The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බෞද්ධයා සහ අරගලයේ දෘෂ්ටි පිළිබඳ හැඳින්වීමක් -(එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 16, 2022 • 4:52 AM

බෞද්ධයා සහ අරගලයේ දෘෂ්ටි පිළිබඳ හැඳින්වීමක් -(එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සදාචාර විරෝධී ආකල්ප පිළිබඳව සමාජයේ සාකච්ඡා වෙමින් තිබේ.
  • අරගලය තුළ කැපී පෙනෙන කණ්ඩායමක් වූයේ කාදිනල් මැල්කම් ඇතුළු කතෝලික පූජකයන්ය.
  • කතෝලික සහ ක්‍රිස්තියානි අදහන්නෝ සදාකාලික “ආත්මයක්” ඇතැයි විශ්වාස කරති.
  • එනම් භෞතික ශරීරයට අමතරව පාරභෞතික “ස්පිරිට්” එකක් ඇතැයි විශ්වාස කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

සදාචාර විරෝධී ආකල්ප පිළිබඳව සමාජයේ සාකච්ඡා වෙමින් තිබේ. අරගලයේ ආගමික දෘෂ්ටිවාද හඳුනාගැනීමට මෙය අවස්ථාවකි.


අරගලය තුළ කැපී පෙනෙන කණ්ඩායමක් වූයේ කාදිනල් මැල්කම් ඇතුළු කතෝලික පූජකයන්ය. ඔවුන් සිය ආගමික අනන්‍යතා ඇඳුමින් සැරසී ගෝල්ෆේස් පිටියේ රෑදවල් දෙකෙහිම නොවරදවා පෙනී සිටීම විශේෂ නිරීක්ෂණයකි. නානා ප්‍රකාර ‘බොර්න් අගේන්’ ක්‍රිස්තියානි නිකායන්ද එහි විය. සංවිධානාත්මක ආගමික සංස්ථාවක් විසින් ජනරජයේ ව්‍යවස්ථාවට එරෙහිව ආණ්ඩුවට බලපෑම් කිරීමට අමතරව වෙනත් දෘෂ්ටිවාදී හැසිරීමක් එහි තිබේ.


කතෝලික සහ ක්‍රිස්තියානි අදහන්නෝ සදාකාලික “ආත්මයක්” ඇතැයි විශ්වාස කරති. එනම් භෞතික ශරීරයට අමතරව පාරභෞතික “ස්පිරිට්” එකක් ඇතැයි විශ්වාස කරති. කායික මරණයෙන් මතු “මම” වන “කෙනෙකු” දිගටම ඉන්නවා යැයි ඔවුහූ විශ්වාස කරති.


සියලු මිනිසුන් උපතින්ම පව්කාරයන් බවත් සර්වබලධාරී දෙවියන්වහන්සේව පිළිගෙන පාපොච්චාරණය කිරීමෙන් එතෙක් කළ සියලු පව් කමා කරගත හැකි බවත් ඔවුහූ විශ්වාස කරති.


දාමරික මිනීමරුවෙකු වුවත් මැරෙන්නට මොහොතකට පෙර හෝ දෙවියන්වහන්සේ පිළිගත හොත් උහුගේ ආත්මයට සදාකාලික ස්වර්ගයේ දොර විවර වන බව ඔවුන්ගේ විශ්වාසයයි. මේවා සියල්ල “සාක්ෂි නොමැති විශ්වාසයන්” හෙවත් දෘෂ්ටීන්ය.


මෙම දෘෂ්ටියේ තිබෙන ප්‍රධාන අවුලක් වන්නේ ලබ්ධිකයාට ඕනෑම පාපයක් කිරීමට මෙමගින් අවස්ථාවක් සලසා දීමයි. කාදිනල් පවා ජනයා ප්‍රචණ්ඩත්වයට පොළඹවන සුලු ප්‍රකාශ නිකුත් කළේය. මීගමුව අවට පල්ලි සිය ඝණ්ඨාර නාද කරවා කැඳවූ පිරිස් විසින් ප්‍රචණ්ඩත්වය මුදාහළ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබේ. මෙහි උත්ප්‍රාසය වන්නේ කතෝලිකයන් ඉලක්ක කර සාහසික අපරාධයක් කළ සහරාන් ඇතුළු කල්ලියේ ආගමික දෘෂ්ටියත් කාදිනල්ගේ දේවවාදී ආත්මවාදී දෘෂ්ටියේම අන්තයක් වීමයි.


Fr. Jeewantha Peiris

ජීවත්න වැන්නවුන් හැසිරුණේ මුහුණේ හිනා පොදක් නැති අනුකම්පා විරහිත සාහසික ඇන්ටික්‍රයිස්ට් විරූපයෙනි. අරගලය තුළ සිදු කළ සියලු පාපයන් දැනටමත් ඔවුන් විසින් කමා කරගෙන ඇති. අරගලයට සම්බන්ධ නොවූ කතෝලික ක්‍රිස්තියානි බොහෝ පිරිස් සිටි අතර ඔවුන්ට මෙය එතරම් අදාළ නැත. නමුත් ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් සිය ආගමික ප්‍රජාවේ ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වුණේද නැත.


