The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ෆනී කප්ලාන්, ලෙනින්ට වෙඩි තැබූවේ ඇයි? - (රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

November 9, 2022 • 4:35 PM

ෆනී කප්ලාන්, ලෙනින්ට වෙඩි තැබූවේ ඇයි? - (රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තබන ලද වෙඩි තුනෙන් දෙකක් ලෙනින්ගේ ගෙල ප්‍රදේශයටත් අනෙක පෙනහළු වලටත් තුවාල සිදු කොට තිබිණි.
  • දී මිය යන තුරුම මෙම වෙඩි ප්‍රහාරයන්ගෙන් සිදු වූ තුවාල වලින් ඇතිවූ ආබාධවලින් ඔහු පීඩා වින්දේය.
  • මෙම වෙඩි තැබීම සිදුකළ 28 හැවිරිදි ෆනී කප්ලාන් (Fanny Caplan ) සාර් රජුගේ අනුගාමිකයෙකු හෝ දක්ෂිණාංශිකයෙකු නොව, එවකට පැවති වාමාංශික ව්‍යාපාරයක් වූ සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ ( Socialist Revolutionary party) සාමාජිකාවකි.
  • සැප්තැම්බර් 3 දින හිසට වෙඩි තබා ඇය ඝාතනය කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):



තබන ලද වෙඩි තුනෙන් දෙකක්  ලෙනින්ගේ ගෙල ප්‍රදේශයටත් අනෙක පෙනහළු වලටත් තුවාල සිදු කොට තිබිණි.  1924 දී මිය යන තුරුම මෙම  වෙඩි ප්‍රහාරයන්ගෙන් සිදු වූ තුවාල වලින්  ඇතිවූ ආබාධවලින් ඔහු පීඩා වින්දේය.

මෙම වෙඩි තැබීම සිදුකළ 28 හැවිරිදි ෆනී කප්ලාන් (Fanny Caplan ) සාර් රජුගේ අනුගාමිකයෙකු හෝ දක්ෂිණාංශිකයෙකු නොව, එවකට පැවති වාමාංශික ව්‍යාපාරයක් වූ සමාජවාදී විප්ලවවාදී පක්ෂයේ ( Socialist Revolutionary  party) සාමාජිකාවකි.

ඇයව අත්අඩංගුවට පත්වීම පිළිබඳව විවිධ මතවාද ඇතත් බොල්ෂෙවික් පක්ෂයේ පාලනය යටතේ පවත්වාගෙන ගිය රහස් පොලිසියට ඇය කළ ප්‍රකාශයේ '' විප්ලවයේ ද්‍රෝහියකු වූ බැවින් තමන් මෙම වැඩි තැබීම සිදුකළ බව '' කියා ඇතත් වෙන කිසිවෙකුගේ නම් හෙළිදරව් කළේ නැත,

රුසියාවේ 1917 පෙබරවාරි මස සිදුවූ (1917 පෙබරවාරි 23 මාර්තු 3) විප්ලවයේ දී වඩාත් ප්‍රබල වූයේ ද වැඩි සාමාජික පිරිසක් සිටියේද සමාජවාදී විප්ලවවාදී පක්ෂයටයි.

 1918 සැප්තැම්බර් 3 දින හිසට වෙඩි තබා ඇය ඝාතනය කරන ලදී.



Stalin Trotskyජෝසප් ස්ටාලින් - ලියෝන් ට්‍රොස්කි


වාමාංශික පක්ෂවල කල්ලිවාදය හා මත ගැටුම් උග්‍ර වූ විට එය ඉතා දරුණු තත්වයට පත් වේ. ජෝසප් ස්ටාලින් විසින් සිදුකළ ලියෝන් ට්‍රොස්කි ඝාතනය සහ 1930 -40 අතර සිදු කර මහා සංහාරය වැනි මර්ධනකාරී සිදුවීම් බොහෝ සමාජවාදී රටවල් වලින් වාර්තා වී ඇත.

1947 පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට වාමාංශිකයන්ට නොහැකිවූයේ ලංකා සම සමාජ පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් කල්ලි වලට බෙදී සිටි බැවිනි.

 වර්තමානයේ අරගලය හා ආශ්‍රිතව සිදුවන වාමාංශික පක්ෂවල මත ගැටුම් ද අපට සිහිපත් කරන්නේ අතීත වාමාංශිකයන්ගේ ක්‍රියා කලාපයයි.


Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...