The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'තාමත් ඉස්කොලේ පොතට කොන්ඩම් කියන වචනය දාගන්න බැරිවෙලා' !

T

The Leader Desk

November 6, 2022 • 7:20 PM

'තාමත් ඉස්කොලේ පොතට කොන්ඩම් කියන වචනය දාගන්න බැරිවෙලා' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කර ඇතැත් එයින් සැලකිය යුතු ප්‍රතිලාභ ලැබී ඇද්දැයි යන්න ගැටලුවකි.
  • 'කිසි ප්‍රශ්නයක් සංස්කෘතියටවත් ආගමටවත් ඇතිවෙන්නේ නැහැ' ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ අනාරක්ෂිත ලිංගික අත්හදා බැලීම් ළමුන් අතර ආසාදන ඉහළ යෑමට හේතුවී ඇති බවයි.
  • ඒගොල්ලන්ගේ විෂය නිර්දේශයටත් මේක ඇතුලත් කරලා තියෙනවා.
  • නමුත් අපේ ඇත්තටම සංස්කෘතිය කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 


පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කර ඇතැත් එයින් සැලකිය යුතු ප්‍රතිලාභ ලැබී ඇද්දැයි යන්න ගැටලුවකි.

 

'කිසි ප්‍රශ්නයක් සංස්කෘතියටවත් ආගමටවත් ඇතිවෙන්නේ නැහැ'


ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි පෙන්වා දෙන්නේ අනාරක්ෂිත ලිංගික අත්හදා බැලීම් ළමුන් අතර ආසාදන ඉහළ යෑමට හේතුවී ඇති බවයි.

"හේතු ගොඩක් විශ්ලේෂණය කරලා නැහැ. නමුත් ගොඩක්ම ළමයින්ට ලිංගික උත්තේජන වැඩියි. ඔන්ලයින් ක්‍රම මගින් ළමයි ඉගෙන ගන්න ගිහාම ඉගෙන ගන්න එකම නෙමෙයි ඒකාලෙදී කරන්නේ, ලිංගික උත්තේජන වන වීඩියෝ බලනවා සමහරක් වෙලාවට ඒවා බැලීමෙන් ඒවායේ තියෙන ඒවා කරන්න යොමු වෙනවා. ඒකත් වෙන්න පුලුවන්." විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ, "අපි ගොඩක් කල් ඉදලා ළමුන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න බලාපොරොත්තුවෙන් ගොඩක් වැඩ කටයුතු කළා. ඒගොල්ලන්ගේ විෂය නිර්දේශයටත් මේක ඇතුලත් කරලා තියෙනවා. නමුත් අපේ ඇත්තටම සංස්කෘතිය කියනවා. අපේ ආගම කියනවා. ආගමික නායකයින් මේකට විරුද්ධ වෙනවා. නමුත් එහෙම විරුද්ධ වෙන්න, විරුද්ධ වෙන්න මේ ළමයිට වෙන හානිය වැඩියි." ඇය ප්‍රකාශ කළාය.

dgftg

"තමන්ගේ ඇගේ මේ ලිංගික හෝමෝන ඇතිවුණාම ආරක්ෂිත විදිහට ඒකට ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන එක කිව්වාට කිසි ප්‍රශ්නයක් සංස්කෘතියටවත් ආගමටවත් ඇතිවෙන්නේ නැහැ."

ආසාදිතයින් අතර භික්ෂූන් ද හමුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. "අපේ HIV ආසාදනයට ටෙස්ට් කලාම භික්ෂූනුත් ඉදලා තියෙනවා.

එක්කෙනෙක් දෙන්නෙක්. HIV ආසාදනය වෙලා. ලිංගාශ්‍රාත රෝග සඳහා ප්‍රතිකාර ගන්න එන අයත් ඉන්නවා . මේක විවෘතව කතා කරන්නේ නැති නිසා තමයි, මේකෙන් මිදෙන්නේ කොහොමද කියලා කතා කරන්නවත් විවෘතව බැරි වෙලා තියෙන්නේ." ඇය පැවසුවාය.



වාර්තා වී ඇති දත්ත


මෙරට සමස්ථ HIV ආසාදිතයින් සංඛ්‍යාව 3700ක් පමණ වන අතර ඒ අතුරින් ප්‍රතිකාර ලබා ගන්න පිරිස 2700කට ආසන්න වෙයි.

ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ දත්තවලට අනුව පසුගිය වසරේ පළමු කාර්තු දෙක තුළ ආසාදිතයින් 148 දෙනෙකු හඳුනා තිබේ.

