The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රගතිශීලී කියන්නෙ පසුගාමී කියන එකයි - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

November 26, 2022 • 4:50 AM

ප්‍රගතිශීලී කියන්නෙ පසුගාමී කියන එකයි - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් අරගලකාරයන් වෙලා ඉන්න බහුතරයක් වාමාංශිකයන් ඒ වෙලාවෙ රාජපක්ෂලා එක්ක හිටගත්තා.
  • විශේෂත්වය වෙන්නෙ ප්‍රගතිශීලීත්වය කියන ලේබලය ඇතුලෙම මේ පසුගාමීත්වය නඩත්තු වීමයි.
  • තමන්ගේ දේශපාලන ව්‍යාපෘති පිණිස ජනතාවගේ අසහනය පවත්වාගෙන යාමේ කාලකණ්ණි උත්සාහයක් දේශපාලන පක්ෂ වෙතින් සහ යූටියුබ් නාළිකා වෙතින් ප්‍රකට වෙනවා.
  • ආර්ථිකයක් ගොඩයන්නෙ එසේ ගොඩයන බවට ජනතාවගේ ඇති අපේක්ෂාව නිසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැන් අරගලකාරයන් වෙලා ඉන්න බහුතරයක් වාමාංශිකයන් ඒ වෙලාවෙ රාජපක්ෂලා එක්ක හිටගත්තා. උතුරේ දෙමළ මිනිස්සුන්ට පහර දෙන්න කිව්වා. ඒ වෙලාවෙ කුප්‍රකට කතාවෙ විදිහට එල්ටීටීඊයට සල්ලි දීලා හරි රනිල් පරද්දන්න මේ අය රටම ජාතිවාදයේ අගාධයට අරගෙන ගියා. අද රට බේරගන්න කියලත් පෙරමුනේ ඉන්නෙ මේ පිරිසම වුනහම ඒ කාලෙ ඉඳන් මේ අය දිහා බලන් ඉන්න කෙනෙකුට හිනා නොගිහින් කොහොමද?

අද රනිල් විරෝධයත් මේ බහුතර අඥානකමේම රැල්ලක් මිස අනෙකක් නෙමෙයි. හැමදාම අදූරදර්ශී, රටට අහිතකර දේශපාලන තීන්දු ගත් පිරිස් හදිස්සියේ රටට ගලවාගන්න ඉදිරිපත් වෙන අය හැටියෙන් දැකීම මුළාවක්. අවාසනාවට බහුතරය හැම වෙලාවකම හිටගන්නෙ අඥානකමත් එක්කයි. දේශපාලන පක්ෂ හැමතිස්සෙම තෝරන්නෙ ජනප්‍රිය තීන්දුයි. එක විදිහකට මං රනිල්ට ගරු කරන කාරණයක් වෙන්නෙ තමන්ට කොයිතරම් අවාසිසහගත නමුත් හැම වෙලාවකම ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට තිබුණු ධෛර්යයි. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා වචනයක් ඉන්ටග්‍රිටි කියල. ඒකට සිංහල වචනයක් නෑ.

අපේ දේශපාලනයේ මේ ඉන්ටග්‍රිටි කියන කොලිටිය තියෙන කවුරු හරි නම් කරලා කාට හරි ඕන නම් රෙදි හෝදන සබන් කැටයක් දිනාගන්න පුළුවන්.



මේ ව‍ෙලාවෙ රට ගොඩයන විදිහ ගැන කතා කරන එක උඩුගං බලා පිහිනීමක්. රට වළට යන හැටි කතා කරන එකයි ජන ආකර්ශනය තියෙන පැත්ත. රටට කෙළවෙනවා කියන එකයි දුකම බදාගන්න ජනතාව හුරුකරලා තියෙන බාරගැනීම. රට මෙතනට වැටෙන්න තමන්ගෙ වගකීම කියන කොටස දේශපාලන පක්ෂ හෝ මේ රටේ පුරවැසියො විසින් බාරගන්න ලෑස්ති දෙයක් නෙමෙයි. තමන්ගේ සියලු අඥාන තීරණ කෙලවර තමන්ට සුබසිද්ධියම අත්වේවි යැයි පුදුමසහගත විශ්වාසයක වෙසෙන ජන කොටසක් තමයි ලංකාවෙ ඉන්නෙ. මේකට ගැලපෙන මාධ්‍ය සංස්කෘතියකුත් අපිට තියෙනවා. ට්‍රැඩිෂනල් මීඩියා සහ නිව් මීඩියා කියල ඒකෙ වෙනසක් නෑ.



ලංකාවෙ යූටියුබ් චැනල් බොහොමයකට ආරම්භයේදී තමන්ගෙ විවර්ෂිප් එක හදාගන්න මං උදව් වෙලා තියෙනවා. කිසිම කෙනෙක් ඒ චැනල් නරඹන්නෙ නැති අවධියක වුනත් යම් කිසි පිරිසක් ආකර්ශනය කරගන්න මං ඒ අයට මට හැකි උපරිම දායකත්වය දීලා තියෙනවා. ඒ මේ නව මාධ්‍ය නාලිකා විසින් යම් ආකාරයක ධනාත්මක, නිදහස් මතවාද ජනනය කිරීමක් කරයි කියන බලාපොරොත්තුවෙන් මිස වෙන කිසිවක් නිසා නෙමෙයි. නමුත් මේ වෙද්දි මං අත්දකිනවා ලංකාවෙ යූටියුබ් නාළිකා විසින් රට පුරා වපුරන ඍණාත්මක, පසුගාමී ආකල්ප ගොන්න. විශේෂත්වය වෙන්නෙ ප්‍රගතිශීලීත්වය කියන ලේබලය ඇතුලෙම මේ පසුගාමීත්වය නඩත්තු වීමයි. රටේ ආර්ථිකය පතුලටම වැටුනු වෙලාවක, මිනිස්සුන්ගෙ පැවැත්ම අතිශය අසීරු වුනු වෙලාවක ඒ අයට බලාපොරොත්තුවක් නොවී, අසහනය, ආතතිය වපුරන එකම තෝරාගන්නා මාධ්‍ය විසින් කරන්නෙ විනාශයක්. ඒක එක් කලෙක මාධ්‍ය විසින් රාජපක්ෂවාදය වැපිරීම හා සර්වසමයි.

