The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අම්බලම් යනු කුමක් ද? - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 3, 2022 • 3:02 PM

අම්බලම් යනු කුමක් ද? - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක තැනක ඉඳල තව තැනකට යන කෙනෙක්ට අතර මඟදී මුණගැහෙන තැනක් තමයි අම්බලම කියන්නේ.
  • ඔබේ අත මා අත ඇති තෙක් තරණය නොකළ හැකි කන්දක් නැත''.
  • There ain't no hill or mountain we can't climb) කියල මේ අධිපති සංස්කෘතික පැවැත්මට එරෙහි ප්‍රථම හිපි ගීතය කියල සළකන්න පුළුවන් I Got You Babe (1965) ගීතයේ තියනවා.
  • මේ අනුව නිශ්චිත නැවතුමක් කියන්නේ යම් ආකාරයක බාධාවක් හැටියට ගන්නත් පුළුවන්.
අකුරු ප්‍රමාණය (Font Size):

එක තැනක ඉඳල තව තැනකට යන කෙනෙක්ට අතර මඟදී මුණගැහෙන තැනක් තමයි අම්බලම කියන්නේ.

ගොඩක් වෙලාවට නිවසක් නැති කෙනෙක් - ඒ කියන්නේ නිශ්චිත හැමදාම යන නිවසක් නැති කෙනෙක්ටත් අම්බලමක් වැදගත් වෙන්න පුළුවන්. අහිකුන්ථික  කෙනෙක් වගේ කියල හිතමු.

එක නිශ්චිත ගෙදරක් කියන්නේ පැවැත්මේ යම් සිරගත වීමක්. රස්සාවට යනවා ආයේ ගෙදර යනවා. කඩේට යනවා ආයේ ගෙදර යනවා. සංගීතේකට යනවා ආයේ ගෙදර යනවා. යනවා යනවා....ඉවරයක් නැහැ. මැරෙනකම් ගෙදර යනවා.



නමුත් ගෙදරක් නැති අහිකුණ්ථික කෙනෙක්ට ආපසු ගෙදර කියල යන්න තැනක් නැහැ. හැරෙන්න වුවමනා කරන්නේ නැහැ. අවසානයක් නැතුව ඕනිනම් ගමන් කරන්න පුළුවන්.



ඕනිනම් කියන්න පුළුවන් අවසානයක් නැති රැඩිකල් ගමනක ආරම්භයක් අහිකුණ්ථිකයෙක්ට තියනවා කියල. නිකම් හිතන්න ගෙදරක් නැති හිපි පැවැත්මක් ගැන.

''මට ඉන්නේ ඔබ විතරයි - ඔබේ අත මට දෙන්න - අපි මේ ලෝකේ ඇවිදගෙන යමු. ඔබේ අත මා අත ඇති තෙක් තරණය නොකළ හැකි කන්දක් නැත''.  
(Then put your little hand in mine. There ain't no hill or mountain we can't climb) කියල මේ අධිපති සංස්කෘතික පැවැත්මට එරෙහි ප්‍රථම හිපි ගීතය කියල සළකන්න පුළුවන් I Got You Babe (1965) ගීතයේ තියනවා.

මේ අනුව නිශ්චිත නැවතුමක් කියන්නේ යම් ආකාරයක බාධාවක් හැටියට ගන්නත් පුළුවන්. එයින් කියවෙන්නේ තමන්ට පැවැත්ම ඇතුලේ මුණ ගැසෙන්න පුළුවන් ගොඩක් දේවල් මේ නිවස කියන සාධකය නිසා මඟ හැරෙන්න පුළුවන් කියන එක. හැබැයි එහෙම කියල ගෙදරක ඉන්න කෙනෙක්ව පාච්චල් කරන්න ඕනිත් නැහැ.  

ඉහත කරුණ නිසා ග්‍රීකයින් නිවසෙන් එළියේ පැවැත්මක් (away from home) ගැන හිතල තියනවා. මේ නිසා බටහිර දර්ශනය ඇතුලේ මේ දැන් අපි ඉන්න පොළොව හැර අනෙක් පොළොවක් නැති නිසා මේ ඉන්න තැන ''අවසන් තැන'' (නිවස ) හැටියට බාර ගත්තට පශ්චාත් නූතන දර්ශනිකයෝ කියන්නේ අවසන් තැනක් ගැන හිතන්නේ නැතුව ගමන් ආරම්භ කරමු කියල.



ඒ නිසා ''තැනක් නැති කම'' (no-place-ness) අවුලක් හැටියට නෙවෙයි එයාල සලකන්නේ. රැඩිකල් නව පැවැත්මක් මූලික ආරම්භයක් හැටියට.



''අම්බලම් වාසීන්'' කියල නක්කලේ දමන සමහරු උණත් ගොඩක් වෙලාවට අම්බලම් වල ඉඳල තියනවා කියල එයාලට දැන් අමතකයි. චන්ද්‍රිකා අම්බලම, මයින්ද අම්බලම, මෛත්‍රී අම්බලම ආදී අම්බලම් ගොඩක් ඒ කාලේ තිබ්බා වගේ මතකයි.

මම කියන්නේ ඒ අම්බලම් පැවැත්මේ හිටපු නිසා තමයි එයාල මෙහෙම අළුත් වෙලා තියෙන්නේ කියල. අළුත් වෙන එක නරක දෙයක් නෙවෙයි.

එක තැනක නොයිද ගමන් කරපු නිසා එයාල වෙනස් වෙනස් ආකෘති වෙත ගමන් කරලා තියනවා. අද එයාල යම් ජනප්‍රිය බවක් අත්පත් කරගෙන තියනවා නම් ඒවත් ඒ අම්බලම් පැවැත්මේ අතුරු ප්‍රතිඵල.

ඒ නිසා අම්බලම් වලට බණින්න එපා. යන්නම තැනක් නැති යම් වෙලාවක අම්බලම් ඕනි වෙයි.


Got You Babe by Sonny and Cher 


Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...