The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාරාවියෝ - දේශපාලන සංස්කෘතිය වෙනසකට කාන්තා නියෝජනය අත්‍යවශයයි

T

The Leader Desk

November 14, 2022 • 4:48 PM

සාරාවියෝ - දේශපාලන සංස්කෘතිය වෙනසකට කාන්තා නියෝජනය අත්‍යවශයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස - අවුරුදු 47 අධ්‍යාපන සුදුසුකම් - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පළමු වසර හදාරමින් සිටියි.
  • වෘත්තීය - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධව ප්‍රජා සම්පත් දායිකාවක් ලෙස වසර දෙකක් සේවයේ නිරතවී තිබීම.
  • මම 2018 ඉඳන් ගමේ කාන්තා සමිතිවල"ග්‍රාම සංවර්ධන සමිතිය"මරණාදාර සමිතිය සමඟ සම්බන්ධ වෙලා හිටියා.
  • ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
අකුරු ප්‍රමාණය (Font Size):


වයස                        - අවුරුදු 47 

අධ්‍යාපන සුදුසුකම්     - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර පළමු වසර හදාරමින් සිටියි.

වෘත්තීය                - ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට
                             අනුබද්ධව ප්‍රජා සම්පත් දායිකාවක් ලෙස වසර දෙකක් සේවයේ නිරතවී තිබීම.

දේශපාලන පවුල් පසුබිම- ජාතික තලයේ හෝ ප්‍රාදේශීය මට්ටමින් දේශපාලන පසුබිමක් නැත. එක්සත්
                          ජාතික පාක්ෂිකයෙක් විදිහට දේශපාලනය පැමිණ මේ වනවිට සමගි ජන
                          බලවේගය පක්ෂයේ සාමාජිකාවක්.

නියෝජනය කරන කොට්ඨාශය - කුරුවිට කොට්ටාශයේ කුරුවිට ප්‍රාදේශීය සභාව.


01'ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මම ප්‍රජාවත් එක්ක තමයි ගොඩක් වැඩ කරේ. මම 2018 ඉඳන්  ගමේ කාන්තා සමිතිවල"ග්‍රාම සංවර්ධන සමිතිය"මරණාදාර සමිතිය සමඟ සම්බන්ධ වෙලා හිටියා. ඒ ඉඳලා ඊටපස්සෙ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ 'ගම නැගුම' ව්‍යාපෘතිය ගමට ආවාට පස්සෙ ඒ සමිතියත් එක්ක වැඩ කළා. ඒකත් එක්ක වැඩ කරලා ඒකෙන්ම ඊට පස්සෙ සම්පත් දායකයෙකු විදිහට ගිහින් වැඩ කරා

ඊට අමතරව පුහුණුවත් එක්කම හිටපු නිසා දේශපාලනයට එන්න ප්‍රජාවට ලොකු වැඩක් කරන්න පුලුවන් වෙයි කියලා හිතලා තමයි දේශපාලනයට ආවේ. තවත් එක කාරණයක් නම් , මගේ සීයා, මගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයේ සමබල ප්‍රදේශයේ,  ඡන්ද මධ්‍යස්ථානයේ සංවිධායකවරුන් විදිහට එදා ඉඳන්ම කටයුතු කරා. ඒ ආභාෂයත් ගොඩක් තිබුණා. දේශපාලනය ගැන පොඩි ආසාවකුත් තිබුණා. ඒ නිසා තමයි දේශපාලනයට ආවේ.
 
