The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘බැසිල්ට බය ඇයි ? මොකක්හරි ප්‍රශ්නයක් ද?’

T

The Leader Desk

November 21, 2022 • 6:58 PM

‘බැසිල්ට බය ඇයි ? මොකක්හරි ප්‍රශ්නයක් ද?’

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පවසන්නේ ඔහුගේ පැමිණීම පක්ෂයට ශක්තියක් බව යි.
  • සැප්තැම්බර් 09 වැනිදා ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණේ ය.
  • පසුගිය ජුලි 12 වැනිදා ද බැසිල් රාජපක්ෂ දිවයිනෙන් පිටව යාමට උත්සාහ කළත් එය අසාර්ථක විය.
  • යළි දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරු ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීහු රැසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පවසන්නේ ඔහුගේ පැමිණීම පක්ෂයට ශක්තියක් බව යි.

සැප්තැම්බර් 09 වැනිදා ඔහු අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණේ ය.

පසුගිය ජුලි 12 වැනිදා ද බැසිල් රාජපක්ෂ  දිවයිනෙන් පිටව යාමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඒ, ගුවන් තොටුපොළේ දී ඔහුට එල්ල වූ විරෝධය හේතුවෙනි.

යළි දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරු ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීහු රැසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

xfcgr

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධාක ලෙස පක්ෂය ප්‍රවර්ධනය කිරීම සහ ඉදිරි කටයුතු බැසිල් රාජපක්ෂගේ වගකීම වනු ඇතැ යි රාජ්‍ය අමාත්‍ය සනත් නිෂාන්ත පැවසීය.

“එතුමාගේ පැමිණීම පක්ෂයට ශක්තියක්,” ඔහු සඳහන් කළේ ය. "ගමට ගිහිල්ලා ඡන්දය ගන්න රාජපක්ෂවරු පොහොට්ටුව ඕන වෙනවා," ඔහුකියා සිටියේ ය.

බැසිල් රාජපක්ෂ 2021වසරේ ජූලි මස 08 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් නව වැනි පාර්ලිමේන්තුවට තේරී පත්විය. අනතුරුව ඔහු මාස කිහිපයක් මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය.

බැසිල් රාජපක්ෂ පසුගිය ජුනි 09 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර අනතුරුව විදේශගත විය.

මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඔහු එදින පැවසුවේ රටේ පත්ව ඇති තත්ත්වයට යම් ආකාරයකින් මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා වගකිවයුතු බව යි. ඔහු මෙරටට පැමිණියේ තමන්ට එරෙහිව ඇති නඩුහබවලින් නිදහස් වීමට බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එවකට ප්‍රකාශ කළේ ඉදිරියේ දී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන නමුත් දේශපාලනයේ යෙදෙන බව යි.

"අද සිට රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කෙළින්ම නතර කරන්න විදහක් නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය.

තමා අමෙරිකාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි කාරණා දෙකම මේ වන විට ඉෂ්ට වී ඇති බව බැසිල් රාජපක්ෂ පැවසුවේ ය.

තමාට එරෙහි නඩුවලට මුහුණ දීම පළමු කාරණය වූ අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයට තමා වගකිව කිව යුතු ය යන්න දෙවැනි කාරණය වූ බවත් ඔහු සඳහන් කළේ ය.

නඩු සියල්ලෙන්ම නිදොස්කොට නිදහස්වීමට තමාට හැකි වූ බවත්, මහින්ද රාජපක්ෂ යළි ජනතාව පිළිගන්නා නායකයෙකු ලෙස බලයට ගෙනඒමට හැකි වූ බවත් බැසිල් රාජපක්ෂ කියා සිටියේ ය.


බැසිල්ට එරෙහි මූල්‍ය චෝදනා

# දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් රුපියල් මිලියන 36කට අධික ප්‍රමාණයක් සඳහා සාපරාධී විශ්වාස කඩ කිරීම

# අංක 111/03 ගඟබඩ පාර මල්වාන ලිපිනයේ, උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල් රුපියල් මිලියන 200.03 භාවිත කරමින් අක්කර 16 ඉඩමක් මිලදී ගෙන, එහි සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම. එම ඉඩමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පවසයි.

# දිවි නැගුම ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුමැතියකින් තොරව රුපියල් බිලියන 2.99 සාවද්‍ය පරිහරණය. අදාළ නඩුවෙන්, ඔහු ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා 2020 වසරේ දී නිදොස්කර නිදහස් කෙරිණි.

# දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2015 වසරේ ලිත් මුද්‍රණය සඳහා 20,400,000ක් ලබාගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම.



මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වු බැසිල් රාජපක්ෂ වරෙක රක්ෂිත බන්ධනාගාරයේ ද පසුවිය.

එහෙත් අදාළ සියලු චෝදනාවලින් මේ වන විට ඔහු නිදොස්ව නිදහස ලබා ඇති අතර, පසුගිය වසර දෙක තුළ නීතිමය බැඳීම්වලින් තොර පුද්ගලයෙකු බවට පත්ව ඇත.

එහෙත් රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස ද ඔහු නම් කර තිබේ.

cfgr


'බැසිල් රාජපක්ෂට බය ඇයි?'

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (නොවැ. 21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් පළකළේ ය.

ඔහු විමසා සිටියේ බැසිල් රාජපක්ෂට බය ඇයි ද යන්න යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තමා ඇතුළු පිරිස පක්ෂය ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල ශක්තිමත්ව ගෙනියන බව ඔහු කියා සිටියේ ය.

“ඊයේ දවසේ අපේ පක්ෂයේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට පැමිණියා. අපි දැක්කා ඊයේ සමහර  කිහිපදෙනෙක් භුමිතෙල් වැදුණු ගැරඬි වගේ යන එනමන් නැතිව දුවනවා. ඇයි බැසිල් රාජපක්ෂට බය? මොකක්හරි ප්‍රශ්නයක් තිබෙනවා ද? බය වෙන්න එපා,” රෝහිත අබේගුණවර්ධන පැවසීය.

“පිං සිද්ධවෙයි පැත්තකට වෙලා ඉන්න දෙන්නකො එතුමාට. දැන් පාර්ලිමේන්තුවෙනුත් අයින් වුණා. හැබැයි මතක තියාගන්න, පාර්ලිමේන්තුවේ මන්ත්‍රිධූරයෙනුයි ඒ සියල්ලෙන් ඉවත් වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන මේ දැවැන්ත පක්ෂයට නායකත්වය දෙන්න එතුමා ඉන්නවා. ඒ වෙනුවෙන් අපි ඒ වගකීම කරනවා. හුඟක් වෙලාවට අපි දන්නවා බොරුව ටික කාලය යි. ඇත්ත එළියට එන්න දීර්ඝ කාලයක් යනවා. මේ රටේ ඉතිහාසයේ හිටපු නොයෙකුත් නායකයන්ට විරුද්ධව කතා කිව්වා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන ඒ චෝදනා කරන අයට කියනවා අපි ඔය චෝදනා භාරගන්නෙත් නෑ, බැසිල් රාජපක්ෂ මැතිතුමා භාර ගන්නෙත් නෑ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

(BBC සිංහල සේවය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘බැසිල්ට බය ඇයි ? මොකක්හරි ප්‍රශ්නයක් ද?’ | The Leader