ඉහත නිශ්චිත ආගමික අනන්‍යතා කණ්ඩායමට අමතරව අරගලයේ සිටි බහුතරයක් තරුණ තරුණියන් විවිධ ආගමිකයන් හෝ නිරාගමිකයන් හෝ විය. එය සංකීර්ණ සමූහයකි. නමුත් සියලු තරුණ අරගලකරුවන්ගේ පොදු ලක්ෂණයක් වූයේ “සැප ජීවිතයක්” ඉල්ලීමයි. “සිහින බොඳවුණු පරම්පරාව” වැනි සන්නාමවලින් තමන් හඳුන්වාගත් ඔවුන් තුළ තිබුණේ දැවෙන පිච්චෙන "නොඉවසිල්ලකි". වසංගත කාලය තුළ නිවාස අඩස්සියේ හිඳීමෙන්ම ඇති වූ සංකුලතාවයක් පමණක් නොවන නිශ්චිත ආගමික දෘෂ්ටිවාදයක් එහි තිබේ.


එම නොඉවසිල්ල එන්නේ මරණයත් සමග සියල්ල අවසන් වේය යන විශ්වාසය නිසාය. මෙයත් "සාක්ෂි නොමැති විශ්වාසයකි." YOLO දෘෂ්ටිය ලෙස මෙය හැඳින්විය හැකිය. මරණයත් සමග සියල්ල අවසන් වන හෙයින් "විඳිය හැකි උපරිම කාම සැප වහා වහා මේ ජීවිතයේ විඳගත යුතුය" යන්න එම අරගලකරුවන්ගේ විශ්වාසයයි.


එම අරගලකරුවන් ඉල්ලා සිටියේ කාමසුඛල්ලික ජීවිතයකි. පාලකයන් විඳින සියලු සැප ඔවුන්ටත් විඳිය යුතුය යන්න එකම ඉල්ලීම විය. "අපිට නැත්නම් උඹලටත් තියෙන්න බැහැ" කියමින් නිවාස හෝටල් යානවාහන ගිනි තැබීම එහි එක් විකෘතියකි. ජනපති මන්දිරය අත්පත් කරගෙන එහි ඇඳ පුටු මේස මත හිඳිමින් සෙල්ෆි ගැසීමත් ජීවිතේට පිහිනුම් තටාකයක් දැක නැති වනචාරීන් මෙන් එහි පැන මළ මුත්‍රා පහකර නෑමත් පෙන්නුම් කරන්නේ මැරෙන්නට පෙර එක්වරක් හෝ ඒ කම්සැප ආශ්වාද කිරීමේ දෘඩ අවශ්‍යතාවයයි.


22jeewantha peiris sri lanka 2
මරණින් සියල්ල අවසන් වේය යන දෘෂ්ටියේ ප්‍රධාන අවුල වන්නේත් ඕනෑම වරදක් කිරීමට එයින් අවස්ථාව ලැබීමයි. එය සදාකාලික ආත්මවාදී දෘෂ්ටියට වඩා බියජනක වන්නේ සදාචාරය පිළිබඳ අනිවාර්ය අවශ්‍යතාවයක් එම දෘෂ්ටිකයන්ට නොතිබීමයි. උදාහරණයක් ලෙස නිර්මාල් දේවසිරි විසින් ප්‍රකාශ කළ “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” යන සාහසික අදහසත්, අරගලකරුවන් විසින් දියත් කළ ප්‍රචණ්ඩත්වය දිගින් දිගටම ඔහු විසින් සාධාරණය කිරීමත් එන්නේ මෙම දෘෂ්ටියේ එල්බ සිටීම නිසා විය හැකිය.



ජීවිත කාලයක් දුක් මහන්සි වී කෙනෙකු ලබාගන්නා භෞතික සැප සම්පත් ඒ අයුරින්ම තමන්ට මේ දැන්ම ලැබිය යුතුය යන නොඉවසිලිමත් එන්ටයිටල්මන්ට් මානසිකත්වයේ ගිලී සිටින නූතන තරුණයාට සදාචාරය පිළිබඳව වගේ වගක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ළහිරු මුදලිගේ ගෙයින් ගෙට හිඟමනේ ගොස් රෙකොර්ඩ් කර පෙන්වන අනුන්ගේ අධිපරිභෝජනවාදී කාමසුඛල්ලික ජීවිත ඔවුන්ටත් මේ දැන්ම මේ දැන්ම අත්විඳ ගැනීමටයි. ජනතා විමුක්ති පෙරමුණ අතික්‍රමණය කරන ජාතික ජන බලවේගයේ රෝස පාට පොරොන්දුව එයයි.


ජීවිතාවබෝධය සහිත පැරණි බෞද්ධයා අද වඳ වෙමින් යන සත්ත්වයෙකි. අනාත්මවාදී පුනර්භවය පිළිබඳ යථාභූත ඥානයෙන් තොර වුවත්, “ලබන ආත්මේ හොඳින් ඉන්න මේ ආත්මේ පින් කරගන්න” හදන අහිංසක බෞද්ධ උපාසක උපාසිකාව බෞද්ධ සිංහල සමාජයේ දීර්ඝකාලීන පැවැත්මට ප්‍රධාන හේතුවක් වූ බව මෙයින් පැහැදිලි වේ. එය තවත් දෘෂ්ටියකි. නමුත් එයින් ඉහත දෘෂ්ටිවල මෙන් පාපයට අවස්ථාවක් නැත. දෘෂ්ටිවාදී නොවන ප්‍රත්‍යක්ෂයෙන් දත හැකි ලෝකාවබෝධය සහිත බෞද්ධයන් මෙකල විරලය. 

 
ධර්මය අපට මග වේවා!


ඩලස් සහ පුත්‍රයෝ - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක


eranda.ginige@gmail.com

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...