 
02 ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
 
කොහෙත්ම නෑ. බොහොම අමාරුවෙන් තමයි මේ ගමන යන්නේ. දැන් අපි ප්‍රාදේශීය සභාවේ මේ අවුරුදු හතරාමාර පහ අතර කාලය තුළ ගත්ත අඅත්දැකීම් එක්ක බලනකොට ගොඩක් වෙලාවට මුලම අවුරුදු දෙක තුළ අපට ඇත්තටම සභාවේ කතා කරන්නවත් දුන්නෙ නෑ' පිරිමි පාර්ශ්වයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන විදිහේ දේවල් තමයි කරේ. අපි කියන දෙයක් පිළිගන්නේ නෑ. කොයි වෙලාවකවත් අපි කරන යෝජනාවක් සම්මත වෙනවා මිසක ක්‍රියාත්මක කරන්නෙ නෑ. ඒ වගේ දේවල් එක්ක තවත් එක දෙයක් තමයි කවුරුහරි කාන්තාවක් යම් දෙයක් කරලා දේශපාලනයෙන් ඉස්සරහට එනවා කියනකොට ඒ කාන්තාව වට්ටන්න පුළුවන් එකම දෙය තමයි අවමන් කරලා මඩ ගහන එක සහ චරිතය ඝාතනය කරන එක. ඒ වගේ දේවල් මේ සමාජය තුළ ගොඩක් වැඩියි. ඒ නිසා කාන්තාවක් දේශපාලනය කරනවා නම් හරිම අසීරුවෙන් තමයි යන්න වෙන්නෙ. ඉවසීම අනිවාර්යයෙන් තියෙන්න ඕන. ඕනිම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කාන්තාවකට තමයි අනිවාර්යයෙන් දේශපාලනය තුළ රැඳී ඉන්න පුලුවන් වෙන්නෙ.
 
 
03 ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව්ද?

මට ගෙදරින් තමයි වැඩියෙන්ම සහයෝගය දුන්නේ. මහත්තයා සහ දරුවෝ දෙන්නා. ඊට අමතරව ගමේ සමිති-සමාගම්වල මාත් එක්ක එකතු වෙලා හිටපු කාන්තාවන් පිරිසක් ඉන්නවා' ඒ කට්ටිය සහයෝගය දුන්නා' ඊට අමතරව මේ තාක් දක්වා රාජ්‍ය නොවන සංවිධාන කාන්තාවන් එක්ක කරපු වැඩසටහන්වලින් තමයි දැනුම කියන දේ ලබාගත්තේ. මොකද මම දේශපාලනයට එනකොට දේශපාලනයට එනකොට කිසිම දෙයක් ඉගෙනගෙන නෑ.
 
 
04 දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව්ද?

දේශපාලනයේදි වැඩියෙන්ම විරුද්ධ වුණේ විරුද්ධ පාක්ෂයේ මන්ත්‍රීවරු. විරුද්ධ පක්ෂයේ කාන්තාවන් විරුද්ධ වුණේ නෑ. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු තමයි ගොඩක් වෙලාවට විවේචනය කරන්නේ'
 

05 ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපානයේ නියැලිය යුතුයි කියලා?

අනිවාර්යයෙන් ම ස්ත්‍රීන් දේශපාලනයේ ඉන්නම අවශ්‍යයයි. මොකද මේ තියෙන දේශපාලන සංස්කෘතිය යම් හෝ දුරකට වෙනසක් ඇතිකරන්න පුළුවන් දේශපාලනයට කාන්තාවන් ආවොත් විතරයි' මොකද හැම තැනම කියන්නේ දූෂණය, වංචාව තියෙනවා කියලා. ඒක තිබුණත්, නැතත් ඒක දේශපාලනය තුළ ප්‍රචලිත වෙලා ඉවරයි' ඒ නිසා කාන්තාව ගොඩක් වෙලාවට හොරකමට" වංචාවට බයයි. උසාවියකට, පොලීසියකට තමන්ගේ මොනවහරි එහෙම අකටයුතුකම් කරලා සහ ඒවා ෆේස්බුක් එකේ එහෙම ගියත් කාන්තාවෝ බයයි. ඒ නිසා කාන්තාවන් ගොඩක් වෙලාවට වැරදිවලට පෙළඹෙනවා අඩුයි. අනික තව එකක් තමයි අපි පාර්ලිමේන්තුව තුළ පවා දැක්කා පිරිමි පාර්ශ්වය හරිම ආවේගශීලියි. කාන්තාවන්ගේ ගොඩක් වෙලාවට ඒ දේ අඩුයි. අපි වුණත්, සභාවේ එහෙම දේවල් වුණොත් ඒක සමථයකට පත්කරන්න බලනවා වැඩියි. අන්න ඒ නිසා මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නම් කාන්තාවන් අනිවාර්යයෙන් දේශපාලනය කරන්නම ඕනි.
 
