The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය

T

The Leader Desk

November 26, 2022 • 7:18 AM

නිමලරාජන්ගේ මාධ්‍ය හැඳුනම්පත හා බයිසිකලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ ගයමින් වයමින් පත්තර පිටු, වෙබ් හා FB පිටු පුරා ලියමින් සිටිති.
  • ඒ අවස්ථාවේදී අද නිමලරාජන් වෙනුවෙන් කඳුළු හෙළන මංජුල වෙඩිවර්ධන ඇතුළු රාවයේ මාධ්‍යවේදීන්ට ඒ වෙනුවෙන් කට අරින්නට හැකියාවක් තිබුණේ නැත.
  • හැබැයි වික්ටර් අයිවන් ඇත.) උතුරේ අරගලය ගැන මේ වන තෙක් එකම ස්ථාවරයක සිටින නව සම සමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පුවත්පතේ කටයුතු කළ සහෝදරවරු නිමලරාජන්ට තම යුතුකම ඉෂ්ඨ කරන්නට ඉදිරියට පැමිණියෝය.
  • ඒ අනුව තම මාධ්‍යකරණයේ කටයුතු නිදහසේ කටයුතු කිරීමට රජයෙන් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත නිමලරාජන්ට ලබාදිමට කටයුතු කලේ හරය පුවත්පතය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල දකුණේ මාධ්‍යවේදීන් හා ජීවිතාරක්ෂාව සඳහා රටින් පලාගිය මාධ්‍ය සගයෝ කඳුළු සලමින් වර්ණනා කරමින් දුක්-ගුණ ගයමින් වයමින් පත්තර පිටු, වෙබ් හා FB පිටු පුරා ලියමින් සිටිති.

නිමලරාජන් තම මාධ්‍ය කටයුතු වල නියැලුණේ රාජකාරි මාධ්‍ය හැඳුනුම්පතක් පවා නොමැතිව වන අතර, ඔහු තම වර්ගයාගේ අයිතිය හා යුද්ධයේදී ඔවුන් මුහුණදී සිටි ඛේදජනක තතත්වය සෙසු ලෝකයාට නිරාවරණය කිරීම වෙනුවෙන් මාධ්‍ය භාවිතා කළ අයෙකි. ඔහුගේ ප්‍රයත්නය දකුණේ සිංහල සාමවාදී මාධ්‍ය මිතුරන්ට පාඩමක් ඉගැන්වීමකි. කාටත් ප්‍රථම රටින් බැහැරවීමට ඉඩකඩ තිබියදී ඔහු තම මාධ්‍ය යුතුකම අකුරටම ඉටුකරමින් තම හුස්ම උතුරේ දෙමළා වෙනුවෙන් මුදාහරිමින් සියලු අවධානම් මත එහිම රැඳි සිටින්නට තීරණය කළ මාධ්‍යවේදියකි.

මංජුල වෙඩිවර්ධන මහතා ප්‍රංසයේ සිට නිමල්ගේ බයිසිකලය ගැන ලියයි. ඔහුද දකුණේ සිංහල සමාජය තුළ සිටිමින් දෙමළාගේ අයිතිය හා සාමය වෙනුවෙන් කතා කර අවසානයේ ජීවිතය රැකගැනීමට විදේස්ගත වූ අයගේ කෙනකි. එසේ නොවූවේ නම්  ඔහුටද නිමලරාජන්ට අත් වූ  ඉරණමම අත්වන්නට ඉඩ තිබිණි.

නිමලරාජන් වැඩිපුර දේශියව ප්‍රවෘත්ති ලබාදුන්නේ හා ගණුදෙනු කරනු ලැබුවේ රාවය පුවත්පතේ මාධ්‍ය සගයින් සමගය.  මංජුල වෙඩිවර්ධන ද එවකට රාවයේ ප්‍රවෘත්තී කර්තෘවරයෙකි එහෙත් නිමලරාජන් රාවයෙන් හැඳුනුම්පතක් ඉල්ලූ විට එය නොදී සිටීමට රාවයේ අයිතිකාර මුදලාලි වික්ටර් අයිවන් වගබලා ගත්තේය. ඒ අවස්ථාවේදී අද නිමලරාජන් වෙනුවෙන් කඳුළු හෙළන මංජුල වෙඩිවර්ධන ඇතුළු රාවයේ මාධ්‍යවේදීන්ට ඒ වෙනුවෙන් කට අරින්නට හැකියාවක් තිබුණේ නැත. රාවයේ මාධ්‍ය සගයින්ට නිමලරාජන් වෙනුවෙන් සටන් කිරීමට ද හැකියාවක තිබූණේද නැත. ඒ සියලු දෙනා වික්ටර් දඩුකදේ සිරවී අසරණව සිටිහය. (මේ වන විට රාවය ද නැත. කට්ටිය ආගිය අතක් නැත. හැබැයි වික්ටර් අයිවන් ඇත.)

 
උතුරේ අරගලය ගැන මේ වන තෙක් එකම ස්ථාවරයක සිටින නව සම සමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පුවත්පතේ කටයුතු කළ සහෝදරවරු නිමලරාජන්ට තම යුතුකම ඉෂ්ඨ කරන්නට ඉදිරියට පැමිණියෝය. ඒ එවකට බිබිසි සන්දේශයේ සේවයේ නියුතුව සිටි චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාගේ මැදිහත් වීම මතය. ඒ අනුව තම මාධ්‍යකරණයේ කටයුතු නිදහසේ කටයුතු කිරීමට රජයෙන් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත නිමලරාජන්ට ලබාදිමට කටයුතු කලේ හරය පුවත්පතය.


