The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 11, 2022 • 10:12 AM

එකා වගේ ගොඩයන්න - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අකාර්යක්ෂම මෙන්ම රටට විශාල බරක් වෙලා කියලත් අනුර කියනවා.
  • මේ නිසා රාජ්‍ය අංශය කුඩා කළ යුතු බවත් කාර්යක්ෂම කළ යුතු බවත් එයා අවධාරණය කරනවා.
  • ජනතාවත් රස්සාවක් දෙනවා නම් චන්දෙ දෙන නිසා මේ අවාසනාවන්ත තත්වය උද්ගත වෙලා තියෙන බව අනුර මතක් කරනවා.
  • දේශපාලනය මොකක් වුනත් අනුරලා අද මේ ඇවිත් තියෙන තැන රටට මේ මොහොතේ අවශ්‍යම තැන බව කියන්න ඕන.
අකුරු ප්‍රමාණය (Font Size):

අකාර්යක්ෂම මෙන්ම රටට විශාල බරක් වෙලා කියලත් අනුර කියනවා. මේ නිසා රාජ්‍ය අංශය කුඩා කළ යුතු බවත් කාර්යක්ෂම කළ යුතු බවත් එයා අවධාරණය කරනවා. ජනතාවත් රස්සාවක් දෙනවා නම් චන්දෙ දෙන නිසා මේ අවාසනාවන්ත තත්වය උද්ගත වෙලා තියෙන බව අනුර මතක් කරනවා.


''අපේ ආණ්ඩුවක් යටතේ රජයේ ආයතනවලට දේශපාලන පත්වීම් දෙන්නෙ නෑ. රාජ්‍ය අංශය කුඩා කරනවා. එළියෙ ආර්ථිකය අවස්ථා විශාල කරනවා'' - අනුර කුමාර දිසානායක






සාමාන්‍යයෙන් සියල්ල නිකං ලබාදිය යුතු යැයි කියන, විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට රජයේ රැකියාම දිය යුතු යැයි කියන රටේ විශාලතම වාම ව්‍යාපාරය මෙවන් තැනකට ආපු එක ගැන ප්‍රශංසා නොකිරීම කුහකකමක්. දේශපාලනය මොකක් වුනත් අනුරලා අද මේ ඇවිත් තියෙන තැන රටට මේ මොහොතේ අවශ්‍යම තැන බව කියන්න ඕන.


අපි ඉන්නෙ ආර්ථික අර්බුදයක. රාජ්‍ය සේවයේ දරන්න වෙලා තියෙන විශාල බර මේ අර්බුදයේ කොටසක්. අපනයන ආර්ථිකය විශාල කිරීම, සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම වගේ කාරණා ගැනත් අනුර කුමාර දිසානායක එයාගෙ කතාවෙදි ඉස්මතු කරන කාරණා.


රටේ ආර්ථිකය වෙනුවෙන් පක්ෂ භේද අත්හැර, දේශපාලන බල උවමනා මඳකට පසෙක තබා එක්වෙන්න කියලා අපි කියද්දි ජවිපෙ සමහර සාමාජිකයනුත් අපිට කිව්වෙ රනිල්ට කඩේ යනවා කියල. අපි එදා ඉඳන් කිව්වෙත් අනුර අද කියන දේම තමයි. නොවැම්බර් 09 වෙනිදායින් ආරම්භ වෙන ගොඩයමු පුරවැසි ව්‍යාපාරයට අනුරගේ කතාව හොඳ ආරම්භයක් වෙන්නෙ ඒකයි.

 