 
06 ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිල තියෙනවද?

රාජ්‍ය මට්ටමෙන්  අපිට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඒ විදිහට මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොමිෂන් සභාවෙන් සාමාන්‍යයෙන් යම් දුරකට අත්දැකීම් ටිකක් ලබාගත්තා. ඊට අමතරව රාජ්‍ය ආයතනයකින් කියලා වෙනම ලැබුණේ නෑ'රාජ්‍ය නොවන ආයතනවලින් තමයි මේවනතෙක් සියලුම දේවල් කරන්නේ. අනිත් එක අපි විසින් සොයාගෙන ගිහින් තමයි කරන්නෙ. මම  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවක් කරා. ඊට පස්සෙ දැන් උපාධිය හදාරනවා. ඊට අමතරව කාන්තා හා ළමා අමාත්‍යාංශය 2015 අවුරුද්දේ තියෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී කාන්තාවන් දේශපාලනයට බල ගැන්වීම කියා පාඨමාලාවකට අපිව යොමු කරා. දැන් ඒක මේ වෙනකොට නතර වෙලා තියෙන්නේ. ඊට අමතරව අපි මුදල් වියදම් කරලා දැන් පළාත් පාලන සංසදය හරහා පුහුණුවීම් කරලා තියෙනවා. ඊට අමතරව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා පදනම් ආයතනය ගොඩක් කාන්තා දේශපාලනය ට එන ඕනෑම කෙනෙකුට පුහුණු වැඩසටහනකින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මුදල් අරගෙන කරන්නේ. ඒ මුදල් ගොඩක් වෙලාවට ප්‍රාදේශීය සභාව, පළාත් පාලන ආයතනවලින් ගෙවිය යුතුය' ඒත් අපිට කිසිම මුදලක් ගෙවන්නෙ නෑ. මම මේ වෙනකොට පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිප්ලෝමාවක් හදාරනවා. හැබැයි මගේ අතින් මුදල් වියදම් කරලා තමයි හැමදේම කරන්නේ. රාජ්‍ය ආයතන වුණාට එහෙම අපිට සභාවෙන්වත් කිසිම මුදලක් ගෙවලා නෑ.
 
රාජ්‍ය නොවන සංවිධානවලින් ගත්තොත් මම පැපරල් සංවිධානයත් එක්ක වැඩ කරනවා. අවුරුද්දක විතර පුහුණුවක් එයාලා ලබා දුන්නා. ඊට පස්සෙ A.W.A.W ආයතනය කියල නුවර තියෙනවා යුද්ධයෙන් විපතට පත් වූ කාන්තාවන්ගේ සංසදය' එතනින් මාස හයක පුහුණුවක් ලබා ගත්තා' ඊට පස්සෙ 'One Tex' ආයතනයෙන් 2020 ඉඳන් මේ වෙනකන් Training ලබා දෙනවා' ඒ විදිහට මට ගොඩක් අත්වැලක් දුන්නේ රාජ්‍ය නොවන ආයතනවලින්. පළාත් පාලන ආයතනවලින්  එක ගමනක් අපි පත්වුණ පළවෙනි අවුරුද්දෙම දවසෙ, දෙකේ" තුනේ එහෙම පුහුණුවීම් දුන්නා අමාත්‍යාංශය හරහා. පළාත් සභාව හරහාත් එකක් දුන්නා එහෙම. කාලෙකින් නම් එහෙම මුකුත් නෑ' පළවෙනි අවුරුදු දෙකේ තමයි ඒ දේවල් ගොඩක් ලැබුණේ'
 
 
07 නයකත්ව ගති ලක්ෂණ කියල එළියෙ කතාවෙන දේ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල කිව්වොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

