The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතික ජනබලවේගයේ කාන්තාව - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 12, 2022 • 11:18 AM

 ජාතික ජනබලවේගයේ කාන්තාව - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙහි සිටින කාන්තාවන් තිදෙනා එම මහලේකම් හාම්පුතා විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ "අලුත් කෙල්ලො" යනුවෙන්.
  • විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පුරුද්ද නිසා කියැවුණා වන්නට ඇති මිසක් වෙන අවර පුරුද්දකින් කියැවුණාදෝහෝයි මා දන්නේ නැහැ, නමුත් එය අනිවාර්යෙන්ම ලිංගික හැඟවුම්කාරකයක්.
  • මහලේකම් හාම්පුතා කියන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලබල වී ඇත්තේ මෙම කාන්තාවන් තිදෙනා නිසා බවයි.
  • එනම් හිරුණිකාගේ විවේචනය එන්නේ ඇය “කාන්තාවක් වීම” නිසා පමණක් බව මේ මහලේකම් පුතා අපට කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහි සිටින කාන්තාවන් තිදෙනා එම මහලේකම් හාම්පුතා විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ "අලුත් කෙල්ලො" යනුවෙන්. (“අළුත්” යනු පිළිස්සීමෙන් ඉතිරි වන “අළු”ය. නිවැරදි සිංහල වචනය “අලුත්”ය.)

මහලේකම් පුතා මෙහි කරන්නේ ලිංගික අවනාමකරණයක්. විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ පුරුද්ද නිසා කියැවුණා වන්නට ඇති මිසක් වෙන අවර පුරුද්දකින් කියැවුණාදෝහෝයි මා දන්නේ නැහැ, නමුත් එය අනිවාර්යෙන්ම ලිංගික හැඟවුම්කාරකයක්.

Chathuranga 2022
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනතා විමුක්ති පෙරමුණ අරබයා සිදුකළ විවේචනාත්මක අභියෝගයට මෙම තරුණ උගත් විද්වත් වෘත්තීය දත්ත විද්‍යාඥයාගේ ප්‍රතිචාරය තමයි මේ. ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජනබලවේගය තුළ කාන්තාව භාවිතා වෙන ආකාරය පිළිබඳව අපට මෙය හොඳ නිදසුනක්.

මහලේකම් හාම්පුතා කියන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කලබල වී ඇත්තේ මෙම කාන්තාවන් තිදෙනා නිසා බවයි. එනම් හිරුණිකාගේ විවේචනය එන්නේ ඇය “කාන්තාවක් වීම” නිසා පමණක් බව මේ මහලේකම් පුතා අපට කියනවා. මෙය කාන්තාවන් අතර ඇති කිසියම් “ගැහැණු ප්‍රශ්නයක්” ලෙස ස්ටීරියෝටයිප් කරන චතුරංග අබේසිංහ එයට දත් විලිස්සා හිනා වෙනවා
 

අලුත් “කෙල්ලො” යනුවෙන් මහලේකම් හාම්පුතාගෙන් මෙම වැඩුණු කාන්තාවන්ට අහගන්නට සිදුවීම දෛවයේ සරදමකි. අතිශය පුරුෂ මූලික ජනතා විමුක්ති පෙරමුණ තුළ කාන්තාව යොදාගැනෙන්නේ මෙවලමක් හැටියට බව මෙයින් නැවත තහවුරු වේ. ජාජබ මහලේකම් පුතාට අනුව එහෙනම් “පරණ” කෙල්ලෙක් වන හරිනි අමරසූරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට දමන්නේ ඇය කාන්තාවක් වීම මුල් කරගනිමින් පමණක් මිස සාරාර්ථයකින් නොවේ. එය කාන්තා විමුක්තිය නොවේ. එය පිරිමියා විසින් කාන්තාව පිළිබඳ තීරණ ගැනීමකි.

ජවිපෙ පොලිට්බියුරෝ එකේ ඉන්නේ ඔක්කොම ඊනියා “පරණ” පිරිමිය. මධ්‍යම කමිටුවේ සාමාජිකයන් 28 දෙනාගෙන් 27 දෙනෙක්ම පිරිමිය. කාන්තා අයිතිවාසිකම් ගැන වේදිකා මත කියවන අනුර කුමාර දිසානායකගේ දෙබිඩි පක්ෂය හැම අතින්ම සමාන වන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අතිශය පුරුෂෝත්තමවාදී “ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය”ටය. එය තනිකර පුරුෂ මූලික ව්‍යාපෘතියකි.