මේ රටේ නිදහස ලැබූ දා පටන් පවතින ප්‍රධාන ව්‍යසන දෙකක් තියෙනවා. එකක් තමයි ජාතිකවාදය. මේ රටේම සියල්ල නිෂ්පාදනය කළ යුතු යැයි කියන, විවෘත ආර්ථිකයට බාධා කරන ජාතිකවාදී සහ ජාතිවාදී ප්‍රවණතාවය. මහින්ද රාජපක්ෂගේ කාලෙදි මේක සිංහල ව්‍යාපාර දක්වාම අන්තවාදී තැනකට ගමන් කළා. දෙවෙනි එක තමයි සියල්ල රජය විසින් කළ යුතු යැයි කියන සුබසාධනවාදී මානසිකත්වයට ඇබ්බැහි වූ වාමවාදය. මේ රටේ සියලු ආණ්ඩුවලට මේ ජාතිකවාදී වාමවාදී අත්අඩංගුවට පත්වෙන්න සිද්ද වුනා. විවෘත ආර්ථි‍කයේ පියා වූ ජේආර් පවා ජාතිකවාදයේ ගොදුරක් වුනා. අද අපි මේ මුහුණදෙන අර්බුදයේ ප්‍රධාන වග උත්තරකරුවා වෙන්නෙ මේ ජාතිකවාදී වාමවාදී මෙන්ටැලිටියයි.

 

ඒ වගේම තව පැත්තකින් අත්හැරීමේ සහ සියල්ල කර්මය ලෙස බාරගැනීමේ ආගමික නැඹුරුවකුත් එනවා. දියුණු වෙන, නව ව්‍යවසායකත්වයන්ට පණදෙන ආධ්‍යාත්මික දර්ශනයක් වෙනුවට රටේ ප්‍රධානව පවතින්නේ ලෞකික ජීවිතය අධෛර්යය කරන ආධ්‍යාත්මිකත්වයක්. යුරෝපයේ ධනවාදයේ සංවර්ධනයට ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානියේ සහාය කොයිතරම්ද කියල මතක් කරන්න වටිනවා. ඒ වෙනුවට අපේ පොදුජන මනස අරා සිටින්නේ සංවර්ධන විරෝධී ආගමික දැක්මක්.


මේ ඉතිහාසයක් පුරා අපිව ආතුර කළ ලෙඩ මානසිකත්වයෙන් අපිට ගැලවෙන්න සිද්ද වෙනවා. ලෝකයේ නව වෙළඳපොල එක්ක අපිට තරග කරන්න සිද්ද වෙනවා. නව නිපැයුම් නව ව්‍යාපාර අවස්ථා වෙනුවෙන් මහන්සි වෙන්න සිද්ද වෙනවා. අපි වැටිලා ඉන්න තැනින් ගොඩයන්න පුළුවන් එකම මාර්ගය මේ විදිහෙ දැවැන්ත පුරවැසි මානසික විප්ලවයක් විතරයි.

 

හැම ප්‍රශ්නයකටම වැරදිකරුවා දේශපාලකයා යැයි සිතීමත් මේ දුර්වල මානසිකත්වයේම දිගුවක්. ටකරමට, රස්සාවට චන්දෙ දෙන පුරවැසියා තමයි පාර්ලිමේන්තුවට නියෝජිතයො තෝරා පත් කරන්නෙ. තමන්ගේ නියෝජිතයා විසින් කළ යුතු ජාතික ප්‍රතිපත්ති සම්පාදනය ගැන දැනීමක් නැති, ඒ නියෝජිතයාගේ වගකීම තමන්ට හෝ තමන්ගේ පවුලේ කෙනෙකුට රස්සාවක් දීම, ඉස්කෝලයක් දීම කියා සිතන පුරවැසියන්ට මීට වඩා උසස් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න පුළුවන්කමක් නෑ. ස්වාධීන පුරවැසියන්ටයි වගකිව යුතු පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න හැකියාව තියෙන්නෙ. දෙපයින් හිටගන්න පුළුවන් පුරවැසි සමාජයක් ඇති තැනකයි ශිෂ්ට දේශපාලනයක් පවතින්නෙ.

 

මේ හින්ද අපිට සිද්ද වෙනවා නැවත හිතන්න. අරගලය තියෙන්නෙ අපෙන් පිටත නෙමෙයි. ඒක තියෙන්නෙ අපි ඇතුලෙමයි. මේ ආර්ථික අරගලය දිනන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න වෙනවා. අන්ත දුගීභාවයෙන් බැටකන ජනතාව ගොඩගන්න පුළුවන් අපි විසින් නැවත පුබුදන ආර්ථික බලවේගයකින් විතරයි. මේ මොහොතේ සැබෑ ජනතා මෙහෙවර තියෙන තැන එතනයි.

 #godayamu



සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...