The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

November 22, 2022 • 4:55 PM

යක්ෂයාගේ ක්‍රිකට් ගහමු... - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒකට හේතුව අරවින්ද ළඟ තිබ්බ ප්‍රහාරක බව.
  • ඒ ප්‍රහාරක බව මහ අමුතු එකක්.
  • තිබ්බ ප්‍රහාරක බව නිසා රැඳිලා හිටිය (පැවතුන) කෙනෙක්.
  • අවුට් වෙලා ගියත් පොඩි රණශුර ගතියක් තිබ්බා (warrior).
අකුරු ප්‍රමාණය (Font Size):

ඒකට හේතුව අරවින්ද ළඟ තිබ්බ ප්‍රහාරක බව. ඒ ප්‍රහාරක බව මහ අමුතු එකක්. එයා ක්‍රිකට් වල රැඳිලා ඉන්න (පවතින්න) ක්‍රිකට් ගහපු කෙනෙක් නෙවෙයි (survival cricket). තිබ්බ ප්‍රහාරක බව නිසා රැඳිලා හිටිය (පැවතුන) කෙනෙක්.

රැඳිලා ඉන්න (to survive) මහා ලොකු උණක් තිබ්බේ නැති නිසා මැනේජර් කෙනෙක් තියාගෙන උගේ උවමනාවට ක්‍රිකට් ගැහුවේ නැහැ අරවින්ද. පුද්ගලික ලකුණු දිහා බලාගෙන පරිස්සමෙන් වෘත්තියේ රැඳිලා හිටියේ නැහැ මම දන්නා විදියට. හෝ තණතීරුවේ දැක්ක විදියට. එයා ගැහුවේ මුරන්ඩු ක්‍රිකට්. එයා ළඟ තිබ්බේ ටිකක් පිරිමි පහේ ක්‍රිකට් එකක් (දේශපාලන නිරවද්‍ය නොවන භාෂාවක් පාවිච්චි කළොත්). ඒ කියන්නේ සෙල්ලක්කාර ක්‍රිකට්. කොළු ක්‍රිකට්. ඒකයි බලන්න ආස.

සංගා මහේල දෙන්න ඒක වෙනස් කරලා පෝස්ට් මොඩන් ක්‍රිකට් ගැහුවා (postmodern cricket). ඒ කියන්නේ පරිස්සම් ක්‍රිකට්. මෙයින් කියන්නේ නැහැ සංගා රිස්කි ෂොට් (risky shots) ගැහුවේ නැහැ කියල. ඒවත් ගැහුවේ කල් යල් මැනලා. අනාගත ආයෝජන විදියට.

නමුත් අරවින්ද එල්ලී එල්ලී ගැහුවේ අවදානම් ක්‍රිකට්. පට්ට එළියේ යන බෝල ඇදල හුක් ගැහුවා. පුල් ගැහුවා. අවුට් උණා. යන්න ගියා. අවුට් වෙලා ගියත් පොඩි රණශුර ගතියක් තිබ්බා (warrior).

පරිස්සම් අඩු අරවින්දගේ පුද්ගලික ලකුණු අඩුයි. පරිස්සම් වැඩි සංගාගේ පුද්ගලික ලකුණු වැඩියි. ඒක නරක දෙයකුත් නෙවෙයි. හැබැයි ඒ අරවින්ද නෙවෙයි.



සංගාට කතා පවත්වන්න ආරාධනා ලැබුණ. ආදර්ශමත් ආදි ශිෂ්‍යයෙක් උණා. ආදර්ශමත් පවුලක් තිබ්බා. නයිට් නාමයක් ලැබෙන්නත් ඔන්න මෙන්න. අරවින්දට ඒ තරම් දේවල් තිබ්බේ නැහැ. එයා ගොඩක් හිටියේ යක්ෂයාගේ පැත්තේ. යක්ෂයාගේ ක්‍රිකට් ගහපු අරවින්ද රණශුරයෙක් උණා. පරිස්සම් ක්‍රිකට් ගහපු සංගා දෙයියන්ට අයිති උණා.



පිච් එකට ටොක් ටොක් ගාල කොටල එන එන එකට දීලා ඇද්ද අරවින්ද මිනිස් ලෝකයේ මතක හිටින නමක් උණා.

මිනිස් ලෝකයේ අරවින්ද වගේ ක්‍රිකට් ගහමු. එතකොට දෙයියෝ ඔය යන දේවාලෙකින් යයි....

(අරවින්ද පන්සිල් ගත්ත උපාසකයෙක් කියන්න නෙවෙයි මේක ලිව්වේ).


Mahesh Hapugoda 1 1(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...