The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ධනුකයා වෙනුවට අතවරයට ලක් කාන්තාවගේ පැත්ත ගමු ! - (ඉන්ද්‍රජිත් වෑවලගේ)

T

The Leader Desk

November 16, 2022 • 4:55 AM

ධනුකයා වෙනුවට අතවරයට ලක් කාන්තාවගේ පැත්ත ගමු ! - (ඉන්ද්‍රජිත් වෑවලගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා රාජ්‍ය නීතිය හා බහුතර ජනතා විඥාණයද එකපයින්ම සහය සහ සාදර අනුග්‍රහය දක්වනු ලැබ ඇත.
  • ආදරය සහ ලිංගික ක්‍රියා කියන්නේ අතීත ලාංකීක ජන සමාජයට නම් අරුමයක් නොවන බව පුරාවිද්‍යා සාක්ෂි වලින් මනාව සනාථ වේ.
  • මහනුවර යුගයේ විහාර චිත්‍ර වල ලිංගික එකතුවීම් ඇතුලත් චිත්‍ර ජවනිකා පවතී.
  • ඊට අමතරව පිරිමි සහ කාන්තා නිරුවත සහ අර්ධ නිරුවත කියන්නේ මාර මැජික් එකක් නොවන බවටද සනාථ වන චිත්‍ර හා මූර්ති ලංකාවේ විහාර කර්මාන්ත වල පවා සුළබව දැකිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා රාජ්‍ය නීතිය හා බහුතර ජනතා විඥාණයද එකපයින්ම සහය සහ සාදර අනුග්‍රහය දක්වනු ලැබ ඇත. ඒ තියෙද්දිත් අනාගන්නවා කියන එකේ සීමාවක් ඉවරයක් නැත.


ආදරය සහ ලිංගික ක්‍රියා කියන්නේ අතීත ලාංකීක ජන සමාජයට නම් අරුමයක් නොවන බව පුරාවිද්‍යා සාක්ෂි වලින් මනාව සනාථ වේ. මහනුවර යුගයේ විහාර චිත්‍ර වල ලිංගික එකතුවීම් ඇතුලත් චිත්‍ර ජවනිකා පවතී. ඊට අමතරව පිරිමි සහ කාන්තා නිරුවත සහ අර්ධ නිරුවත කියන්නේ මාර මැජික් එකක් නොවන බවටද සනාථ වන චිත්‍ර හා මූර්ති ලංකාවේ විහාර කර්මාන්ත වල පවා සුළබව දැකිය හැකිය.

එසේ වූ ඉතිහාසයක් ඇති ලාංකිකයාට ආදරය හා ලිංගික ක්‍රීයා මැජික් එකක් හෝ අප්පට සිරි බවට පත් වුනේ කෙසේදැයි වෙනමම දීර්ඝව සළකා බැලියයුතු පර්යේෂන නිමිත්තක් බවයි මගේ හැඟීම. එහෙත් මේ ගැන දළ වශයෙන් අදහස් එක් කිරීමට සිතුවෙමි.

යටත් විජිත් සහ පශ්චාත් යටත් විජිත සමය සමග දළු ලා වැඩෙන මේ ආදරය සහ ලිංගික ක්‍රියා රහසිගත කළුවරට සැඟවීම මේ වන විට තදබල මානසීක ලෙඩක් දක්වා විකාශනය වී ඇතයි මට සිතේ. මේ සඳහා පූජ්‍ය පක්ශයෙන් පුදුම සහගත "න්‍යායාත්මක" (වැරදි අර්ථකතන) තල්ලුවක් ලබා දී සමාජ ආරක්ශාව ලබාදී ඇත. බුදුන් කීවායැයි සඳහන් කරමින් තුන්වන සිල් පදය ලෙස "කාමේ සු මිච්චා චාරා වේරමනී සික්ඛා පදන් සමාධියාමී" කියලා නිතරම මතු කරමින් ලබා දෙන්නේ එක එක්කෙනා එක එක බොරු මතයි. කාමයේ හැසිරීම වැරදියි නොකල යුතුයි, තමන්ගේ අඹුව හැර අන් කාන්තාවන් හා ලිංගික ඇසුර නොකළයුතුයි, සමලිංගික කටයුතු නොකළ යුතුයි වැනි පට්ට පච දෙසමින් රාමු ගත කිරීමට හා තම අභිමතයට ඔ්නෑ ආකාරයට හික්මවා ගැනීමට පට්ට බේගල් අර්ථ ගැන්වීම් කරමින් සීමිත පිරිසකට පමණක් ආදරය හා ලිංගික ක්‍රියා සඳහා සමාජ විඥාණය තහවුරු කර ඇත.



