The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එයාල එනකොට අපි ඇත්තටම මෙහෙ හිටියනම් - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 17, 2022 • 8:23 AM

එයාල එනකොට අපි ඇත්තටම මෙහෙ හිටියනම් - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවර්ධන කයිවාරු එක්ක පාර්ලිමේන්තුවේ ත්‍රයිලෝක විජය පත්‍ර බලි අරිනවා.
  • ලංකා සංචාරක මණ්ඩලේ පිහිටුවන්නේ 1966.
  • ලංකා හෝටල් සංස්ථාව පිහිටුවන්නේත් 1966.
  • සහ 2005 බෝම්බ තිබ්බ කියල බාලි දුපතේ සංචාරක වැඩ පිළිවෙල කඩා වැටුණේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

තියනවා. සංවර්ධන කයිවාරු එක්ක පාර්ලිමේන්තුවේ ත්‍රයිලෝක විජය පත්‍ර බලි අරිනවා. විජය ඇවිල්ල අවුරුදු දහස් ගණනක් ගිහිල්ල තියනවා. බබලත්තුන්ගේ බෙල්ලෙන් අල්ලලා පුරුෂ බලය පෙන්නනවා. දරුවා වඩා ගත්ත ගෘෂා තාම වැල්පාලමේ යනවා. කුවේණිගේ තත්වය තාමත් එහෙමමයි.


ලංකා සංචාරක මණ්ඩලේ පිහිටුවන්නේ 1966. ලංකා හෝටල් සංස්ථාව පිහිටුවන්නේත් 1966. දැන් අවුරුදු කීයක් ගෙවිලද? බාලි වල සංචාරක නිකේතනයක් මුලින්ම පිහිටුවන්නේ ඉන්දුනීසියාවේ විමුක්ති නායකයෙක් වෙච්ච සුකර්නෝ. ඒ 1963 අවුරුද්දේ.


Sukarno Sang Saka Melanglang Djagad p12සුකර්නෝසුකර්නෝ වමේ නායකයෙක්. කොමියුනිස්ට් අදහස් තිබ්බ කෙනෙක්. අධිරාජ්‍ය විරෝධී ජාතිකත්ව ඉන්දුනීසියාවක් ගැන හිතපු කෙනෙක්. එයා පටන් ගත්ත සංචාරක වැඩ පිළිවෙල අද ලෝක බලවතුන්ගේ සමුළුවක් තියන තැනට ඇවිල්ල තියනවා. බයිඩන් ඇවිල්ල තියනවා. බලවත්තු කියන තවත් රටවල් ගණනාවකුත් ඇවිල්ල තියනවා.

 

2002 සහ 2005 බෝම්බ තිබ්බ කියල බාලි දුපතේ සංචාරක වැඩ පිළිවෙල කඩා වැටුණේ නැහැ. ඇත්තටම වුනේ මේ බෝම්බ ප්‍රහාර එක්ක මේ දූපත සහ දේශීය ඉන්දුනීසියානු සංස්කෘතිය ලෝකේ තවත් ප්‍රචලිත වෙන එක. විශේෂයෙන් තට්ටු ගණනකින් සමන්විත ඉන්දුනීසියානු සංස්කෘතිය ඇතුලේ තියන දේශීය පැතිකඩ තවත් ගෝලීය වෙන එක.

 

මුලින්ම හින්දු සංස්කෘතිය. පස්සේ බෞද්ධ සංස්කෘතිය. පස්සේ ඉස්ලාම්. ඊටත් පස්සේ පොඩ්ඩක් ජපන්. පෘතුගීසි. ලන්දේසි. ඔය විදියට සංස්කෘතික තට්ටු ගොඩයි. ඒවායින් ශේෂ වෙලා තියන දේ දැන් ලෝකෙට එයාල දක්ෂ විදියට විකුණනවා. ස්වභාව ධර්මයත් එයාගේ ලස්සන අඩු නැතුව බාලි වලට දීල තියනවා. ආගන්තුක සත්කාර වුණත් එහෙමයි.

 

472d08f069dfa6ea01183cc1f9ae18e2

බාලි


බෝම්බ වලට අමතරව ලෝකය පුරා බාලි වල ජනප්‍රිය බව තවත් වැඩිවුණා අර ජූලියා රොබර්ට් රඟපාපු Eat Pray Love (2010) චිත්‍රපටියෙන්.


ඒ චිත්‍රපටිය පුරා තියෙන්නේ පෙරදිගට ඇවිල්ල සුවපත් වෙන බටහිර ස්ත්‍රියක් ගැන. ආහාර, ස්වභාවික සුන්දරත්වය, මිනිස් ඇසුර, භාවනාව එක්ක ජීවිතේ නැවත හොයාගන්න හැටි, පැවැත්මේ තුවාල සුවපත් කරගන්න හැටි ගැන. සාස්තර, මැජික්, දෙවියන්, අධියථාර්තය ඇතුලේ දිගහැරෙන පසුනූතන ජීවිතයක් (postmodern existence) ආදරය නැවත හොයාගන්න හැටි ගැන.


නවසිය හතළිහ පනහ දශක වල සුකර්නෝ අධිරාජ්‍යයට විරුද්ධව සටන් වැදිලා රාජ්‍යය නැවත හොයගන්න කොට හැට හැත්තෑව අසූව දශකයේ බටහිර ස්වාමියා නැවත නූතන බවේ මානසික තුවාල ලබා අපි ළඟට එනවා. අපේ ලෝකෙට එනවා. අපි එතකොට මේක දාල යන්න හදනවා. උන්ගේ ලෝකෙට.

 

හැබැයි ඇත්ත රැඩිකල් බුද්ධාගම කියන්නේ අන් තැනක තියන දෙයක් නෙවෙයි. මේ ලෝකේ මේ මොහොතේ මේ දැන් තියන දෙයක් කියල ජිජැක් කියනවා. ''නිර්වාණය තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. ඒක තියෙන්නේ මේ දැන් මේ මොහොතේ මේ මිනිස්සු එක්ක'' (ජිජැක්, 2012).

 

නූතන බවේ තුවාල එක්ක යුරෝපීයන් මෙහෙ එනකොට අපි ඇත්තටම මෙහෙ හිටියනම්? ඇත්තටම ඉන්නවා කියන්නේ අපේ ලෝකේ අපි දියණු කරලා තිබ්බනම් ඒක හොඳ මුණගැසීමේ නවාතැනක් වෙන්න තිබුණ කියල හිතෙනවා.


එක එකා කාකොටාගන්නේ නැතුව ගහ මරා ගන්නේ නැතුව එයාල එනකොට අපි ඇත්තටම මෙහෙ හිටියනම් ...


මේක තමයි විසි වෙනි සියවසේ මුල් කාර්තුවේ අධිරාජ්‍ය විරෝධී සටන් සගයින්ට මුණ නොගැසුණ දෙය...






මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එයාල එනකොට අපි ඇත්තටම මෙහෙ හිටියනම් - (මහේෂ් හපුගොඩ) | The Leader