පිරිමි ගොඩක් වෙලාවට පෞරුෂය කියලා පෙන්නන්නේ මවාගත්ත පෞරුෂයක්. ඒ පෞරුෂය කාන්තාවකට දේශපාලනයට ඇත්තටම සුදුසු නෑ මං හිතන විදිහට. ගොඩක් වෙලාවට කාන්තාවන් පිරිසක් දේශපාලනයට එනවා නම් එන්නේ අපේ පෞරුෂය බලලා, අපේ හැසිරීම් බලලා. ඒ වගේ දේවල් එක්ක ගොඩක් වෙලාවට කාන්තාව දේශපාලනයේදී පිරිමි පෞරුෂත්වය අරන් ආවොත් කවදාවත් ඉදිරියට යන්න බැහැ. ගමනක් යන්න බැහැ' ඒ පෞරුෂත්වයෙන් හාත්පසින්ම වෙනස් විදිහට තමයි කාන්තාවන් පෞරුෂත්වය රැකගන්න ඕන. ගොඩක් වෙලාවට මම හිතන දේ තමයි හුඟක් වෙලාවට නිහඬ විදිහට තමන් අවශ්‍යය තැනදි කතා කරලා ඉන්න එක'  හැමතැනදිම කෑ ගහලා, රණ්ඩු කරලා එහෙම වුණොත් නම්, කවදාවත් ම ඒ පිරිමිකම විදිහට ගියොත් කාන්තාවකට දේශපාලනය තුළ වැඩි කාලයක් රැඳෙන්න බැහැ.
 
 
08 ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනවද?

අනිවාර්යයෙන් ම ඉගෙනගන්න ඕන. අපි දැනට ප්‍රායෝගික දේශපාලනය කරනවා. ඒ වුණාට න්‍යායාත්මකව දේශපාලන විද්‍යාව හදාරලා නෑ හුඟ දෙනෙක්. දේශපාලන විද්‍යාව අනිවාර්යයෙන් ම හැදෑරිය යුතුයි දේශපාලනයේ ඉන්නවා නම්. දේශපාලනය කියන තැන න්‍යායාත්මක දැනුම කිසිම දෙයක් නැතුව කරන අය තමයි අද සමාජයේ ගොඩක් ඉන්නේ. ඒ නිසා තමයි මේ පවතින දේශපාලන වාතාවරණය ඇතිවෙලා තියෙන්නෙ මට හිතෙන විදිහට' කාන්තාවන් දේශපාලනය ට එනවා නම් අනිවාර්යයෙන් ම් දේශපාලනය ඉගෙනගන්න ම ඕනි.
 
 
09 ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මම දේශපාලනයට සම්බන්ධ වීම ගැන අනිවාර්යයෙන් සතුටු වෙනවා' මට ගොඩක් දේවල් කරන්න පුලුවන් වෙලා තියෙනවා මේ වෙනකොට සමාජයත් එක්ක ඉඳලා' දේශපාලනයත් එක්ක ඉඳලා මම ගොඩක් වැඩසටහන් කරලා තියෙනවා. ඒ නිසා මං සතුටු වෙනවා දේශපාලනය ට ආපු එක ගැන. දේශපාලනයේදී මොන අභියෝග" මොන බලපෑම් ආවත් මං නතර වෙන්නෙ නෑ'
 
 
10. ඔබට සහයෝගය දීපු අය ගැන සඳහන් කරන්න අවශ්‍යද?

මම මුලින්ම 2015 දී තමයි ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වුණේ. ඒ කාලය තුළ  රත්නපුර දිස්ත්‍රික්කයේ  සිටි කරුණාරත්න පරණවිතාන ඇමතිතුමාගේ ආභාෂයත් ලබාගෙන, අනතුරුව අපේ සංවිධායකතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.ඒ.විජේතුංග මන්ත්‍රීතුමා දේශපාලනයේදී ගොඩක් සහයෝගය දුන්නා මේ තැනට එන්න.ඊට අමතරව, අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේ නායිකාව විදිහට එදා ඉඳලම හිටපු තලතා අතුකෝරළ මැතිණිය කාන්තා දේශපාලන නායිකාවක් විදිහට මේ ගමනට ලොකු අත්වැලක් දුන්නා. ඉතින් මං මේ ආපු ගමනේ ඒ තුන් දෙනාටම මගේ ප්‍රණාමය පුද කරනවා.
 
සැබැඳි ලිපි
 
 
 
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...