The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉසුරුමත් සුබ පැතුමක් !

T

The Leader Desk

November 30, 2022 • 7:22 AM

ඉසුරුමත් සුබ පැතුමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මං ෆුඩ් සිටියට යනකොට මං ගන්න මාළු මොනවද, මං ගන්න කිරි ජාතිය මොකක්ද, මං වැඩියෙන්ම ගන්න බඩු ජාති මොනවද මේ හැම දෙයක්ම ඉසුරු දන්නවා.
  • අන්තිමට මැනේජ්මන්ට් එක ආපහු ඉසුරුව මෙහාට ගෙනාවා.
  • රස්සාවක වටිනකම තියෙන්නෙ තමන්ට තමන්ගේ සේවය ලබාගන්නා අය තුල ඇති කරන්න පුළුවන් සතුට ට.
  • ඇත්තටම මිනිස්සු එකිනෙකාට බැදෙන්නෙ මනුස්සකම්වලට.
අකුරු ප්‍රමාණය (Font Size):



මං ෆුඩ් සිටියට යනකොට මං ගන්න මාළු මොනවද, මං ගන්න කිරි ජාතිය මොකක්ද, මං වැඩියෙන්ම ගන්න බඩු ජාති මොනවද මේ හැම දෙයක්ම ඉසුරු දන්නවා. දැකපු ගමන් ඇවිත් ඒවා ඉක්මණට දෙන්න අනිත් වැඩ කරන අයට උපදෙස් දෙනවා.


ඉසුරු මෙහෙම කරන්නෙ මට විතරක් නෙමෙයි. ඒ ෆුඩ් සිටියට නිතර යන එන හැමෝම ගැන එයා ඒ විදිහටම දන්නවා. ඒ හැමෝටම පැන පැන උදව් කරනවා. වයසක අය‍ගෙ බඩුමලු වාහනේට හරි ත්‍රීවීල් එකට හරි යවනවා. ඒක පවරන්න කවුරුවත් නැත්නම් එයාම ඒ බඩුමළු උස්සගෙන යනවා.


ඉසුරුගෙ සර්විස් එක එයාගෙ ජොබ් එකට වඩා ගොඩක් එහාට යනවා. කවුරු හරි ෆුඩ් සිටියට එන්න බැරි කෙනෙක් කෝල් කරලා බඩු ටිකක් ඕඩර් කළොත් එයා පුද්ගලිකව හරි ඒක ගෙදරට ගිහින් දෙන්න උත්සාහ කරනවා. මේ පළාතෙ මිනිස්සු වෙන කොහෙන්වත් බඩු ගන්නෙ නැතුව ෆුඩ් සිටියටම ආවෙ ඉසුරු හින්ද.


ඉසුරු කොළඹ ඇවිත් තියෙන්නෙ තිස්සමහාරාමෙ ඉඳලා. එයා ෆුඩ් සිටියට ආවෙ අනිත් හැමෝම වගේ සේල්ස් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට. මුල ඉඳන්ම ඉසුරුගෙ මේ කැපී පෙනෙන උනන්දුව සහ හිතට දැනෙන හිතවත්කම තිබුන. ඒ හින්දම එයා ඉක්මණට ඉහළ ගියා. මැනේජර් කෙනෙක් වුනහම කෙනෙකුට වෙන ෆුඩ් සිටියකට මාරුවීමක් දෙන එකයි ඒ කොම්පැනියෙ සිරිත. ඉසුරුවත් මාරු කළා පාගොඩට. මේ පැත්තෙ මිනිස්සු මේ ළග තියෙන ෆුඩ්සිටිය අතෑරලා පාගොඩට යන්න පටන්ගත්තා. මේකෙ බිස්නස් අඩුවුනා. අන්තිමට මැනේජ්මන්ට් එක ආපහු ඉසුරුව මෙහාට ගෙනාවා.


එයා යාළු වුනෙත් ෆුඩ් සිටියෙ වැඩ කරන ලස්සන ගෑණු ළමයෙක් එක්ක. එයා කසාද බඳින දවසට ෆුඩ් සිටියට නිතර යන එන හැමෝටම ආරාධනා කළා. මේ පැත්තෙ මිනිස්සු වෙඩින් හෝල් එක හොයාගන්න තැන ඉඳන් හැමදේකටම තමන්ට පුළුවන් විදිහට ඉසුරුට උදව් කලේ හරිම පුදුම ආදරේකින්. ඒ වෙඩින් එකට තරාතිරමක් බලන්නෙ නැතුව පළාතෙ හැමෝම ගියා. ඉසුරු මුලින්ම කොළඹ ඇවිත් බෝඩ් වෙලා හිටපු ගෙදර වයසක අම්මයි තාත්තයි පවා අත් අල්ලගෙන හෙමින් හෙමින් ඇවිදගෙන ඉසුරුගෙ මගුල් ගෙදර ආවා.


ළග නෑයෙකුගෙ මගුල්ගේක ගියාට වඩා පවුලෙ ගතියක් දැනෙනවා… කියල එතන හැමෝම කතා වුනා. යන්න කිසි හදිස්සියක් නැතුව අන්තිම වෙනකල්ම එකතු වෙලා කතා කර කර ඉන්න දේවල් මිනිස්සුන්ට තිබුන.


ඉසුරුගෙ වෙඩින් එක මට හරිම ආදරණීය මනුස්ස හැගීමක් දුන්නා.


ඉසුරු ගැන මං කල්පනා කළා. එක පැත්තකින් ඕනම පොඩි තැනක ඉඳන් ඉහළට එන්න ඕන කරන මනුස්සකම ආදරය සහ කරන රස්සාවට කැපවීම ඉසුරු ළග තිබුණ. අනිත් පැත්තෙන් ඒ පැත්තෙන් ඒ බඩු ගන්න එන ටික වෙලාවට කතාබහ කරලා ඉසුරු  උපයාගත්ත මිනිස්සු. රස්සාවක වටිනකම තියෙන්නෙ තමන්ට තමන්ගේ සේවය ලබාගන්නා අය තුල ඇති කරන්න පුළුවන් සතුට ට.


ජාති පංති කුල ආගම් කියන්නෙ මතුපිට කතා විතරයි. ඇත්තටම මිනිස්සු එකිනෙකාට බැදෙන්නෙ මනුස්සකම්වලට. ඉසුරු හින්ද අපේ ෆුඩ් සිටිය අනිත් ෆුඩ් සිටිවලට වඩා ගොඩක් වෙනස්.

#godayamu



 (KalaNa Gihantha (කලං) - ෆේස්බුක් පිටුවෙන් )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉසුරුමත් සුබ පැතුමක් ! | The Leader