ජාතික ජනබලවේගය නමැති රෝසපාට ටෙලියේ “අලුත් කෙල්ලන්” ෂෝපීස් ආකර්ෂණ භාණ්ඩ ලෙස යොදාගැනෙන දේශපාලන ප්‍රොපගැන්ඩාව මෙයින් අපට පැහැදිලි වේ. කාලයක් නිරූපා සේරසිංහව මෙලෙස යොදාගත් බවත් මහලේකම් පුතාට අනුව ජාජබයට ඇය දැන් “පරණ” බවත් මෙයින් හැඟවේ. ඇය මේ දිනවල නිරූපිකාවක් ලෙස සැරසී එක පිට එක පින්තූර දමමින් අවධානය ලබාගන්නට හදන්නේ මේ අලුත්-පරණ තරගය නිසා විය හැකිය. නැත්නම් ජනතාව දුක් විඳින මෙකල සුපිරි හෝටල් ගානේ ගොස් විලාසිතා පෙන්වන්නට තරම් ඇයට අසිහියක් නොවනු ඇත.



Nirupa2022.11.12
කාලයක් නිරූපා සේරසිංහව මෙලෙස යොදාගත් බවත් මහලේකම් පුතාට අනුව ජාජබයට ඇය දැන් “පරණ” බවත් මෙයින් හැඟවේ.


මහලේකම් පුතා ජාජබයේ කාන්තාවන් “අලුත් කෙල්ලන්” සහ “පරණ කෙල්ලන්” ලෙස ප්‍රසිද්ධියේ වර්ග කිරීම එහි ස්ත්‍රීවාදීන්ට ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ද එම පුරුෂාධිපත්‍ය ව්‍යුහය පවත්වාගෙන යන්නන් නිසා විය හැකිය. ජවිපෙ අනාගත නායකත්වයට නියත සුදුසුකම් තිබෙන අබේසිංහ පුතුට මේ පිළිබඳව කිසිදු විරෝධයක් පැමිණේ යැයි නොසිතිය යුතුය. අඩුම තරමින් මෙම අතිශය ප්‍රතිගාමී ප්‍රකාශය ඉවත් කර සමාව ගන්නට කියාවත් ඔවුන් නොකියනු ඇත. පුරුෂාධිපත්‍යය යනු එයයි.

මේ ආකාරයටම තමයි ජවිපෙ සමාජවාදී තරුණ සංගමයේ නායක එරංග ගුණසේකර විසින් ජාජබ මහලේකම් පුතා “අලුත් කෙල්ලෙක්” ලෙස හඳුන්වන රායි බැල්තසාර්ව භාවිතා කරන්නේ. ඔහුගේ සෑම පොකට් මීටිමකම අනිවාර්යෙන් තමන්ට එහා පැත්තෙන් ඇය වාඩි කරවා පින්තූර ගෙන ඒවා ෆේස්බුක් දම්මවා ගැනීම ඉහත දේශපාලන උපායම තමයි. දේශපාලන ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස කාන්තාව යොදාගැනීම ඉතාම දක්ෂ සහ සූක්ෂම ලෙස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

Eranga 202211.20
මෙහි තවත් වැදගත් පැතිකඩක් වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ප්‍රකාශයට ජවිපෙ හෙවත් ජාජබ සාමාජිකයන් විසින් ලියා ඇති ජුගුප්සාජනක කුණුහරුප වැලයි. එය කිසිසේත්ම අලුත් දෙයක් නොවන්නේ ජවිපෙ සාමාජිකයාගේ පොදු අනන්‍යතා ලක්ෂණය එය බව ඔවුන් අනෙක වාරයක් ඔප්පු කර ඇති නිසාය. ජවිපෙ හෙවත් ජාජබ යනු විකල්පය නොවේ. ජවිපෙ හෙවත් ජාජබ යනු උන්ගේත් මුන්ගේත් නරකම පුනර්භවයයි.

ධර්මය අපට මග වේවා !

eranda

 

 

 

 


(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක
eranda.ginige@gmail.com
2022 නොවැම්බර් 12 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...