The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිර්මාණි : උනන්දුවියාවක එත්නොග්‍රැෆිකාවියක වීම - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

November 13, 2022 • 5:17 AM

නිර්මාණි : උනන්දුවියාවක එත්නොග්‍රැෆිකාවියක වීම - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාණි හා මා සමග කලක් වැඩ කළ දැන් කොළඹ විද්‍යාලයේ ඇකඩමික ක්‍රිෂාන් සිරිවර්ධන ද මට මිස් කෝලයක් දී ඇති බව දුටුවා.
  • අග මුල අදහා ගත නොහැකි ව මා කළේ -- නිර්මාල් හා ක්‍රිෂාන් ඒ වෙලාවේ නිදි ඇති නිසා -- නිර්මාණිගේ සමීපත ම මෙන්ටරයා වන මහාචාර්ය නිහාල් පෙරේරා ඇමතීම.
  • මා එකල පර්යේෂණ ආයතනයක ප්‍රදානියා ලෙස කරයුතු කරන විට නිර්මාණි ඇමෙරිකාවේ තම මාස්ටරය අවසන් කරමින් සිටි අතර, ඇය අපගේ තනතුරකට අයදුම් කළා.
  • අපගේ ආයතනයේ නාගරීක සංවර්ධනය අංශයේ පර්යේෂණ වෘත්තිකයෙක් ලෙස නිර්මාණි ව අප බඳවා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

පෝස්ටුව. නිර්මාණි හා මා සමග කලක් වැඩ කළ දැන් කොළඹ විද්‍යාලයේ ඇකඩමික ක්‍රිෂාන් සිරිවර්ධන ද මට මිස් කෝලයක් දී ඇති බව දුටුවා. ඒ එක්ක ම උවිඳු කුරුකුලසුරියත් මට මෙසේන්ජර පණිවිඩයක් ඒවා තිබුණා දුක් පුවත ගැන.  


අග මුල අදහා ගත නොහැකි ව මා කළේ -- නිර්මාල් හා ක්‍රිෂාන් ඒ වෙලාවේ නිදි ඇති නිසා -- නිර්මාණිගේ සමීපත ම මෙන්ටරයා වන මහාචාර්ය නිහාල් පෙරේරා ඇමතීම. නිහාල් ඒ වෙනකොට එංගලන්තේ කෝච්චියක යන ගමන්. මරණය ද ඊට හේතුව ද ස්ථිර කර ගත්තා. මරණය කෙතරම් ස්ථිර දෙයක උනත් සමීප සගයෙකුගේ හා හිතවතියකගේ අකල් මරණයක් පිළිගැනීම අපහසු නොවේ ද ?


මට මුලින් ම නිර්මාණි ව මුණගැහෙන්නේ  වෘත්තීය පසුබිමක. මා එකල පර්යේෂණ ආයතනයක ප්‍රදානියා ලෙස කරයුතු කරන විට නිර්මාණි ඇමෙරිකාවේ තම මාස්ටරය අවසන් කරමින් සිටි අතර, ඇය අපගේ තනතුරකට අයදුම් කළා. ඒ පූර්ව-සූම් යුගය නිසා අප සම්මුඛ පරීක්ෂණය කළේ ස්කයිප් හරහා. අපගේ ආයතනයේ නාගරීක සංවර්ධනය අංශයේ පර්යේෂණ වෘත්තිකයෙක් ලෙස නිර්මාණි ව අප බඳවා ගත්තා. ඇයගේ දැණුම, පළපුරුද්ද හා අධික උනන්දුව අපගේ තීරණය ඉතා පහසු එකක කළා. මාස කිහිපයකින් ග්‍රෙගරීස් පාරේ එකල තිබු අපගේ කාර්යාලයට බටු ඇටයක් වගේ පුංචි ගෑණු ළමයෙක් සාරියක් ඇඳගෙන එනකොට මට මතක් වුණේ පාසල් කාලයේ 'ගුරුතුමී' ලෙස අඳින දැරිවියක ව. ඒ නිර්මාණි වැඩ භාර ගත් දිනය.


මා ඇයගේ ආසන්න කළමනාකරු නොවුණත්, ආයතන ප්‍රදානියා ලෙස මා සමග නිතර වැඩ ගැන කතා කරනට -- වාද කරනට කීවොත් වඩා නිවැරිදි යි --   නිර්මාණී නිතර නිතර පැමිණියේ ඇයගේ දමනය කළ නොහැකි උනන්දුව හා කැපවීම නිසා. ඒ,  නාගරීක සංවර්ධන චීන සාප්පුවට ගෝඨාභය රාජපක්ෂ මී හරකෙක් ලෙස කඩා පැන්න කාලය. ඔහුගේ දැලි පිහිය වුණේ නාගරීක සංවර්ධන ආමාත්‍යංශය. වඳුරට හපන් වැඩ තමා එකල එතුමා කළේ. නාගරීක සංවර්ධනය ඇයගේ විෂය වූ නිසා අපගේ ආයතනයේ ඒ ගැන ගත යුතු ප්‍රතිපත්තිමය විවේචනයේ මූලිකත්වය ගත්තී නිර්මාණී. ඈට ඉතා හොඳ වෘත්තික හා ඇකඩමික ජාලයක් තිබුණා. විෂයේ පතාකයින් වන සුසිල් සිරිවර්ධන, මහාචාර්ය පෙරේරා ආදීන් ඇයගේ මෙන්ටරයන් හා සමීප හිතවතුන්. වැඩක් කරන්න ගියා ම නිර්මාණී එක්තරා ඇණයක් තමා. ඊට හේතුව ඇයගේ අධික උනන්දුව. ඇයගේ කළමනාකාරිය සමග උනන්දුව වැඩි නිසා ම පටලවා ගත් අං ලිහීමට මට සිදුවුණු අවස්ථා එමට යි. කන්තෝරුවේ තේ හදන්නිය සිට සෑම තරා තිරක ම අය සමග මිතුරු නිර්මාණී, නිතරඟයෙන් ආයතනයේ ජනප්‍රිය ම චරිත වුණා.  


