The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 8, 2022 • 2:55 AM

 ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණියගේද යම් කැමැත්තක් ඇතිව පැවැත්වුනු බවක් පැහැදිලි මේ සම්බන්ධයේ කොතනකදි හෝ ඇගේ අකමැත්ත නොතකා ක්‍රීඩකයා ඇය සමග ලිංගික හැසිරීමක් සිදුකර තියෙනවා.
  • සම්බන්ධතාවයකදී එකිනෙකා අතර ඇති මිනිස් ගරුත්වයේ තරම මත එම එක්වීම අතවරයක්ද නැද්ද යන්න තීරණය වෙනවා.
  • කාන්තාවන් සම්බන්ධයෙන් නීතියේ පවතින වැඩි නම්‍යශීලී බව සමහරුන් වාසිය පිණිස යොදාගන්නවා.
  • ලිංගික එක්වීමකින් පසු ඕනෑම කාලයකදී කාන්තාවකට මෙසේ තමන්ට අතවර වූ බවට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරුණියගේද යම් කැමැත්තක් ඇතිව පැවැත්වුනු බවක් පැහැදිලි මේ සම්බන්ධයේ කොතනකදි හෝ ඇගේ අකමැත්ත නොතකා ක්‍රීඩකයා ඇය සමග ලිංගික හැසිරීමක් සිදුකර තියෙනවා.

දැන් මේ ගැන විවිධාකාරයේ අදහස් යෝජනා පළවුනත් මේ පරාසය අතිශයින්ම නිශ්චිත නොවූ බොඳවුනු කලාපයක්. කැමැත්තෙන් ආරම්භ කරන ලිංගික සම්බන්ධතාවයක් වුනත් මගදී යම් කෙනෙක් විසින් අකමැත්ත පළ කළහොත් වහාම එය නතර කිරීමයි සිදු විය යුත්තෙ. ඒත් ඒක ඒ තරම්ම සරලද? අකමැත්ත පළකිරීම තේරුම් ගත නොහැකි තරමේ හැගීම් කුලප්පුවක අනෙකා ඉන්න පුළුවන්. මෙවන් සිදුවීමක් නීතිමය තත්වයක් දක්වා දුරදිග යාම කියන්නෙම ඒ දෙදෙනා අතර පැවතුනු මිනිස් ගනුදෙනුවේ අවුලක්.

තරුණියකට නිරුවත්ව යහන්ගත වී සිටියදී වුවත් සම්බන්ධතාවය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. පිරිමියෙකුටත් මේ අයිතිය මේ විදිහටම හිමි විය යුතුයි. සම්බන්ධතාවයකදී එකිනෙකා අතර ඇති මිනිස් ගරුත්වයේ තරම මත එම එක්වීම අතවරයක්ද නැද්ද යන්න තීරණය වෙනවා.

එක පැත්තකින් ධනුෂ්ක ඇය එපා කියද්දීත් එසේ හැසිරුනා නම් ඔහු වරදකරුවෙක්. එපා යන්න හරි හැටි ඔහුට නොවැටහුනා නම් ඔහු අසරණයෙක්.

  අනෙක් පැත්තෙන් මෙම කන්සෙන්ට් එක අවලංගු කිරීමේ අයිතිය මෑතක සිට බොහෝ කාන්තාවන් වංචනික ආකාරයෙන් පාවිච්චි කරන ස්වරූපයකුත් තියෙනවා. පලිගැනීමේ චේතනාවෙන් හෝ මුදල් සහ ප්‍රසිද්ධිය ලබාගැනීමේ චේතනාවෙන් මෙය ඉතාම පහසුවෙන් කළ හැකි චෝදනාවක්. කාන්තාවන් සම්බන්ධයෙන් නීතියේ පවතින වැඩි නම්‍යශීලී බව සමහරුන් වාසිය පිණිස යොදාගන්නවා. ලිංගික එක්වීමකින් පසු ඕනෑම කාලයකදී කාන්තාවකට මෙසේ තමන්ට අතවර වූ බවට පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. (ඇතැම් රටවල නඩු විභාග කිරීම සහ දඩුවම් ලබාදී‍ම සඳහා නිශ්චිත කාල රාමු පණවා තියෙනවා. උදා විදිහට ඉන්දියාවේ අතවරයෙන් අවුරුදු තුනකට අඩු කාලයකදී පැමිණිලි කළයුතු වෙනවා)


ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී තරුණිය විසින් දන්වා සිටි පරිදි කොන්ඩම් පැළඳීම සිදු නොකළ නිසා මෙය අතවරයක් හැටියට පැමිණිලි කළ බවටත් කියවෙනවා. එහෙම වුනා නම් එය තරුණියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් මතු කරන තත්වයක්. කෙටි වින්දනයක් වෙනුවෙන් ආරක්ෂාකාරී නොවන අයුරින් සබඳතා පවත්වන පිරිමියෙකුගෙන් යම් ලිංගිකව බෝවන රෝගයක් පවා ඇයට වැළඳීමට ඉඩ තියෙනවා. නමුත් අපි මේ කිසි දෙයක් ගැන ස්ථිරව කියන්න දන්නෙ නෑ.

WhatsApp Image 2022 11 07 at 9.27.21 AM
ධනුෂ්කට සිදුවුනු දේ ගැන බොහෝ අවවාද අනුශාසනා දෙන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. මේ අවදානම ඕනම පිරිමියෙකුට තියෙනවා. ඕනම අවස්ථාවක පිරිමියෙක් හා යහන්ගත වන කාන්තාවකට එය අකමැත්ත මත සිදුවූ යමක් යැයි චෝදනා ගොනු කිරීමේ අවකාශ තියෙනවා. එය කාන්තාවක් සම්බන්ධයෙන් ආරක්ෂාවට අවශ්‍ය තත්වයක් වගේම ඉතාම පහසුවෙන් වෙනත් අරමුණු සඳහා යොදා ගත හැකි තත්වයක්.

මේ නිසා අපිට කරන්න පුළුවන් අපි පවත්වන සම්බන්ධතාවල මනුස්ස ගණුදෙනුව නිසි ආකාරයෙන් පවත්වාගැනීමම විතරයි. අපේ යහන්ගත වීම නීතිය මැදිහත් විය යුතු තත්වයක් බවට පත් කරගන්නවා වෙනුවට එය ආදරය සහ විශ්වාසය මූලික එක්වීමක් බවට පත් කරගැනීමයි වැදගත්. එකිනෙකාට වඩාත් ගරු කිරීමයි වැදගත්. අනෙකාගේ සන්නිවේදනය නිසි ආකාරයෙන් වටහා ගැනීමකින් තොරව ලිංගිකව එක්වීමට යාම බෙහෙවින් අවදානම්කාරී දෙයක්.

ධනුෂ්කට බණ කියනවාට වඩා ධනුෂ්කට වූ දේ අපි (පිරිමි) කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නෙ.


Chinthana D

 

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)



සබැඳි පුවත් :

ධනුෂ්ක ගුණතිලක බන්ධනාගාරයට - ඉහළ උසාවියකට ඇප අයැදුමක් !


පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)


ධනුෂ්ක ගුණතිලක ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි : කුමක් වෙයිද?


ධනුෂ්ක ගුණතිලකට ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් !


ධනුෂ්ක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට - චෝදනා 04ක් !

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...