුරෙයි ජී නඬේෂන් ,නන්දසාමි අයියර්, ධර්මරත්නම් සිවරාම් ,ආර්. සෙල්වරාජා, සුබ්‍රමනියම් සුගීර්දරාජන්, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත දක්වා සිය ගණනක් මේ යුද්ධය තුළ ඝාතනය වුණා, අතුරුදහන් කෙරුණා, මාරාන්තික ප්‍රහාරයට ලක්වුණා.
මේ ආකාරයට අප රට තුළ අනීතිකව ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සොයා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සිදුකළ ගවේෂනයක් අවසානයේ ඔවුන් හෙළිකළ අනාවරණය බරපතළය.
වර්ෂ 2004ක් වූ මැයි 31 දින මඩකළපුවේදී ඝාතනය කළ මාධ්‍යවේදී අයියතුරෛ නඩේසන්ගේ සිට 2010 ජනවාරි 24 අතුරුදන් කළ ප්‍රගීත් එක්නැලිගොඩ දක්වා වූ ලංකාවේ මාධ්‍ය වෘත්තිකයන් 44 දෙනෙකු ඝාතනය හෝ අතුරුදන් කිරීමට වැයකර ඇති කාලය වසර 6ක් පමණි.
මේ සියල්ලට අදාළ , පැමිණිලි, නඩු විභාග, ගවේෂණ ඇතත්, ඉටුවූ යුක්තියක් නෑ . අපරාධ කරුවන් දණ්ඩ මුක්තිය ලබා නිදැල්ලේ සිටිනවා. අහිමිවූවන්ගේ ඥාතීන් අදටත් යුක්තිය ඉල්ලා හඩා වැටෙනවා.
නික්මගියවුන් පිළිබඳ මතකය
“මගේ රටෙහි
නිදහස යනු
ආත්මය පිස හමන
මුදු පවනැල්ලකට වැඩි යමකි
එය, අපේ සම තුළ කා වැදුණු
නිර්භීත භාවය ද වේ”
- ගෝතමාලානු කිවි රෙනේ කැස්ටිජෝ
(කවිය JDS වෙබ් අඩවියෙන් උපුටා ගැනුනකි)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...