The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාපන්දු ලෝක කුසලානය පිරී ඉතිරයන කඳුළු

T

The Leader Desk

November 21, 2022 • 5:38 AM

පාපන්දු ලෝක කුසලානය පිරී ඉතිරයන කඳුළු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට ලෙස නිවේදනය කෙරුන තැන් සිට එහි වීදි ප්‍රීතියෙන් ඔද වැඩුනු ජනතාවගෙන් පිරී ගියේය.
  • ඒ බරපතල ව්‍යාපෘතීන් රැසක ආරම්භය බවට පත්වීම අපේක්ෂාකල යුත්තේ, දෝහා කටාර් යනු කවාරාකාර පරිසරයක් සහිත රටක්දැ'යි යන්න රහසක් නොවන බැවින්ය.
  • ඉදිකරන්නට නියමිත පාපන්දු පිටි 7 ක ට අමතරව නව ගුවන් තොටුපලවල්, මහා මං මාවත්, පොදු ප්‍රවාහන සේවාවන්, හෝටල් සංකීර්ණයන් සහ නවතම පාපන්දු නගරයක් ඇතුලුව මහ පරිමාන ව්‍යාපෘතීන් විශාල සංඛ්‍යාවක ඇරඹුම එය විය.
  • මේ වත්දී ලෝක පාපන්දු ශූරතවය ඇරඹී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රට ලෙස නිවේදනය කෙරුන තැන් සිට එහි වීදි ප්‍රීතියෙන් ඔද වැඩුනු ජනතාවගෙන් පිරී ගියේය.


ඒ බරපතල ව්‍යාපෘතීන් රැසක ආරම්භය බවට පත්වීම අපේක්ෂාකල යුත්තේ, දෝහා කටාර් යනු කවාරාකාර පරිසරයක් සහිත රටක්දැ'යි යන්න රහසක් නොවන බැවින්ය. එක අතකින්, මැද පෙරදිග රැකියා අවස්ථා අපේක්ෂා කරන ජනතාවකගෙන් සැදි දිළිඳු රටවලට, ඒ ඔස්සේ වැඩි ආදායම් උපයා ගැන්මට දොරටු විවර වීමකි. එමෙන්ම මසට සතුන් පටවන්නා සේ, කිසිදු ප්‍රමිතියකින් තොරව ශ්‍රමිකයන් පටවන ඒජන්සිකරුවන්ට ලැබුනු මුදල්මය උල්පතක් වූයේය.


ඉදිකරන්නට නියමිත පාපන්දු පිටි 7 ක ට අමතරව නව ගුවන් තොටුපලවල්, මහා මං මාවත්, පොදු ප්‍රවාහන සේවාවන්, හෝටල් සංකීර්ණයන් සහ නවතම පාපන්දු නගරයක් ඇතුලුව මහ පරිමාන ව්‍යාපෘතීන් විශාල සංඛ්‍යාවක ඇරඹුම එය විය.

 

quatar 1


මේ වත්දී ලෝක පාපන්දු ශූරතවය ඇරඹී ඇත. එහෙත් මෙතෙක් ලොව වැඩි දෙනෙකුගේ අවධානයට ලක්නොවී නිදන්ව තිබූ දහඩිය කඳුලු කතා පුවතක් දැන් මතුපිටට පැමිනෙමින් පවතී.

 

එදා සත්කාරකත්ව වරම දෝහා කටාර් රාජ්‍යයට හිමිවූ දා සිට සටහන් වූ ශ්‍රමිකයන්ගේ මරණ සංඛ්‍යාව (2011 - 2020) 5927 කි. ඒ ඉන්දියාව, නේපාලය,බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් 4 න් පමනි. දෝහා කටාර් වල පකිස්ථාන තානාපති කාර්යාලය මගින් 2010 - 2020 කාලය අතර සිදුවූ ශ්‍රමික මරණ 824 ක් වාර්තා කලේය. මේ සියල්ලෝම අදාල ව්‍යාපෘතීන්හි ශ්‍රමය යෙදවූවෝය. මීට අමතරව විශාල ශ්‍රමික සංඛ්‍යාවන් යැවූ පිලිපීනය, කෙන්යාව වැනි රටවල සිදුවන්නට ඇති  මරණ සංඛ්‍යාව මෙන්ම, 2020 අවසන් මාස 3 හි සිදු වූ ජීවිත හානි ද මීට ඇතුලත්ව නැත.

 

මෙම මරණ සංඛ්‍යාව කටාර් රජය විසින් වැඩපලේ හෝ සේවයේ යෙදී සිටිත්දී සිදු වූ මරණ ලෙස පිළිගෙන නැතත්, මේ සෑම මරණයක්ම පාපන්දු තරගාවලිය වෙනුවෙන් ඇරඹූ යටිතල පහසුකම් ව්‍යාපෘතීන්වල සේවයකල පුද්ගලයන් බව තහවුරුකර ඇත. ගල්ෆ් හි කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන  FairSquare ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා වන නික් මැක්ගීහන් විසිනුයි මේ නිළ ප්‍රකාශය නිකුත්කර ඇත්තේ.


Fair SquareNicholas McGeehan'කටාර් රාජ්‍යය විසින් ලෝක පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දිනාගත් දා සිට රට තුල සිදුවූ ශ්‍රමික මරණවලින් අති විශාල අනුපාතයක් මේ ව්‍යාපෘතීන්හි ශ්‍රමය යෙදවූ අය'බව තහවුරුකර ඇතැ'යි ඔහු පවසයි.


