The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)

T

The Leader Desk

November 20, 2022 • 10:47 AM

පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ය.
  • පුදුමයකට මෙන්, ඊළඟට හාස්‍යයට ලක්වී ඇත්තේ දෙවි දේවතාවුන්ය.
  • මේ අපි වැනි "සිම්පල් සයිමන්"ලා නොහොත් සාමාන්‍ය මිනිසුන් හාස්‍යයට ලක්ව ඇත්තේ ඒ සියලුදෙනාට පසුවය.
  • රටක් පාලනය කිරීමට නැතහොත් ඉදිරියට ගෙන යාමට සිටින දේශපාලනඥයන් ජෝකර්ලා බවට පත්වීම මෙන්ම පත් කරලීම නම්, සරල විහිළුවක් නොව බරපතළ කාරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ය. පුදුමයකට මෙන්, ඊළඟට හාස්‍යයට ලක්වී ඇත්තේ දෙවි දේවතාවුන්ය. මේ අපි වැනි "සිම්පල් සයිමන්"ලා නොහොත් සාමාන්‍ය මිනිසුන් හාස්‍යයට ලක්ව ඇත්තේ ඒ සියලුදෙනාට පසුවය. එහෙත්, විශේෂ කාරණයක් වන්නේ, හාස්‍ය කතාවල නිර්මාතෘවරුන් වන්නේද එකී සාමාන්‍ය ජනයාම වීමය.


රටක් පාලනය කිරීමට නැතහොත් ඉදිරියට ගෙන යාමට සිටින දේශපාලනඥයන් ජෝකර්ලා බවට පත්වීම මෙන්ම පත් කරලීම නම්, සරල විහිළුවක් නොව බරපතළ කාරණයකි.


ලෝකයේ හාස්‍ය කතා නිර්මාණය වන්නට පටන් ගත්තේ, මිනිසා කතාබහ කරන්නට පටන් ගත් දා සිටමය. ජනකතා, උපමා කතා, බණ කතා හා සිනා කතා යනාදී වශයෙන් පටන් ගැනුණු කතන්දර ලේඛනගත වන්නේ, වසර සිය දහස් ගණනකට පසුවය.


එතෙක් ඒවා පැවතියේ මුඛ පරම්පරාගතව නොහොත් කටින් කටට යමිනි. රටින් රටට එද්දී ඒ කතා ඒ ඒ රටවලට ගැලපෙන සේ වෙනස් වුණි.


9788882323479 ukලෝකයේ මුල්ම, විහිළු කතා එකතුව ලෙස සැළකෙන්නේ, 4 හෝ 5 වැනි සියවසට අයත්, "පිලෝජිලස්" (Philogelos) ය. එහි අරුත "විහිළුකාරයා" නැතහොත් හාස්‍ය ප්‍රිය පුද්ගලයා ය. එකල ග්‍රීකයේ පැවති විහිළු කතා 265ක් ඊට ඇතුළත්ය.


එහි එන එක් කතාවකි මේ.


කඩපොළේදී මිතුරෝ දෙදෙනෙක් මුණ ගැසෙති. එක් අයෙක් දැක විස්මයට පත්වන අනෙකා මෙසේ කියයි.


"හරි පුදුමයිනෙ! මට යාළුවෙක් කිව්වනෙ තමුසෙ මළා කියලා."


එවිට, දෙවැන්නා සිනා සී මෙසේ පවසයි.


"ඒක වෙන්න බෑනෙ... තමුසෙට දැන් පේනවනෙ මම පණපිටින් කියලා."


මොහොතක් කල්පනා කරන අනෙකා මෙසේ පිළිතුරු දෙයි.


"ඒ වුණාට මට තමුසෙට වඩා ඒ යාළුවා විශ්වාසයි..."


ලෝකයේ පැරණිම විහිළු පොතින් ගත් තවත් කතාවකි මේ.



මෝඩ මිනිසෙක් තවකෙක් සමඟ ගමනක් යමින් සිටින අතර, තම ගමේ වෛද්‍යවරයා ඈතින් එනු දැක වහා සැඟවෙයි. අනෙකා පුදුම වී මෙසේ අසයි.


"ඇයි... දොස්තරත් එක්ක ප්‍රශ්නයක්ද?"


"නෑ... නෑ.... මට හුඟ කාලෙකින් ලෙඩක් හැදුණෙ නෑ... මිනිහ තරහවෙලාද දන්නෑ..."


මෙම කතා එකතුවේ බොහෝ කතා තුළින් හාස්‍යය මතු කෙරෙන්නේ මෝඩ පුද්ගලයකු දෙන පිළිතුරු තුළිනි.



නගරය මැදින් ගමන් කරන අවමඟුල් පෙරහරවල් දකින අයෙක්, පසෙක සිටින්නකු වෙත ළංව මෙසේ අසයි.


"කවුද මැරිල තියෙන්නේ?"


"අර පෙට්ටිය ඇතුළෙ ඉන්න හාදයා..."



මෝඩ පුද්ගලයෙක් මුහුදේ නාමින් සිටින අතර වැස්සක් කඩා හැළෙයි. ඉන් නොතෙමී සිටීමට සිතන අර පුද්ගලයා වහාම දිය යට කිමිදෙයි.


ලෝකයේ පැරණිම විහිළුවලින් පවා පෙනී යන්නේ, විහිළු පරණ නොවන බවය.



දෙව්ලොව මෙන්ම අපායද විහිළු කතාවල එන ජනප්‍රිය ස්ථාන දෙකකි.


90 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් දෙව්ලොව උපත ලැබුවේය. ඊට මඳ කලකට පසු, 90 හැවිරිදි කාන්තාවක්ද මියගොස්, දෙව්ලොව උපන්නේය. මේ දෙදෙනා අතර, ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණි. විවාහ වීමට තීරණය කළ ඔවුහු මංගල කටයුතු භාර දෙවියා හමුවන්නට ගියහ.


"සාක්කියට දෙන්නෙක් ඉන්නවද?"දෙවියා ඇසීය.


"අපි එහෙ ඉද්දි සමාජයේ වැදගත් උදවිය. ඒ නිසා හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් හොයාගන්න පුළුවන් නම් හොඳයි."


"අපොයි.... ඒ ගොල්ලො මෙහෙ එන්නෙ නෑනෙ..."


ඉන්පසු සාමාන්‍ය දෙවිවරුන් දෙදෙනෙකු සාක්ෂියට යොදාගෙන, විවාහය ලියාපදිංචි කෙරුණි. දෙදෙනාම ඔවුන්ගේ දසවැනි විවාහ සංවත්සරයට ළඟා වෙද්දී, විවාහ ජීවිතය ගැන කළකිරී, දික්කසාද වීමට තීරණය කර, මංගල කටයුතු දෙවියා හමුවට ගියහ.


"ඒකට නං ලොකු වියදමක් යයි" දෙවියා කීය.


"ඇයි ඒ?"


"මෙහෙ ලෝයර්ස්ලා නෑනෙ. අපායෙන් තමයි කෙනෙක් ගෙන්න ගන්න වෙන්නේ."



අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

(උපුටා ගැනීම - deshaya.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග) | The Leader