උතුරේ අරගලය ගැන මේ වන තෙක් එකම ස්ථාවරයක සිටින නව සම සමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පුවත්පතේ කටයුතු කළ සහෝදරවරු නිමලරාජන්ට තම යුතුකම ඉෂ්ඨ කරන්නට ඉදිරියට පැමිණියෝය. ඒ එවකට බිබිසි සන්දේශයේ සේවයේ නියුතුව සිටි චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයාගේ මැදිහත් වීම මතය. ඒ අනුව තම මාධ්‍යකරණයේ කටයුතු නිදහසේ කටයුතු කිරීමට රජයෙන් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පත නිමලරාජන්ට ලබාදිමට කටයුතු කලේ හරය පුවත්පතය. බිබිසී සන්දේශයට සම්බන්ධ වන තෙක් චන්දන කීර්ති බණ්ඩාර සහෝදරයා හරය පුවත්පතේ කටයුතු කළ මාධ්‍යවේදියකි.
 
යුද්ධයේ උච්චතම අවස්ථාවලදී පවා නිමලරාජන් යාපනය අතනොහැර තම සහෝදර ජනයා වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකරමින් සිටියේය. මේ වකවානුව තුළ ඔහු ඝතනය කරන ලද්දේ රාජ්‍ය අනුග්‍රහය යටතේ බව එකළ බොහෝ දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි. පසු කාළිනව නිමලරාජන් ඝාතනය කළ සැකකරුවකු ලන්ඩනයේදී අත්අඩංගුවට පත්විය.
නිමරාජන්ට යුක්තිය ඉටුකිරීමට දකුණේ සාමය වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් ගත් උත්සාහයේ තරමත්, තම තමන්ගේ මාධ්‍ය ආයතනවල නිමලරාජන් ඝාතනය එරෙහිව පෙනිසිටි තරමත් ගැන තම හදවතට තට්ටු කර විමසා බලන ලෙස මේ ගුණ ගයන මංජුල වෙඩිවර්ධන මහතා ඇතුළු මාධ්‍යවේදීන් සගයන්ට නැවත වරක් මතක් කර සිටිමු.


නිමලරාජන් මරා දැමූ පසු ඔහුගේ දෙමව්පියන් දකුණට ගෙනැවිත් ආරක්ෂිත නිවාසයක රඳවා තබාගනිමින් ඔවුන් දිවයිනේන් පිටත්කොට හැරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේ ඒ වියපත් දෙමව්පියන් වැළඳගෙන සමුදුන් නිමලරාජන්ගේ මාධ්‍ය මිතුරන් එසේ කරන්නට ඇත්තේ, සැබැවින්ම නිමලරාජන් වෙනුවෙන් තම යුතුකම ඉෂ්ඨ කරගන්නට බැරි වීමේ සිත් කම්පාවට විය හැක.


අද වනවිට විදේස්ගතව සිටින සමහර මාධ්‍යවේදීන් සියලු අවදානම් දුෂ්කරතා මැද දිවයිනේ වාසය කරමින් රට අතහැර නොගොස් තම යුතුකම් ඉටුකරමින් සිටින මාධ්‍ය සහෝදරවරුන්ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදීම ගැන විශ්මය දනවන කතා රාශියක් අප සතුව තිබේ.

මංජුල වෙඩිවර්ධන මහතා නිමලරාජන්ගේ බයිසිකලය ගැන පමණක් නොව, ඔහු වෙනුවෙන් ඉටුකළ හැකිය තිබියදීත් අපෙන් අතපසු වූ දේවල් ගැනත් කෙරුවානම් සහ නිමල්ගේ මාධ්‍ය හැඳුනුම්පත ගැනත් මතක් වූවා නම් ඒ සියල්ල නිමල්ගේ බයිසිකලයට වඩා වටිනාකමක් ඇත්තේය.

අඩුම තරමින් ඝාතනය කරනු ලැබූ නිමලරාජන් සමරා දැනෙන ගුණ සමරුවක්වත් පවත්වන්නට ඔහු ගැන කඳුළු සලන මාධ්‍ය සගයන්ට නොහැකි විය. නිමලරාජන් වෙනුවෙන් පවත්වන ලද අනුස්මරණය වඩාත් පලදායි මාධ්‍ය වැඩමුළුවක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු කළේ එවකට බීබීසී/සන්දේශයේ ප්‍රධානියා වූ නැසිගිය ප්‍රියාත් ලියනගේ නැසිගිය ගිය එල්මෝ ප්‍රනාන්දු, ඇතුළු බීබීසි මාධ්‍ය සගයින්ය. එහිදි එය සාර්ථක කරගැනීමට හරය පුවත්පත වෙනුවෙන් මේ ලියන ලියුම්කරු ඇතුළු හරයේ මාධ්‍යෙවේදීන් පිරිසද කටයුතු කරන ලද බව සටහන් කොට තැබීම වැදගත්ය.  

තවත් කියන්නට බොහෝ දේ ඇත...

ඒ නිසා...
 
“නිමලරාජන්ට ඔහුගේ සොහොනේ නිදහසේ සැතපෙන්න ඉඩ දෙන්න“

 “සාමිනාදන් විමල්ට ඔහුගේ කටයුතු කරගෙන යන්න ඉඩදෙන්න“
lkdflj(සුජීව සෙනරත්)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...