The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 9, 2022 • 5:54 AM

අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කතාවේ වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන බවයි.
  • අගෝස්තු 5දා මා ෆේස්බුක්හි තැබූ සටහනක් මට හමුවුණා.
  • ඕකෙ ඇත්ත නම්, සුබසාධනය යන්තමින් නඩත්තු කරන්නේ ඔය රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නයි.
  • විශ්‍රාමිකයන් ද ඇතුළුව රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 22ක් බව පසුගිය දෙසැම්බරයේදී කෝප් කමිටුවේ එවකට සභාපති චරිත හේරත් පෙන්වා දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):

කතාවේ වැදගත්ම කොටස වන්නේ රාජ්‍ය සේවය කුඩා කර කාර්යක්ෂම කරන බවයි.


2016 අගෝස්තු 5දා මා ෆේස්බුක්හි තැබූ සටහනක් මට හමුවුණා. “රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නෙ සුබසාධනය වෙනුවෙන් ය කියන එක පට්ටපල් බොරුවක්. ඕකෙ ඇත්ත නම්, සුබසාධනය යන්තමින් නඩත්තු කරන්නේ ඔය රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නයි. ඕක ඕනැම ඉස්කෝලෙකට, ඉස්පිරිතාලෙකට ගියාම පීඩිතයෝ දකිනවා.”


ඒ ආයතනවල ප්‍රධාන කාර්යය තමයි රාජ්‍ය සේවකයන්ට වැටුප් හා වරප්‍රසාද දීම. ඔවුන් වැඩකරන්නේ එය සාධාරණීකරණය කරන මට්ටමට පමණයි.

 

විශ්‍රාමිකයන් ද ඇතුළුව රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 22ක් බව පසුගිය දෙසැම්බරයේදී කෝප් කමිටුවේ එවකට සභාපති චරිත හේරත් පෙන්වා දුන්නා. මෙය රටේ ජනගහනයෙන් 10%කට ආසන්නයි. එක් අයෙකුගෙන් තවත් දෙදෙනෙකු යැපෙන බවට අනුමාන කළොත් රටේ ජනගහනයෙන් 30%ක් යැපෙන්නෙ රජයෙන්. ඒ රජයේ සේවකයන්ගෙ වැටුප් ගෙවන්නට පමණක් රාජ්‍ය ආදායමෙන් 58%ක් වැය වෙන බව අනුර කුමාරම පවසනවා. රාජ්‍ය වියදම්වල ප්‍රධාන පංගුව වන රාජ්‍ය සේවක වැටුප් නිසා තමයි රජය මේ තරම් දේශීය හා විදේශීය වශයෙන් ණය වුණේ. මේ පිරිස තමයි රාජ්‍ය ණයට වැඩියෙන්ම දායක වූ කණ්ඩායම. ඒ අයගේ මතවාදී නායකත්වය තමයි ජනතා විමුක්ති පෙරමුණ.

 

ජවිපෙ හැමදාමත් පෙනීසිටියෙ රාජ්‍ය අංශයේ රැකියා දීම වෙනුවෙන්. රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රස්සා ඉල්ලා උද්ඝෝෂණ මෙහෙයෙව්වේ ජවිපෙ. දේශපාලකයන් විසින් වරාය, ශ්‍රීලන්කන්, ලංගම, ලංවිම, පෙට්‍රෝලියම් වැනි ආයතනවලට පුරවන සේවකයන් ජවිපෙ තමන්ගෙ වෘත්තීය සමිතිවලට බඳවාගත්තා. අනුර කුමාර දිසානායකගේ පුතා ශ්‍රීලන්කන් ගුවන් සේවයට බැඳීමත් සිදුවන්නෙ ඒ පාරෙන්ම තමයි. එතැන් සිට ඔවුන්ගේ වරප්‍රසාදිත තත්වය රැකදීම වෙනුවෙන් තමයි ජවිපෙ පෙනීසිටියෙ. මේ සේවක අකාර්යක්ෂමතාව නිසා මේ රාජ්‍ය ආයතන කොච්චර පාඩු ලැබුවත්, ජවිපෙ හැමවිටම ඇඟිල්ල දික්කරන්නෙ ආණ්ඩුවට. අඩුගානෙ ඉහළ නිලධාරීන්ටවත් ඔවුන් චෝදනා කරන්නෙ නැති තරම්. හේතුව, ඒ තමයි ඔවුන්ගෙ අපේක්ෂිත ඡන්ද පදනම.



ජවිපෙ පමාවී හෝ මේ අවබෝධයට පැමිණි එක හොඳ තත්වයක්. හේතුව, මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන විප්ලවීය පරිවර්තන ඇතුළෙ මේ තත්වය වෙනස් වෙමින් තිබෙනවා. ආණ්ඩුව රාජ්‍ය සේවා බඳවාගැනීම් අවම කර තිබෙනවා. එසේම, වැඩි වයස් සේවකයන් විශ්‍රාමගන්වනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි ආයතනවලට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහන් හඳුන්වාදී තිබෙනවා.


රාජ්‍ය අංශය කුඩාකරන්නට මේ විතරක් මදි. බොහෝ අංශ පෞද්ගලීකරණය කරන්නට සිදුවෙනවා. ශක්තිමත් පෞද්ගලික අංශයක් හදන බව අනුර කුමාර කියනවනෙ. ඔව්, ඒ සඳහා හොඳ ආරම්භයක් තමයි රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය. දිගින් දිගටම පෞද්ගලිකකරණයට විරෝධය පාමින් ඒ සියලු ප්‍රයත්නයන් කඩාකප්පල් කිරීමටත්, සුපුරුදු අකාර්යක්ෂමතාව නඩත්තු කිරීමටත් මුල්වුණේ ජවිපෙ වෘත්තීය සමිති බව රහසක් නෙමෙයි.

 

ජවිපෙ ආණ්ඩු බලය සම්බන්ධයෙන් යම් බැරෑරුම් සිතීමක් කරා එළැඹෙමින් සිටින බව පැහැදිලිව දකින්නට ලැබෙනවා. තමන් කවදාවත් පිහිටුවන්නේ නැති ආණ්ඩුවකදී කළ යුතු දේ පාලකයන්ගේ ඇඟේ අතුල්ලමින් සිටි ජවිපෙ දැන් තමන්ගේ ආණ්ඩුවක් යටතේ ඇත්තටම කරන දේ ගැන කතාකිරීම ඉතා හොඳ ප්‍රවණතාවක්.

 

හැබැයි, ජවිපෙටත් එහෙම කරන්නට සිදුවුණේ රනිල් වික්‍රමසිංහ මේ විප්ලවීය ප්‍රතිසංස්කරණවලට ඉතා ශක්තිමත් ලෙස පිවිස තිබෙන පසුබිමකයි. රනිල් කවදාවත් ජනප්‍රියවාදියකු වුණේ නැහැ. හැබැයි, ජවිපෙ හැමදාමත් ජනප්‍රියවාදයන් පසුපස ගිය පක්ෂයක්.


ඉදිරියේදී තව වැදගත් වෙනස්කම් සිදුවේවි කියලා හිතන්නට අපට පුළුවන්.



අඥාන අසාර 'එක රටක් - එක නීතියක්' - අජිත් පැරකුම් ජයසිංහ(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk



සබැඳි පුවත් :
ගොඩයන්න නං රාජ්‍ය සේවය කුඩා කරන්න - අනුර කියයි


බදු විතරද? රජයේ බර එතකොට? - (අජිත් පැරකුම් ජයසිංහ)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ) | The Leader