මේ තුන්වන සිල්පදය ඔය කියන අර්ථ විග්‍රහය නම් බුදුන් කලේ සිද්ධාර්ථ ගෞථම බුදුන් සොයාගත් මධ්‍යම ප්‍රථිපදාව බල්ලට ගොස් අන්තවාදියෙකුවී සොරි ඩොට් කොම් බවට පත්වනු ඇත. ඔය පාලි පාඨය ඇත්තටම අර්ථ ගැන්වෙන්නේ ඔය ගොබ්බ ඉගැන්වීමෙන් ඔබ්බට ගිය දෙයකි. ආදරයකින් හෝ අනුමැතියකින් තොරව කුමන හෝ බලහත්කාරය යොදවමින් හිංසනයෙන් ලිංගිකව හැසිරීම වරදක් සේ අවබෝධයෙන් දකිමි යන්න විය යුතුය.



සරත් එන්. සිල්වා පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේ කාර් එකක් අස්සේ කාන්තාවක් සමඟ ලිංගික එක්වීම පොලිස් පොඩ්ඩෙක් පොලිස් පොතේ ලිව්වම හැරෙන තැපෑලෙන් පොලිස් පොඩ්ඩට ඇඩ්‍රස් නැතිකරලා සරත් සිල්වව සුද්ධකරලා වැඩේ ගොඩ දැමීම වගේ සරළ ඒවගේ සිට සජිත්ගේ අම්මා හේමා නිලියකගේ කොන්ඩෙ කපලා දැමීම, මහින්දගේ සහ නිලියකගේ ලිංගික එක්වීම් ආරංචි වෙලා සරත්ෆොන්සේකාට ජනාධිපතිවරණයට සහ දුන්නා කියලා පෝස්ටර් දාලා හිරිහැර කරන්නට තැත් කරපු නිලියට පැදුරටත් නොකියා රට පැනලා ජීවිතේ ආරක්ෂා කරගන්නට සිදුවූ සිදුවීම් වලට නීතිය මනාව කුපාඩි විදියට ආරක්ෂාව ලබා දී පාලකයන් හා ප්‍රභූන් ආරක්ෂා කිරීමේ වගකීම අද දක්වාද හොදින් කරගෙන යනු ලබයි. 1971 වර්ශයේදී කතරගම, ප්‍රේමවතී මනම්පේරි සිංහල රූමතිය දූෂණය කර මරාදැමීම, දෙමළ මාධ්‍යවේදිනියක් වන සෝබනා ධර්මරාජා හෙවත් ඉසිප්‍රියා මදිවදන් දූෂනය කර අතුරුදහන් කරවීම වැනි ක්‍රියාද සාහාසික ලෙස යට ගසා අදටද නොවිසදා දේශපාලන සටන්පාඨයක් පමණක් බවට පත්කර ඇත්තේද අර මම පෙර කී චෞර ආරක්ෂක වලල්ල විසිනි. (ඔය සූටිම සූටි සුට්ටක් දැම්මේ.)



කෙල්ලෙක් කොල්ලෙක්, වැඩිහිටි පිරිමියෙක් - ගැහැනියෙක්, ආදරය කලොත් ෆොටෝ ගහලා ෆේස්බුක්දාලා නඩුත් අහලා දඩුවමුත් දෙනවා. හදීසියේවත් මුහුදුවෙරලේ හරි ලැගුම්හල් කාමරයක හරි කපල් එකක් හිටියොත් පොලීසියෙන් අල්ලන් යනවා. පත්තර වල ජනමාධ්‍යයේ දාලා චොර කරනවා. නීතියක් නැති නිසා මොකක් හරි වෙන දේකට පටලවලා නඩු දානවා. ජනමාධ්‍ය තුලින් මේවා දකිද්ධි ආදරය හා ලිංගිකව එක්වීම කියන්නේ මහා අපරාධයක් කියන සිතුවිල්ල සමාජ ගත කරනවා හීන් නූලෙන්.



