The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන!

T

The Leader Desk

December 4, 2022 • 3:02 PM

රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, මෙම තීරණය එම වරප්‍රසාදය හිමි රාජ්‍ය නිලධාරීන්ට තවමත් හිමිවන බව ද එය අහෝසි කර නොමැති බව ද අපගේ අධ්‍යයනයෙන් හෙළිදරව් වේ.
  • රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීමට අදාළ 22/99 හෙවත් 1999 අංක 22 දරණ චක්‍රලේඛය අවලංගු කර ඇති බවක් දැනගන්නට නැත.
  • දූෂණ නැති කර රට හදන හැටි ගැන කයිවාරු ගසන ඇතැම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මේ අන්දමින් වාහන ගෙදර ගෙන ගිය අයයි.
  • මෙම අවස්ථාව ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තම සේවා කාලය තුළදී කොහොම කටයුතු කරනවා ඇද්දැයි සිතාගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 


එහෙත්, මෙම තීරණය එම වරප්‍රසාදය හිමි රාජ්‍ය නිලධාරීන්ට තවමත් හිමිවන බව ද එය අහෝසි කර නොමැති බව ද අපගේ අධ්‍යයනයෙන් හෙළිදරව් වේ.

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීමට අදාළ 22/99 හෙවත් 1999 අංක 22 දරණ චක්‍රලේඛය අවලංගු කර ඇති බවක් දැනගන්නට නැත.

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දේශපාලකයන්ට වඩා බලවත් පිරිසක් වන රාජ්‍ය පරිපාලන නිලධාරීන් විසින් සම්පාදනය කරගෙන තිබෙන මෙවැනි දූෂිත වරප්‍රසාද ගැන ඔවුන් කටක් අරින්නේ නැත.



දූෂණ නැති කර රට හදන හැටි ගැන කයිවාරු ගසන ඇතැම් විශ්‍රාමික ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මේ අන්දමින් වාහන ගෙදර ගෙන ගිය අයයි. මෙවැනි දූෂණයකට නීත්‍යානුකූල අවස්ථාව දේශපාලකයන්ටවත් ලැබෙන්නේ නැත. පරිපාලන නිලධාරීන් කිසිවෙකු මෙවැනි දූෂිත වරප්‍රසාද අවලංගු කිරීම ගැන තබා එවැනි වරප්‍රසාද තිබේද කියාවත් කවදාවත් කතාකරන්නේ නැත.



මෙම අවස්ථාව ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තම සේවා කාලය තුළදී කොහොම කටයුතු කරනවා ඇද්දැයි සිතාගත හැකිය. එවැනි ජ්‍යේෂ්ඨයන් සිටින රාජ්‍ය සේවයක් දේශපාලනීකරනය වීම හා මේ අන්දමින් අකාර්යක්ෂම වීම ගැන පුදුම විය යුතුද?

රජයේ සමාගම්වල ප්‍රධානීන්ගේ මෙම වරප්‍රසාදය අහිමි කිරීම ද රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කුහකකමකි. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ වරප්‍රසාදය රැකගෙනය.

අදාළ චක්‍රලේඛයට සබැඳිය මෙන්න


මෙම වරප්‍රසාදය ලැබෙන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්ගේ ලැයිස්තුවක් පහත සටහන්වල දැක්වේ.

xcfg

Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රජයේ ලොක්කන් තවමත් පැන්ෂන් අරන් ගෙදර යන්නෙ නිල වාහනෙත් අරගෙන! | The Leader