නිර්මාණී වයසට වඩා මුහුකුරා ගිය කෙනෙක්. තම පවුලේ බර තරුණ වියේ සිට ම කරගහන්නට මහන්සි වුණු දරුවෙක් හා සහෝදරියක්. අම්මා, නංගී හා තාත්තාගේ වගකීම හා කළමනාකරණය කළේ නිර්මාණී. එනයින් ඈ ගෘහ මුලිකයා වුණා. ඒ වගකීම් නොපිරිහෙලා නිර්මාණී ඉටු කල බව මා හොඳාකාර ව දන්නවා. තම පියා නිර්මාණි විසින් අරගලය භූමියටත් ගෙන අවුත් ඔහුගේ තාක්ෂණික හා කාර්මික හැකියාවන් එකල පැවැති ගෝටා-ගෝ-ගමේ වැඩවලට සම්බන්ධ කළා මතක යි.  අන්තිමට තාත්තාත් අන්තිම ජනප්‍රිය චරිතයක් වුනා. ඒ නිර්මාණිගේ හැටි; වැඩක් කරන්න ගියා ම හැම මනුස්සය ම වැඩේට පටලවා ගන්නවා. අම්ම-තාත්ත කියල බලන්නේ නැහැ. කෙනෙකුට යමක් ඒත්තු ගන්නන්න හා වැඩකට සම්භන්ධ කරගන්න නිර්මාණී ට තිබුණේ පුදුම හැකියාවක්.  


මං ලංකාවේ ඉන්න කොට නිර්මාණී මට දවසක් කතා කරලා ඇහුවා කාලයක් දන්නලා මට ඇයගේ විවාහයේ සාක්ෂිකරු ලෙස කටයුතු කළ හැකි ද කියා. මා ඒ වන විට ලංකාවෙන් පිටවෙන්න ලැහැස්ති වෙන කාලේ. ඒ කළ ඉල්ලීම අකමැත්තෙන් වුව ද ප්‍රතික්ෂේප කළ මා, කොවිඩ් කාලයේ නිසා, 'හව් ටු මේක් එත්නොග්‍රැෆික් නෝට්ස්' කියන පොතකුත් සුභපැතුම් අඩංගු කාඩ් එකකුත් ඇයට කුරියර් කර යැව්වේ හමු වෙන්නට කාලයක් නොතිබුණු නිසා.


ඇත්තට ම නිර්මාණිගේ ප්‍රධාන ම කුසලතාව වුණේ  එත්නෝග්‍රැෆික් පර්යේෂණ විධි ක්‍රමය. නිර්මාණී එත්නොග්‍රැෆියක් කරන්නී ඉබ්බා දියේ දැම්මා වගේ. ඒක ඇය අතිශයෙන් අන්තර්ග්‍රහණය හෙවත් ඉන්ටර්නලයිස් කරගෙන තිබුණා. නිර්මාණිගේ එත්නොග්‍රැෆි සයිට් එක වුණේ 'පොල'. මුලින් ම ඈ අධ්‍යනය කළේ මොරටුමුල්ලේ මෝල්පෙ ප්‍රදේශයේ පොලක්. මොල්පේ මාළු නිහාල්, මේරි අම්මා, ඇතුළු විවිධ විචිත්‍ර චරිත නිර්මාණිගේ විෂය පමණක් නොව සමීප මිතුරන් ද වුණා. ඇය කලක් දෙල්කඳ පොලේ මුරුක්කු විකිණූ බවත් මතක යි. ඒ එත්නොග්‍රැෆික විධික්රමයේ එන පාර්ටිසිපන්ට් ඔබ්සර්වේෂන් ක්‍රමය ප්‍රගුණ කරන්න.


මහාචාර්ය නිර්මාල් තම පෝස්ටුවේ නිර්මාණි හා සෙරීනා තෙන්නකෝන් ගැන එකවර සඳහන් කිරීම හරියට හරි. සෙරීනා ගේ ම නිර්මාණීත් දක්ෂ එත්නොග්‍රැෆිකාවියන්. ඒත් දෙන්න ම අකාලයේ ශාස්ත්‍රාලයීය ජීවිතයෙන් වෙන් වුනා. ජීවිතය යා යුතු ලෙස ගලා ගියා නම්, නිර්මාණී තව අවුරුදු කිහිපයකින් විශිෂ්ඨ ආචාර්ය උපාධියක් කර සමාජයට මහඟු සේවයක් හා දායකත්වයක් කරන්නට තිබුණා.


නිර්මාණිට ගුරුවරුන්, හිතවතුන් හා මිතුරු මිතුරියන් අපමණයි. එහෙත් මේ අකල් මරණයෙන් වඩා දුකෙන් කඩා වැටෙන්නේ ඇයගේ ආසන්න පවුල බව පැහැදිලි යි.  නිර්මාණිගේ අම්මට, නංගීට හා තාත්තාට මාගේ සාතිශය ශෝකය මින් පළ කරනට කැමතියි. නිර්මාණිගේ කෙටි නමුත් අසිරිමත් දිවිය සමරණ එක පමණයි අපට දැන් ඉතිරි.  



මධුර බස් චාරිකා - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com

13.11.2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිර්මාණි : උනන්දුවියාවක එත්නොග්‍රැෆිකාවියක වීම - (උදන් ප්‍රනාන්දු) | The Leader