මින් මරණ 37 ක් ඍජුවම ලෝක කුසලාන ක්‍රීඩාංගන ඉදිකිරීම් කටයුතු අතරවාරයේ සිදුව ඇතත්, මෙම තරගාවලි සංවිධායක කමිටුව පවසන්නේ මේවා 'සේවාවලට අදාල නොවන' මරණ බවයි. මේ පුද්ගලයන් වැඩ බිමේදී ඇදවැටී මියගිය අවස්ථා ලෙස සටහන් වන බැවින්, එවන් ප්‍රකාශයක් නිකුත් කරනුයේ කෙසේද යන්න විශේෂඥයන් ප්‍රශ්න කරති.

 

මේ 6750 ක් වූ මරණ අතර ශ්‍රී ලාංකිකයන් 557 ක් සිටිති. ඊට පිටුපසින් ඇති ශෝඛී සත්‍යය නම් (සියලු රටවල මියගිය පිරිස පිළිබඳව), තම පවුලේ ප්‍රධාන ආදයම් උත්පාදකයා අහිමි වූ දිළිඳු පවුල්වල අනාගතය, දුරු රටක අකාලයේ මරු තුරුලට ගිය තම ආදරණීයයාගේ මරණය පිළිබඳ නැගෙන නොවිසඳුනු අවිනිශ්චිතබව ඔවුනට කෙසේ බලපානු ඇතිද යන කරුණුයි.

 fifa 3

 

මේ හැර බොහෝ අය තම වෙහෙසකර වැඩ මුරය අවසන නවාතැනේදී මුහුණදුන් හදිසි මරණයන්ය. එක්තරා අධ්‍යයනයකදී, බොහෝ ශ්‍රමිකයන් එක දිගට පැය 17 ක් වැඩකර ඇති බව හෙළිවිය. එම රටේ ගිම්හාන මාසවල පවතින අධික උෂ්ණත්වය මධ්‍යයේ වැඩකරන මොවුන්ට ප්‍රමාණවත් ජලය හෝ ආහාර තිබී නැත. ඔවුන්ට නවාතැන් පහසුකම් සලසා ඇති නේවාසිකාගාරවල ඇති දිළිඳු සහ අනාරක්ෂිත යටිතල පහසුකම් පද්ධතියද බොහෝ මරණවලට හේතු වී ඇත. එනම් විදුලි කාන්දු වීම් (සාමාන්‍ය පද්ධති ඔස්සේ පමනක් නොව වැසි දිනවල තෙත්වන බිම පවා අනතුරුවලට හේතු වී ඇත), නිසි ප්‍රමිතියෙන් තොර සනීපාරක්ෂක පද්ධතීන්, අධික තදබදය නිසා බෝ වන රෝග, ආරක්ෂක ඇඳුම් පැළඳුම්වල ප්‍රමානවත් නැතිකම ආදී මෙකී නොකී ගිණිය නොහැකි තරම් කරුණු කාරණා මීට බලපායි.


වැඩ බිමේදී ඍජුව සිදුවන මරණවල වගකීමවත් භාරගන්නට මැලිවන සංවිධායක මණ්ඩලයක් හා රජයක් ඉන් පිටත සිදුවන මරණවල වගකීම භාර ගනීවිද?


අප මෙසේ සංඛ්‍යා සහ සාධක ඔස්සේ කතාකලත්, මේ මිහිපිට සිටි මිනිසුන්ය. රටක ආදායම් උත්පාදනයට ඍජුව දායක වූවන්ය. සංඛ්‍යාව තනි තනිව ගණනය වුනත් වියෝව පවුල් පද්ධතියකට බලපායි. මේ බහුතරයක් සාධාරණය උදෙසා හඬක් නගන්නට තරම් බලයක් නොමැතිවුන්ය. ඊට එකමුතුවක් අවශ්‍යය.


තව දෙයක් කෙටියෙන් හෝ සිහිපත්කල යුතුය. ඒ ලොව පුදුම හතයි. අද අප පුදුම වෙවී බලන්නට ගියත්, ඒ පුදුම යට සැඟව ගියේ ඒවා ගොඩනගන්නට ශ්‍රමය, ජීවිතය කැපකල මිනිසුන්ගේ කඳුලු කතාවය. එහෙත් අපේ සම්භාවනාවට පාත්‍ර වන්නේ එය ඉදිකලාය කියන බලවන්තයන්ගේ නම් පමනි.

 

1Kw 6Cnvaosjmqf7TyGb9QA


කාන්තාරයක ඉදිවන පාපන්දු පිටි 7 ක් සහ ඒ වටා ගොඩනැගෙන ආශ්චර්යය පිරුණු අනෙකුත් පහසුකම්ද මෙබඳුම ය.


මේ වනවිට ලොව පාපන්දු ලෝලීන් ජයඝෝෂා නගමින් 2022 ලෝක පාපන්දු තරගාවලිය නරඹනු ඇත. ඒ සැණකෙළියේ මහෝඝය භුක්තිවිඳින ජනතාවගේ ප්‍රීතිඝෝෂා මැද, ඒ සඳහා පසුබිම සකසන්නට තම ජීවිතය පුදකල අසරණයන්ගේ කෙඳිරිලි හඬ සහ ඔවුන්ගේ සහෘදයින්ගේ ශෝඛී හැඬුම්, දුක් සුසුම් යටපත්ව යනු ඇත.


ලෝකය දිනෙන් දිනම මොනතරම් කුරිරු වී ඇතිද?


(තේජා ගොඩකන්දේ ආරච්චි)

උපුටා ගැනීම - තේජා ගොඩකන්දේ ආරච්චි ගේ ෆේස්බුක් පිටුවෙන්

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...