විශේෂඥ වෛද්‍ය රාසාංජලි හෙට්ටිආරච්චි සඳහන් කළේ, "ගොඩක් වෙලාවට කොළඹ , ගම්පහ වගේ තමයි වැඩියෙන්ම ආසාදිතයින් හොයා ගෙන තියෙන්නේ. ගොඩක්ම පාසල් ලමයි අලුතෙන්ම සම්බන්ධතා ඇතිවෙච්ච අයත් එක්ක ලිංගික සම්බන්ධතා ඇති කරගෙන එහෙම HIV ආසාදනය වෙලා තියෙනවා. ගොඩක් මත්ද්‍රව්‍ය භාවිතා කරලාත් ලිංගික සම්බන්ධතා කිරීම මගින් HIV ආසාදනය වැඩි වීමක් දක්නට ලැබෙනවා. ඒ එක්කම කොළඹ පැතිවල කණ්ඩායම් වශයෙනුත් ලිංගික සබඳතා සිදුකරනවා. ඒගොල්ලන්ගේ ගොඩක් HIV ආසාදිතයින් ඉන්නවා."

2021 වසරේ ජනවාරි සිට ජුනි දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 147ක් වන අතර 2022 වසරේ ජනවාරි සිට ජුනි දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 274කි.

2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 342ක් වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අනාවරණය කරයි.

මේ වසර තුළ වාර්තා වූ HIV ආසාදිත වයස අවුරුදු 18 -30 ත් අතර තරුණ තරුණියන් සංඛ්‍යාව 50කි.

ආසාදිතයින් අතර වැඩි පිරිස පිරිමි පුද්ගලයින් බවත් ඒ අතර විශ්වවිද්‍යාල ළමයි 14 දෙනෙකු සහ පාසල් ළමුන් 3 දෙනෙකු ද සිටින බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.


95%ක්ම බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වලින්


HIV ඇතුළු අනකුත් ලිංගාශ්‍රිත රෝගවලින් 95%ක්ම බෝ වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා මගිනි.

විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ පාසල් තුළ ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ලබා නොදීම මෙන්ම රෝගය පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කිරිම මෙම තත්ත්වයට එක් හේතුවී ඇති බවයි.

තමන් HIV ආසාදිතයෙකු දැයි හඳුනා ගැනීම සඳහා අවදානම් කණ්ඩායම් කඩිනමින් පරික්ෂණ සඳහා යොමු වීමේ වැදැගත්කමද ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාර අවධාරණය කරයි.

dde

"තාමත් ඉස්කොලේ පොතට කොන්ඩම් කියන වචනය දාගන්න බැරිවෙලා තියෙනවා."

ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සක්‍රීය ලෙස කටයුතු කරන ක්‍රියාකාරිනියක වන ග්‍රාස්රූටඩ් ට්‍රස්ට්හී (bakamoono.lk) පබා දේශප්‍රිය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ 'ඒඩ්ස් හැඳුනොත් මැරෙනවා' යන ආකල්පය මෙරට සමාජයෙන් තවමත් ඉවත්ව ගොස් නොමැති බවය.

"2030 වෙද්දි නව ආසාදන සම්පුර්ණයෙන් වළක්වන්න ජාතික ප්‍රතිපතියක් තියෙනවා. නව ආසාදන ඇතිවෙන්නේ එක්කෝ බෙහෙත් ගන්නේ නැති පුද්ගලයෙකුගෙන්, එහෙම නැතිනම් තමන්ට එච්.අයි.වී තියෙනවා කියලා දන්නෙ නැති පුද්ගලයෙකුගෙන්. මොකද කෙනෙකුට HIV තියෙනවා කියලා ටෙස්ට් එකකින් හඳුනා ගත්තහාම එයා බෙහෙත් ගන්නවා නම් එයාගේ වෛරස් ප්‍රමාණය (viral load) අන් ඩිටෙක්ටර්බල් කියන මට්ටමට ගෙනාවම එයාගෙන් කාටවත් එච්.අයි.වී හැදෙන්නේ නැහැ." ඇය පෙන්වා දුන්නාය.

"රජයේ ප්‍රතිපත්තිය ටෙස්ට් ඇන්ට් ට්‍රීට් කියන එක. ටෙස්ට් කරලා ට්‍රීට්මන්ට් කරන එක. කාගෙන්වත් කාටවත් ආසාදන වෙන්නේ නැතිව සම්පූර්ණ ලිංගික ජීවිතයක් ගත කරන්න පුලුවන්." ඇය කියා සිටියේ අනවශ්‍ය ලෙස සංවේදී දත්ත හෙලි දරව් කිරීම තුළින් හෝ බිය ගන්වන සුලු ප්‍රවෘත්ති පළ කිරීම තුළින් ආසාදිතයින් කොන් කිරීමක් හෝ පරීක්ෂණවලට යොමු නොවීමේ වාතාවරණක් ඇති විය හැකි බවයි.