ආදරය සහ ලිංගික සංකල්ප සහ අධ්‍යාපනය කුඩා වයසේ සිටම ක්‍රමිකව ලබාදීම පිළිබද වල් ගන යන් විරුද්ධ වෙන්නේ සගිස්කුරුතේ ආරක්ෂා කරන්නට කියලා බෙරිහන්දෙනවා ගිරිය පුප්පන්. නමුත් දහම්පාසල් එන ළාබාල දැරියන් බඩකරනවා, පුංචි හාමුදුරුගොල්ලන්ට, ඇබිත්තයට ඉන්න දෙන්නේ නෑ. ඒව්වන්ගේ අත, කට පිටිපස්ස අපයෝජනය කරනවා. අපිට තුන ආරක්ෂා කරන්නලු පංසිල් වල. කෝමද ඒක. ඔන්න සමාජය හික්මවන විදිය.

රජ්ජුරුවන්ට, කුමරයවරුන්ට, මැති ඇමතිවරුන්ට, නිළධාරීන්ට, ප්‍රභූවරුන්ට අන්තප්පුර හෝ ස්පෙයාවීල් තිබුනට කාරි නෑ. කැපයි, නිත්‍යානුකූලයි, තීන්දුයි. සිංගප්පූරුවේ හෝටලේකින් ආරක්ෂකයන්ට හොරෙන් එහා කාමරේ ඉන්න කාන්තාව හා ලිංගිකව හැසිරෙන්න ජනේලය දිගේ යන්න ගිහින් බිමට පතබෑවුනාම ඒක ෂේප් එකේ ජනමාධ්‍යට වහෙන්ඔරෝ විදියට ලියන්න ඉඩසැලසීම හා බෙහෙත් ගන්න ජනාධිපති අරමුදලින් ලක්ෂ ගණන් පිරිනැමීම තුළිනුත් ප්‍රභූ ලිංගික කුපාඩිකම් ජන මනසේ සාමාන්‍ය කරණයට ලක්කර අපි කලෙත් අප්පට සිරි වෙන වැඩක් ලෙස සමාජ ගත කීරීමක් ලෙස දැකිය හැකිය.

ඇයි ලිංගික අධ්‍යාපනයට විරුද්ධ?

ලිංගික අධ්‍යාපන තුළින් තමන්ගේ ලිංගයේ අයිතිය හා එහි විද්‍යාත්මක හා සංස්කෘතික සංයුතිය අවබෝධ වීම අපහරණයට හා අපචාරයට වලක්වා ගන්න තමන්ටම පුළුවන් වෙනවා. ස්ව්‍යං අයිතිය ඇති වෙනවා. ඒක තව දුරටත් වෙන කෙනෙකුගේ විෂය (Subject) එකක් වෙන්නේ නෑ. එක එකාට ඔ්න විදියට සෙල්ලං කරන්න බැරි වෙනවා. මෙන්න මේ කෑල්ලට තමයි පාලකයන්, ප්‍රභූන් බය. ඒක නිසා හොර ගන යින් සෙට් එකක් බස්සලා සගිස්කුරුතේ ආගම දහමට විරුද්ධයි කියලා කෑ මොර දෙනවා. වැඩේ නවතිනවා.



මේ සියල්ල ජනමාධ්‍ය උලුප්පමින් නිවුස් ගහලා සමාජගත කරන ලද ආදරය හා සෙක්ස් කියන්නේ මහා පාපකරම් ලොකු වරදක් කියන එක තහවුරු වීම නිසා සෙක්ස් ඇරියෙස් ඇති සමාජයක් නිර්මාණය වෙන එක ඉතිං කොයි ජගතටවත් වලක්වන්න බෑ.



එහෙම ලෙඩ වුන සමාජයක එකෙක් ආදරය හා ලිංගික නිදහස ඇති රටකට ආපුවාම ඌ දන්නේ ඉක්මනින් වතුරටික මාරුකරගන්න. ඌට ආදරය, ලිංගික එක්වීම, හැඟීම්, නීතිරීති, මානව ගරුත්වය, අන්‍යෝන්‍ය අවබෝධය ඔය කිසිම අටමගලයක් වැඩක් නෑ. දියුණු සමාජ සංස්කෘතික පරිසරයන් වල නීති රීති සහා චර්ය‍ාවන් නිර්මාණය වෙන්නේ පොදු සමාජ අවශ්‍යතා සහ ආරක්ෂාව පිණිස කියන එක ඌට පයිසෙකට දැනෙන්නේ නෑ.

