The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : යළි උපදිමු ශ්‍රී ලංකා ?- (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

November 27, 2022 • 9:13 AM

මානීගේ තීරුව : යළි උපදිමු ශ්‍රී ලංකා ?- (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ පුතා සිය මවට කියනු මම අසාගෙන සිටියෙමි .
  • "එහෙනම් යෙහාලිගෙ යාඥාවෙන් සංගා ලෝකෙ හොඳම ක්‍රිකටර් ⁣කෙනෙක් වුණා වගේ අපේ තාත්තටත් ලෝකෙ හොඳම තීරැ රචකයෙක් වෙන්න තිබුණනෙ.
  • අවුරුදු තිස්ගාණක් තිස්සෙ මහ ලොකුවට කොලමක් ලියනව.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේ පුතා සිය මවට කියනු මම අසාගෙන සිටියෙමි .


"ඒකට අපේ තාත්තා. අවුරුදු තිස්ගාණක් තිස්සෙ මහ ලොකුවට කොලමක් ලියනව. හැබැයි තාම අතින් කටට"


"සිංහලෙන් ලියන දේවල් ලෝකෙට යන්න විදිහක් නෑනෙ හලෝ" බිරිඳ පුතාට කියා සිටියාය."ඉංග්‍රීසියෙන්වත් ලියන්නෙ නැතුව ජාත්‍යන්තරේට ගිහින් හරිහම්බු කරගන්න විදිහක් නෑනෙ"


"ඒව නම් පරිවර්තනය කරගන්න හරි බැරිය"පුතා සිය මවට නුරැස්නා ස්වරයකින් කියා සිටියේය ."තාත්තගෙ ලිවිල්ල ගැන අම්මගෙත් උනන්දුවක් තිබුණ නම් තාත්තටත් අද වෙනකොට කොයිතරම් ලොකු ගමනක් යන්න තිබුණද?"


ඒ කතාවෙන් නම් බිරිඳ කේන්ති ගත්තාය. තීරුව ලියන වෙලාවට තේ, කෝපි හදාදීම හැර තමා ඒ වෙනුවෙන් අහවල් මගුලක් කරන්නදැයි අසමින් ඈ පුතාට කඩා පැන්නාය.


පුතාද සිය මව දෙස බැලුවේ නොමනාපයෙනි.


"ඇයි ඔයාටත් යෙහාලි සංගක්කාර සංග බැට් කරන්න ගියාම කරා වගේ ⁣තාත්ත ලියන්න ගත්ත වෙලාවෙ ඉඳන් ලියල ඉවරවෙන වෙලාව වෙනතුරු දෙයියන්ට ප්‍රේ කරන්න තිබුණනෙ කොලම හිට් කරන්න කියල" පුතා කියා සිටියේය . "එහෙනම් යෙහාලිගෙ යාඥාවෙන් සංගා ලෝකෙ හොඳම ක්‍රිකටර් ⁣කෙනෙක් වුණා වගේ අපේ තාත්තටත් ලෝකෙ හොඳම තීරැ රචකයෙක් වෙන්න තිබුණනෙ. සංගට ලැබිච්ච චාන්ස්සෙක අපේ තාත්තට නොලැබුණේ ඔයාගෙ කැපවීමක් නැති කමෙන්නෙ. ඔයාව ආයෙත් පත්තරේකින් ඉන්ටර්වීව් කරපු දවසකවත් ඒ පාපෝච්ඡාරණය කරන්න"


"ඔයාගෙ මළ කෝලම්!" බිරිඳ නොසතුටින් පුතාට කියා සිටියාය. " එතකොට සංගත් ක්‍රිකට් ගහල රෙකෝඩ් තියල තියෙන්නෙ ගුත්තිල ශක්‍රයගෙ හෙල්ප්පෙකෙන් මූසිලව පැරැද්දුව වගේද? එහෙනම් මෑන් කැප්ටන් කරපු 2011 වර්ල්ඩ් කප් ෆයිනල්ලෙකේදී, දෙයියො යෙහාලිගෙ ප්‍රෙයාර්ස් අහල ශ්‍රී ලංකාව දිනෙව්වෙ නැත්තෙ මොකද ?"


"ඔයා දන්නවනෙ අම්මෙ කසාද බැඳපු මිනිස්සුන්ගෙ තියෙන  ප්‍රශ්න "පුතා යෙහාලි වෙනුවෙන් කතා කළේය ."එදා යෙහාලිට මොකකට හරි සංග එක්ක මල පැනල ඉඳල ඒ කේන්තියට ප්‍රේ කරේ නෑ වෙන්න බැරිද ?"


"එතකොට සංගගෙ වයිෆ් ගෝටව එලෝගන්න ගෝල්ෆේස් අරගලේට ගියේ මොකද?" බිරිඳ නොසන්සිඳුණු කේන්තියෙන් ඇසුවාය ." තමන්ගෙ වාහෙ වෙනුවෙන් ප්‍රේ කරා වගේ, තමන්ගෙ රට වෙනුවෙනුත් ප්‍රේ කරල ඒ වැඩේ කරගන්න තිබුණනෙ "


"කවුද දන්නෙ අම්මෙ ජූලි නවවෙනිද රටම ගෝල්ෆේස් ගියාට ගෝටට යන්න වුණේ යෙහාලිලගෙ ගැන්සියෙ ප්‍රෙයාර්ස් හින්දද කියල ?"


"එහෙනම් අපි එකඑකාට ඡන්දෙ දීල රට ගොඩ දාගන්න බලන්නෙ නැතුව, මුළු රටම එකසිතින් දෙයියන්ට ප්‍රේ කරල රට ගොඩ දාගත්ත නම් ඉවරයිනෙ"


"හරියට හරි අම්මෙ, අපි බෞද්ධ, කිතුණු, හින්දු, ඉස්ලාම් කියල බෙදී වෙන්වෙලා ඉන්නැතුව ඔක්කොම කට්ටිය යෙහාලිලගෙ ගැන්සියට ගිහින් එක දිගටම ප්‍රේ කරා නම් රට ගොඩ තමයි "පුතා කියා සිටියේය . "අනික ඒ ගැන්සියෙ නමම අපේ රට ගොඩ දාගන්න ඕන නමනෙ"


"ඒ මොකක්ද ඒ?"


"ඇයි අම්මෙ ඒක "බෝර්න් අගේන්"නෙ. ඉතින් අපේ රටටත් දැන්  ඕන වෙලා තියෙන්නෙ යළි උපදින්නනෙ (බෝර්න් අගේන් වෙන්නනෙ)"



රාජපක්ෂලන්තයේ සිට ලියමි - Sundara Nihatamani De Mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : යළි උපදිමු ශ්‍රී ලංකා ?- (සුන්දර නිහතමානි ද මැල්) | The Leader