The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විවියන් රිචර්ඩ් : ශ්‍රේෂ්ඨයෙක්ගේ ආරම්භය - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

November 28, 2022 • 7:26 AM

විවියන් රිචර්ඩ් : ශ්‍රේෂ්ඨයෙක්ගේ ආරම්භය - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.
  • ''මේ හලෝ, පේන්නේ නැද්ද...ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්.
  • ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කාලය (timing) පිළිබද ප්‍රශ්නයක් තිබ්බ.


ඔය කාලෙම තමයි සමර්සෙට් ග්ලෝමෝගන් කවුන්ටි මැච් එකක් තිබ්බේ. ඉතිං ටයිමිනුත් අවුල් කවුරුත් වැඩිය දන්නෙත් නැති ආධුනික විවියන් රිචර්ඩ් ඒ මැච් එකේ බැටින් ක්‍රීස් එකට එනවා.


අනිත් පැත්තේ බෝලෙ තියෙන්නේ ග්‍රෙග් තෝමස් අතේ. ග්‍රෙග් තෝමස් බෝල් කරන්නේ අකුණු ගහනවා වගේ කියල තමයි කට්ටිය කියන්නේ. ඒ තරම් වේගවත්.


එදා මැච් එකේ ඔන්න ග්‍රෙග් තෝමස් යකා වගේ බෝල් කරනවා. පළවෙනි බොලේ විවියන්ගේ ඇඟේ වදිනවා. විවියන්ට තේරෙනවා එයා ඒ බෝලේ ඉස්සරහා පැරදුණා කියල. ඉතිං එයා කරබාගෙන හිටිය. රිදුණේ නැහැ වගේ ඊළඟ බෝලෙට සුදානම් වුණා.


තෝමස් කාරය නෙවෙයි නිකම් හිටියේ. පිටියට සහ ක්‍රීඩාවට අලුත් කළු හමක් තියන විවියන්ගේ මොරාල් බස්සන්නත් එක්ක පොර මෙහෙම කියනවා. නක්කලේට. ''මේ හලෝ, පේන්නේ නැද්ද...ඕක රතුපාට අවුන්ස පහක් බර රවුම් බෝලයක්. හොඳට බැලුවොත් පේනවා''.


මේ නක්කල් කරන්නේ අපි එවන බෝලෙවත් හරියට පෙන්නේ නැති උඹට මොන ක්‍රිකට්ද කියන තේරුමෙන්.


විවියන් සද්දයක් නැහැ. කරබාගෙන ඉන්නවා.


ඔන්න එනවා ඊළඟ බෝලේ. ඒක අරිට හපන්. වෙඩිල්ලක් වගේ කණ ළඟින් කීං ගාල ගියා. ගහන්න තියා හැරෙන්නවත් වෙලාවක් නැහැ.


තෝමස් කාරය ආයෙත් උගේ සද්දේ දාන්න ගත්ත. ''ඕයි...ඕක රතුපාට රවුම් අවුන්ස පහක් බර බෝලයක්..ඒකවත් පෙන්නේ නැද්ද?''


විවියන් ආයෙත් කරබාගෙන ඉන්නවා. බිම බලාගෙන.


තුන්වෙනි බෝලේ ආව. ඒකට උස්සල ගහපු ගැහිල්ලට බෝලේ ක්‍රීඩාගාරයට උඩින් පියාඹල ගිහිල්ල ඊට පිටිපස්සෙන් ගලන ඇලට වැටුණ.


මෙච්චර වෙලා කරබාගෙන හිටපු විවියන් ග්‍රෙග් තෝමස්ට මෙහෙම කිව්වා. ''උඹ බෝලේ පාටයි හැඩෙයි බරයි ඔක්කොම දන්නවනේ... දැන් ගිහිල්ල අහුලාගෙන වරෙං''.


ඒක තමයි ක්‍රිකට් වල ශ්‍රේෂ්ටයෙක්ගේ ආරම්භය...ගොඩක් වෙලාවට බොහොමයක් ශ්‍රේෂ්ටයින්ගේ ආරම්භය.



පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...