සමාජ මාධ්‍ය හරහා පාළුව තනිකම නැතිකරගන්න සල්ලාපයේ යෙදීම හා ප්‍රසිද්ධ අවන්හලක සතුටු සාමීචියේ යෙදෙන ගමන් කෝපි කෝප්පයක් තොලගාමින් ගොඩ නැගෙන භාවමය ආදර සංකල්ප සුන්දර ලිංගික එක්වීමක් දක්වා දුරදිග යාම කියන මනෝ මූලික කාරනා තේරුම් ගන්න සහ සෞන්දර්යාත්මකව දකින් පුළුවන් තත්වයක් ආසාධිත සමාජ සංස්කෘතික ජීවියෙක්ට කොහෙත්ම බෑ. කාමරයේ නාන කාමරයේ බාත් ටබ් එකේ සුන්දර  ලිංගික එක්වීමක් විදින්න කොහෙත්ම එවන් අසනීපකාර සමාජ සත්වයෙක්ට බෑ. ඒකයි ඔහුත් එකඟ වූ ඇයත් පැමිණිලි කල බෙල්ල මිරිකගෙන (බලහත්කාරය) කලා කියලා කියන්නේ. අනික උපත්පාලක කොපු නොපැලදීම. ඒකටවත් වෙලාව යවන්න බැරි තරම් හදීසියක්.  මේ අර උඩින් මම පෙන්නපු සමාජ ඇරියස් ආසාදන එක. අනික තමයි ජනමාධයෙන් උනත් උපත් පාලක කොපුවක් ලඟ තිබුනා කියන්නේ මාරම අවුලක් ලෙස හුවා දැක්වීම. (අරගල බූමි වල උපත් පාලක කොපු මාධ්‍ය වලින් පෙන්නමින් කිව්ව කතා සිහි කර ගන්න) ෆාමසියකට ගිහින් උපත් පාලන කොපුවක් ඉල්ලලා බලන්න. ඒකේ ඉන්න කාන්තාව හෝ පිරිමියා මොකෙක් උනත් ඌ කරන්නේ අර උපත් පාලක කොපුව කාටත් පේන්න නැති වෙන්න කඩදාසි බෑග් එකක දාලා ඔතලා දෙනවා. (මම ඒ වෙලාවට අහනවා ඇයි මේක තහනම් දෙයක්ද? කියලාබෑග් එක එයාලට දීලා මම පේන්න අරගෙන එනවා.) ධනුකට මොලේ කලඳක් හරි තිබනනම් ඌ කොන්ඩම් එක බිමට දාන්නැතිව උගේ ලිංගෙට දාගන්නවා. මොකද  ඒඩ්ස් වගේ මාරාන්තික සමාජ රෝගයක් හෝ ගොනෝරියාව වගේ ලෙඩක් ආසාධනය උනානම් ඌට මේ සමාජයේ වසලා හමාරයි කියලා ඌට දැනිලා තිබුණනම්. ඒහෙම දැනීමක් එන්නෙම නැත්තේ වරප්‍රසාධ අහිමි ආදරය හා ලිංගික ඇරියස්  සහිත සමාජයේ කුලකයක එකෙක් නිසා. උට ඔ්නා පටස් ගාලා කීපසැරයක් කරලා පන්නලා දාන්න.

ලිංගික හැසිරීම අස්සේ සියුම් මානව අයිතීන් කාන්තා අයිතීන් නීති රීති වලට ගේන්න තරම් හැකියාවක් ඇති නීති රාමුවක් සැකසීම හරිම ප්‍රශස්ථ කටයුත්තක්. මේකෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් අපිට තියෙනවා. සිත තුල ඇතිවෙන ලිංගික ආලවන්ත එක්වීමකට අනෙකාගේ නොගැලපෙන අවතීර්න වීම කියන්නෙම මානව අයිතීන් කඩකිරීමක් උල්ලංගනයක් අපයෝජනයක්, බලහත්කාරකමක් කියන සියුම් විග්‍රහය.



භාවමය අලවන්ත මනෝමූලික සංකල්ප තුලින් සුන්දර සංසර්ගයකට යන්න නම් කුඩා කල සිටම ලිංග ගැන, ලිංගික විද්‍යාව ගැන  අවබෝධයක් තිබිය යුතුයි. එහෙම නැතිව රෑ කළුවරේ හෝ දවල් හොරෙන් බඩ උඩ නැගීම කියන්නේ ලිංගිකත්වය හෝ ආදරය නෙමෙයි.




cfhyh(ඉන්ද්‍රජිත් වෑවලගේ)
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික
wewalagei@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...