තමන්ගේ දේශපාලන ව්‍යාපෘති පිණිස ජනතාවගේ අසහනය පවත්වාගෙන යාමේ කාලකණ්ණි උත්සාහයක් දේශපාලන පක්ෂ වෙතින් සහ යූටියුබ් නාළිකා වෙතින් ප්‍රකට වෙනවා. සතුටක සේයාවක් හෝ ජනතාවට ලබා නොදීමයි ප්‍රගතිශීලී කියාගන්නා පිරිස්වල වෑයම. ආර්ථිකයක් ගොඩයන්නෙ එසේ ගොඩයන බවට ජනතාවගේ ඇති අපේක්ෂාව නිසයි. ආර්ථිකයක් බිඳ වැටෙනවා කියන විශ්වාසය තියෙන රටක ආර්ථිකය ගොඩනගන්න පුළුවන්කමක් නෑ. මේ හින්ද මේ වෙලාවෙ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා මේ රටේ ආර්ථිකය ගොඩදැමිය හැකියි කියන විශ්වාසය හෝ ඒ වෙනුවෙන් වූ නව යෝජනා හෝ නැති සියල්ලන් වැටෙන්නෙ ආර්ථික ඝාතකයන්ගේ කැටගරියටයි.

xe4

පාට කණ්ණාඩි ගලවලා තියලා බැලුවොත් රටේ යහපත් වෙනසක් ඇතිවෙමින් තියෙනවා කියන එක පිළිගන්න ඕන කාරණයක්. කවදාවත් සිදු‍වුනේ නැති විදිහට දිනේෂ් ගුණවර්ධනලා පවා බලය බෙදීමට අත් උස්සමින් ඉන්නවා. කාලයක් පුරා අපිත් පුළුවන් තරම් උත්සාහ ගත් ‘කැම්පේන් ෆයිනැන්ස්’ පණතට කැබිනට් අනුමැතිය ලැබෙනවා. සල්ලි තියෙන පලියට දේශපාලනයට එන්න තියෙන ඉඩ යම් පමණකට මේකෙන් ඇහිරෙනවා. ගෑස්, තෙල් පෝලිම් අතුරුදන් වෙලා තියෙනවා. මෙතෙක් පිස්සු කෙළින රටේ බදු ක්‍රමය යම් විධිමත් බවකට සැකසෙමින් තියෙනවා. වක්‍ර බදු වෙනුවට ඍජු බදු ආදයම් පැත්තට ආණ්ඩුව හැරෙනවා. දෙසැම්බර් සංචාරකයන්ගේ පැමිණීමට ඒ ආශ්‍රිත කර්මාන්තවල යෙදෙන ජනතාව උද්යෝගයෙන් ලෑස්ති වෙනවා. මේ රටේ වැදගත්ම කර්මාන්තය වන්නේ  සංචාරක කර්මාන්තය බව මගේ විශ්වාසයයි.



අනිත් පැත්තෙන් රාජපක්ෂලාගේ රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීමට ඇති විරෝධය සමග විපක්ෂයත් අත්වැල් බැඳගනිමින් ඉන්නවා. රාජපක්ෂවාදය යනු කුමක්දැයි නොදැන රාජපක්ෂලාට විරුද්ධ වීමේ නිරුවත පේන්න පටන් අරගෙන තියෙනවා. දොස්තරලා බදු ගෙවන්න බෑ කියනවා. නාකින්ට එරෙහි වීමෙන් පමණක් රට ගොඩදැමිය හැකියි කියලා බලාපොරොත්තු වෙන අරුමපුදුම අලුත් පරපුරක් ඉන්නවා.  



අන් සියල්ලටම වඩා අපි ඉන්නෙ මතවාදිමය වශයෙන් අගාධයකයි. ධනාත්මක නිර්මාණාත්මක සීතිමක් අහිමි වූ යුගයකයි. විරෝධය යනු ප්‍රතික්‍රියාවයි. ඒ වෙනුවට රටට අවශ්‍ය වෙන්නෙ ආරම්භයක් ගැනීමයි. අපි තෝරගන්නෙ යමකට එරෙහි වීම නම් අපි කරන්නෙ පවතින ක්‍රමය පවත්වාගෙන යාමට උදව් වීමම පමණයි. ඒ වෙනුවට අපිට පුළුවන් නම් සමාන්තර ක්‍රමයක් නිර්මාණය කරන්න අපි ක්‍රම වෙනසක් යෝජනා කරන්නෙ එතනදියි.


#godayamu

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com


(උපුටා ගැනීම -අනිද්දා පත්තරේ කල්ට් අතිරේකය)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...