The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සියල්ල ලද මිනිසාට දෙන්නේ මොනවාද! - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

November 18, 2022 • 4:54 AM

සියල්ල ලද මිනිසාට දෙන්නේ මොනවාද! - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙදුම්වාදී යුද්ධයේ ආරම්භයත් සමග ඉපිද යුධ ගැටුම් පවතින රටක ජීවිතයේ පළමු වසර තිහම ජීවත් වී එම යුද්ධයේ අවසානය දුටු එකම පරම්පරාව වන සහස්‍රයේ පරම්පරාවේ එකෙකු වන මා හට මහින්ද රාජපක්ෂ නමැති අසහාය මිනිසා කෙරෙහි ඇත්තේ සුවිශේෂී ගෞරවයකි.
  • ලක්දිව එක්සේසත් කළ සිංහල රජවරුන් ගැන කියවා තිබූ ඉතිහාස කතා දෑස් ඉදිරිපිට ප්‍රතිනිර්මාණය කරමින් ශ්‍රී ලංකාව එකම රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සේනාධිනායකත්වය යටතේය.
  • තමන්ගේම කියා ගෙපැලක් අත්පත් කරගැනීමේ සිට ඊලෝනයා විසින් අඟහරු මත ජනාවාසයක් හදන්නට යෑම දක්වා ඇත්තේ එපමණයි.
  • වැදගත් වෙන්නේ පවතින තත්ත්වයන් තුළ පැවතිය හැකි සක්විති රාජ්‍යය තහවුරු කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):




බෙදුම්වාදී යුද්ධයේ ආරම්භයත් සමග ඉපිද යුධ ගැටුම් පවතින රටක ජීවිතයේ පළමු වසර තිහම ජීවත් වී එම යුද්ධයේ අවසානය දුටු එකම පරම්පරාව වන සහස්‍රයේ පරම්පරාවේ එකෙකු වන මා හට මහින්ද රාජපක්ෂ නමැති අසහාය මිනිසා කෙරෙහි ඇත්තේ සුවිශේෂී ගෞරවයකි. එම මනෝභාවය තේරුම්ගැනීමට හැක්කේ අනතිමානී අයෙකුට පමණී.


ලක්දිව එක්සේසත් කළ සිංහල රජවරුන් ගැන කියවා තිබූ ඉතිහාස කතා දෑස් ඉදිරිපිට ප්‍රතිනිර්මාණය කරමින් ශ්‍රී ලංකාව එකම රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සේනාධිනායකත්වය යටතේය. රජෙකු නොවුණත් එම ඓතිහාසික හැරවුම් ලක්ෂය නීත්‍යනුකූලව ලියැවෙන්නේ මහින්ද රාජපක්ෂ ජනනායකයාගේ ශ්‍රී නාමයටය. අපේ කාලයේ සුපිරි වීරයා ඔහුය.


රජුන් රැජිණියන් විසින් වසර දහස් ගණනක් තිස්සේ පාලනය කළ මෙම දේශයේ පරමාධිපත්‍යය මෙහි ජීවත් වන සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ආදිවාසී වැදි ඈ සියලු ජාතික වැසියන්ට සමානව උරුම කර දී “ශ්‍රී ලංකා ජනරජය” හදන ශ්‍රේෂ්ඨ මොහොතේ එයට අත් ඔසවා ඡන්දය දුන් මහින්ද රාජපක්ෂ නම් දකුණේ තරුණ මන්ත්‍රීවරයා ඉන් වසර තිස්තුනකට පසු එම රාජ්‍යයේ ජන-පති ලෙස ජනතාව විසින් ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගැනෙන්නේ එම ජනරජය නිදහස් කරගැනීමේ දෛවෝපගත කාර්යභාරය වෙනුවෙනි. ඔහු එය අකුරටම ඉෂ්ට කළේය.

 

පරිණාමක මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන මේ ලෞකිය තුළ ලද හැකි උසස්මාග්‍රය වන්නේ සක්විති රජකමයි. සක්විති රජකම යනු රාජ්‍ය පිහිටුවීමේ මනුසත් ස්වභාවයේ අග්‍ර ඵලයයි. කොටියයි. කෙළවරයි. තමන්ගේම කියා ගෙපැලක් අත්පත් කරගැනීමේ සිට ඊලෝනයා විසින් අඟහරු මත ජනාවාසයක් හදන්නට යෑම දක්වා ඇත්තේ එපමණයි. ඉතිහාසය පුරාම මිනිසුන් කරන්නට උත්සාහ කරන්නේ එයයි. බුද්ධත්වය යනු ඒ සියල්ල අත්හැරීමේ අග්‍රයයි.

 

සක්විති හෝ අධිරාජයෙකු හෝ වීමට වර්ග කිලෝමීටර් කීයක ධජය ගැසිය යුතුද යන්න තාක්ෂණික කාරණයකි. වැදගත් වෙන්නේ පවතින තත්ත්වයන් තුළ පැවතිය හැකි සක්විති රාජ්‍යය තහවුරු කිරීමයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ නමින් එය සහසුද්දෙන්ම කළේය.


එතැන් පටන් මෙහි කවරෙකු හෝ ලබන කිසිවක් හෝ ලබන්නේ මහින්ද ලද රාජ්‍යයේය. එය වෙනස් වන්නට නම් මේ රාජ්‍යය බිඳීගොස් නැවත කිසිවෙකු විසින් තහවුරු කළ යුතුය. ඒ අනුව මහින්ද යනු සියල්ල ලද මිනිසෙකි. එයට වඩා ලබන්නට දෙයක් මිනිසෙකුට නැත. ලැබිය හැකි උපරිමය ලබාගත් මිනිසෙකි ඔහු. මෙයට වඩා ලබන්නට දෙයක් ඔහුට නැත්තේමය.


මහින්ද රාජපක්ෂ ඇසුරෙහි ලියන කියන අනෙකුත් සියලු දෑ නොවැදගත්ය. අනේක විධ නින්දා හෝ ප්‍රශංසා මෙන්ම මවිසින් ලියන මේ උපේක්ෂා සහගත ලියවිල්ලත් නොවැදගත්ය. සියල්ල ලද මිනිසාට දෙන්නට කිසිවක් නැත. ගහන්නට ගලුත් නැත. පුදන්නට මලුත් නැත. කියන්නට වදන් නැත. ධර්මය අපට මග වේවා!


ෆොන්සේකා සහ නිර්MARX - (එරන්ද ගිනිගේ)(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ

eranda.ginige@gmail.com

2022 නොවැම්බර් 18



 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සියල්ල ලද මිනිසාට දෙන්නේ මොනවාද! - (එරන්ද ගිනිගේ) | The Leader