The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අපේ ප්‍රශ්නයි රනිල්ගෙ ප්‍රශ්නයි ! - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

November 16, 2022 • 7:11 AM

මානීගේ තීරුව : අපේ ප්‍රශ්නයි රනිල්ගෙ ප්‍රශ්නයි ! - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කට්ටියක් මෙතැනින් ගැලවී යෑම ගැන බිරිඳ නම් සතුටින් පසු වූවාය .
  • "රනිල් ඊජිප්තුවෙදි කියල තිබුණද මිනිහ රට ගොඩදැම්මයි කියල?
  • "එයා කියල තිබුණෙ හිමාලෙ ග්ලැසියර් දියවුණාම ඇති වෙන හානි ගැන දකුණු ආසියාවෙ රටවල් එකතු⁣ වෙලා කතා කරන්න ඕන කියලනෙ" ඒ අසා බිරිඳ හයියෙන් හිනාවූ අතර, අසා සිටි මටද හිනා ගියේය.
  • "ඈ බං නංගියෙ, එංගලන්තෙ සීතල වැදිලද බොට දැන් මඥඥං වෙලා තියෙන්නෙ ?" ඈ සිය සොහොයුරියගෙන් නිර්දය ලෙස ඇසුවාය .
අකුරු ප්‍රමාණය (Font Size):

කට්ටියක් මෙතැනින් ගැලවී යෑම ගැන බිරිඳ නම් සතුටින් පසු වූවාය .


ඊයේ පෙරේදා දවසක ඥාතිවරිය බිරිඳට කතා කරනු මාද අසාගෙනය. අපේ උන්දෑ කතා කළේ ස්පීකර් දමාගෙන නිසා මටද ඒ  කතාව හොඳහැටි ඇසුණේය.


"දැන් නම් අපරාදෙ කියල හිතෙනව අක්කෙ අපේ රට දාල ආවෙ" ඈ බිරිඳට කන්කෙඳිරි ගෑවාය.


"අපි හිතුවෙ නෑනෙ රනිල් ජනාධිපති වෙලා මාස හතරෙන් රට ගොඩ දායි කියල "


බිරිඳ ඊට කුමක් කියාවිදැයි මම උනන්දුවෙන් අසා සිටියෙමි.


"රනිල් නම් අවුරුදු හතලිස්පහකට පස්සෙ ගොඩ ගියා නේන්නම්" ඈ සිය ඥාතිවරියට කීවාය. "මිනිහ ගොඩ ගියාට පස්සෙ අපරාදෙ කියන්න බෑ සමහර සමහර අයවත් ගොඩදාල දුන්න තමයි. කළගුණ දන්න මනුස්සය"


"රනිල් රටේ ප්‍රශ්න ඉවරයක් කරා කියල දැනගත්ත ගමන් අපි හිතුව අක්කට කතා කරන්න "ඥාතිවරිය බිරිඳට කියා සිටියාය ."ඊජිප්තුවෙ තිබිච්ච පරිසර සමුළුවෙදි රනිල් ලෝකෙටම ඇහෙන්න එහෙම කිව්වට පස්සෙ "


බිරිඳ වහා මා දෙසට හැරුණාය.


"රනිල් ඊජිප්තුවෙදි කියල තිබුණද මිනිහ රට ගොඩදැම්මයි කියල? "


මම නැතැයි කියා සිටියෙමි .


"අනේ අක්කෙ එහෙමම නෙවෙයිනෙ කියල තිබුණෙ " අපේ අතුරු කතාව ඇසුණු ඥාතිවරිය කියනු මට ඇසිණ.


"එයා කියල තිබුණෙ හිමාලෙ ග්ලැසියර් දියවුණාම ඇති වෙන හානි ගැන දකුණු ආසියාවෙ රටවල් එකතු⁣ වෙලා කතා කරන්න ඕන කියලනෙ"


ඒ අසා බිරිඳ හයියෙන් හිනාවූ අතර, අසා සිටි මටද හිනා ගියේය.


"ඈ බං නංගියෙ, එංගලන්තෙ සීතල වැදිලද බොට දැන් මඥඥං වෙලා තියෙන්නෙ ?" ඈ සිය සොහොයුරියගෙන් නිර්දය ලෙස ඇසුවාය . "මෑන් කොහෙවත් තියෙන අයිස් කඳු ගැන කතා කරාම ඒකෙන් බොට කොහොමද හිතුණෙ එයැයි රට ගොඩ දාලය කියල "


එවර සිනාසෙනු ඇසුණේ බිරිඳගේ ඥාතිවරියයි.


"අපි ජූලි මාසෙ ඔහෙන් එනකොට රටේ තිබිච්ච ප්‍රශ්නවල හැටියට, ජනාධිපතිට පිටරට ගිහින් හිමාලෙ අයිස් කඳු ගැන හිතන්න තරම් විවේකයක් හම්බු වෙන්න විදිහක් නෑනෙ අක්කෙ " ඈ සිනාසෙමින්ම කියා සිටියේය . "ඒකයි අපි හිතුවෙ මිනිහ මේ ටිකට රට ගොඩ දාල ඉවරවෙලා කියල ජාත්‍යන්තර ප්‍රශ්න ගැන කරදර වෙන්නෙ "


බිරිඳ ටෙලිෆෝන් කතාව මඳකට නවතා මා දෙසට හැරුණාය .


"ජනාධිපතිට වාතයක් පිටවුණත් ඒක හරි ගඳයි කියන්න ඉදිරිපත් වෙනවනෙ සජිත් බේබියි, ඒ⁣.කේ.ඩී.යි" බිරිඳ මට කියා සිටියාය ."ඒත් ඒ දෙන්නවත් රටේ දාහක් ප්‍රශ්න තියෙද්දි හිමාලෙ අයිස් කඳු ගැන කතාකරන්නෙ මේ මිනිහට මැන්ටල්ද කියලවත්  කිව්වෙ නෑ නේද ?"


"පරිසර ප්‍රශ්න ගැන කථාකරන අයව රටේලෝකෙ සලකන්නෙ බුද්ධිමතුන් හැටියටනෙ" මම බිරිඳට කියා සිටියෙමි . "ඒක නිසා එහෙම කතාවක් නෝණ්ඩි කරාම තමන් බුද්ධිමත් නෑ වගේ පෙනෙයි කියල උන්දැලත් හිතුවද දන්නෙ නෑ"


"අනේ අම්මපා ජනාධිපති පරිසර ඇඳුම දාගෙන ජාත්‍යන්තර වේදිකාවෙ ආඩම්බරෙන් හිටියට, රටේ ප්‍රශ්න ඉස්සරහ මිනිහ තාමත් හෙලුවෙන් කියල කියන්න පොඩි එකෙක්වත් හිටියෙ නෑනෙ මේකෙ"


Sundara nihathamani(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...