එහෙත් මෙවැනි දත්ත තුළින් ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ හිඩැස ගැන මතු කිරීමට අවස්ථාවක් ලැබෙන බව ද පබා දේශප්‍රිය පෙන්වා දුන්නාය.

"ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ හිඩැස ගැන මතු කරන්න අවස්ථාව මේ හරහා ලැබෙනවා. අපේ සිලබස් එක ගත්තාම 11 වසරේදී එච්.අයි.වී ට්‍රීට්මන්ට් ගැන තියෙනවා. සෙක්ස් ගැන තියෙනවා. මවගෙන් දරුවාට යන්නැති වෙන එක ගැන තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. හැබැයි මේක ඔප්ෂනල් සබ්ජෙක්ට්. එතකොට තෝරගන්න කිහිපදෙනෙකු විතරයි කරන්නේ. මේක අන්තිම පාඩමට කලින් එක. ඒ හින්දා ඒක ඉගෙනගන්න වෙන්නේ නැහැ." ඇය සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ "කොහොම වුණත් මේ වෙනකම් ම තාමත් ඉස්කොලේ පොතට කොන්ඩම් කියන වචනය දාගන්න බැරිවෙලා තියෙනවා. ලිංගික සම්බන්ධතාවයෙකදී අපි ආරක්ෂිතව ලිංගිකව හැසිරෙනවා නම් අපිට එච්.අයි.වී පැතිරෙන එක වළක්ව ගන්න පුලුවන් කියන එකනේ පළමු එක. හැබැයි කොන්ඩම් කියන වචනය කියන්න බැරිවෙලා තියෙනවා. අපිට අපේ පොතේ කොන්ඩම් කියන එක කියන්න බැහැ අපිට තාම."


"ලිංගික කරුණු උගන්වන්නේ නැති එක,ප්‍රජනන පද්ධතිය ගැනවත් උගන්වන්නේ නැති එක ප්‍රධාන ගැටලුවක්. මොකද ළමයෙකුට, ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට වුණාත් අර ළඟාවෙලා කතා කරන්න ගුරුවරයෙකු නැහැ කියන එක තියෙනවා නේ අපේ පාසල් පද්ධතිය තුළ. සෙක්ස් ගැන කා එක්වත් කතා කරන්න බැහැනේ. 


දෙයක් ඉගෙන ගන්න තමන්ගේ ශරීරය ගැන තමන්ට දැනෙන විදිහ. එවා කතා කරන්න තියෙන අවකාශය නැහැ නේ, අපේ ඉස්කොලේ. එතකොට ප්‍රාථමික පාඩම් උගන්වන්නේ නැති එකයි. ආරක්ෂිත පරිසරයක් නැහැ. මේ තොරතුරු දැන ගන්න ඕන ළමයිටවත් තව දැනගන්න. කවුරුහරි ඇහුවත් 11 වසරේ පොත අරගෙන බලලා කියලා දෙන්න ටීචර් කෙනෙක් ඉන්නවා නම් ළමයිට අවස්ථාව තියෙනවානේ ඒ ටිචර් හම්බවෙලා ඉගෙන ගන්න. දැන් ඒවාගේ තත්ත්වයක් නැහැ."
පබා දේශප්‍රිය පෙන්වා දුන්නේ "ලිංගිත්වය ගැන අපේ සාකච්ඡාව හරිම ප්‍රාථමික තැනක නේ තියෙන්නේ ඉතින්."යනුවෙනි.


දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙරට ලිංගික කැමැත්ත ඇති වයස අවුරුදු 16ක් ලෙස දැක්වෙයි.


"ලංකාවේ ඒජ් ඔෆ් කන්සෙන්ට් එක අවුරුදු 16. අවුරුදු 16 ළමයෙක් සෙක්ස් කරනවා නම්, මේකයි කරන්න ඕනේ, ආරක්ෂිතව ගැබ් ගැනීමක් සහ අනෙකුත් සමාජ රෝග වළක්වා ගන්න කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කියලා කියන එක අත්‍යාවශ්‍ය දැනුමක් නේ, ඒ අවධියට එනකොට. එතින් ඒක නිසා ගැබ් ගැනීමුත් වැඩි වෙනවා" ඇය වැඩි දුරටත් කියා සිටියාය.

(BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'තාමත් ඉස්කොලේ පොතට කොන්ඩම් කියන වචනය දාගන්න බැරිවෙලා' ! | The Leader