The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත්ව ජනාධිපති කරනවද? රනිල්ව තියාගන්නවද? -(අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

November 21, 2022 • 2:27 PM

සජිත්ව ජනාධිපති කරනවද? රනිල්ව තියාගන්නවද? -(අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන.
  • ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ.
  • ඒ මදිවට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය වගේ එක දිගට ණය ගෙවාගත නොහැකිව ඩිෆෝල්ට් වෙවී දිගින් දිගට සැරින් සැරේ බංකොලොත් වෙන රාජ්‍යයක් බවට පත්වෙන්නත් ශ්‍රී ලංකාවට පුළුවන්.
  • මැජික් පෙන්නන්න රනිල්ට බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ශක්තියෙන් යන මේ ගමන. ඒකට ආයෙ ඔය පරාජිතල, හර්ෂද සිල්වල, එස්බීන්ලා වගේ කට්ටියත් අවශ්‍ය නැහැ.

ලංකාව මේ වලට ඇදල දාපු එකට වැඩියෙන්ම වගකියන්න ඕනැ රාජපක්ෂලා බවට තර්කයක් නැහැ. හැබැයි, රාජපක්ෂලාව එතනට ඇදල දාපු ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒකෙ වගකීමත් භාරනොගෙන, රටට දරාගන්න බැරි සුබසාධනවාදී ක්‍රමය රැකදීම වෙනුවෙන් තමයි පෙනීඉන්නෙ. රාජපක්ෂලා මේ වෙනකොට එතන නැහැ. පොහොට්ටු පක්ෂය කියන්නෙ නායකත්වය පිළිගන්නා විනයක් තියෙන බලවේගයක්. ඒකෙ හිටිය ඩලස්ලා, විමල්ලා, ජීඑල්ලා වගේ තුවාල වැඩි හරියක් දැන් එළියෙ.

රනිල්ගෙ එජාප ලෙඩා මළත් බඩසුද්දයි වෙන මට්ටමටම ගිහින් තියෙන්නෙ. හිටපු වසංගත වැඩිහරියක් සජිත්ට භාරදීල තියෙන්නෙ. සජිත් හොඳ මිනිහෙක් වුණාට එල්ලගෙන ඉන්න සොම්බි ටික එක්ක කවදාවත් ආණ්ඩුවක් හරියට කරන්න බැහැ, දෙවෙනි සිරිසේන තමයි ෂුවර් එකට. ඒ මදිවට ආර්ජන්ටිනාව, ඉක්වදෝරය වගේ එක දිගට ණය ගෙවාගත නොහැකිව ඩිෆෝල්ට් වෙවී දිගින් දිගට සැරින් සැරේ බංකොලොත් වෙන රාජ්‍යයක් බවට පත්වෙන්නත් ශ්‍රී ලංකාවට පුළුවන්.



හැබැයි, මේ වෙනකොට ජවිපෙ, පෙසප, අන්තරේ ආදී සියලු බලවේග පටු අරමුණු වෙනුවෙන් කරන දේශපාලනේ අග්‍ර ඵලය තමයි සජිත් බලයට එන එක හා රට ආපහු යහපාලන කාලෙ තත්වයට ගිහින් හිරවෙන එක.



සජිතුයි, ජවිපෙයි දැන් පළාත් පාලන ඡන්දයක් ඉල්ලනවනෙ. ජවිපෙ එක පළාත් පාලන ආයතනයක්වත් දිනනවද හිතවතුනි? මං හිතන්නෙ නැහැ. සභිකයො සංඛ්‍යාව වැඩිවෙයි. එච්චරයි. සජිත් තමයි වැඩි ගණනක් දිනන්නෙ. ඊට පස්සෙ පෙසපටයි, අන්තරේටයි, අරගලේටයි සල්ලි ටිකක් විසිකරලා මහ මැතිවරණයක් ඉල්ලලා දිනපතා වීදි බස්සන එක තමයි මූලෝපාය. රෙද්ද පෙන්නුවාම ඇති. කපලා, තමන්ම මහගෙන අඳින එවුන්නෙ ඉන්නෙ.

ඒ නිසා වැඩ දෙකයි තියෙන්නෙ. සජිත්ව ජනාධිපති කරනවද? නැතිනම් රනිල්ව තියාගන්නවද? කතා දෙකක් නැහැ පුතා මං ඉන්නෙ රනිල්ව තියාගන්න ඕනැ කියන තැන. මැජික් පෙන්නන්න රනිල්ට බැහැ. හැබැයි, ආර්ථිකය ගොඩගන්න පුළුවන්. මාසෙන් දෙකෙන් ඒක කරන්න බැරි බව රනිල්ම කියල තියෙනවා. බංකොලොත්භාවයෙන් රට මුදාගන්න ඕනැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආර්ථික ව්‍යූහාත්මක ගැලපුම් කරන්න ඕනැ. ඒකෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් වෙයි. හැබැයි, ගොඩනගන්න බැහැ. ඒකට පෞද්ගලීකරණය, විදේශ ආයෝජන, ව්‍යවසායකත්වය අවශ්‍යයි. ඒවට එරෙහිව එන පීඩනයට මුහුණදෙන්න පුළුවන් ශක්තිමත් නායකයන් අපට අවශ්‍යයි. අරගලකාරයන්ගෙ රැස්වීම්වලට ගිහින් හාහූ කියන සජිත්ලට කරන්න පුළුවන් මගුලක් නැහැ. රනිල්ව බලයේ තියාගන්න අවශ්‍ය ඒකයි. එකට ඉතින් පාර තමයි පොහොට්ටුව ශක්තිමත් කරන එක.

xdtfr

කොහොමද පොහොට්ටුව ශක්තිමත් කරන්නෙ? මේ පිංතූරවල තියෙන්නෙ ඒක තමයි. තව විස්තර ඕනැ නම්, 1 කමෙන්ටුවේ තියෙන ලිපිය කියවන්න.. කියවා බනින්න. බැනලා ඔබේ හැඟීම් මෝචනය කරගන්න. හැබැයි, මාව හදන්න එන්න එපා. වැඩක් නැහැ. මං යම් දෙයක් තෝරාගත්තොත් ඒක සීයට සීයක් කරනවා. හුඟක් අය වගේ මං වැඩකරන්නෙ මට ලැබෙන ප්‍රතිලාභ බලල නෙමෙයි. ඒනිසා මාව හදන එක පැත්තක තියලා තමුන් හැදෙන්න.


Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...