The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හේම ශ්‍රී, ක්ලැරන්ස් හා 'කඳසුරිදුනි' පටලැවිල්ල !

T

The Leader Desk

December 5, 2022 • 7:45 AM

හේම ශ්‍රී, ක්ලැරන්ස් හා 'කඳසුරිදුනි' පටලැවිල්ල !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සමග එක්තරා පුවත් අඩවියක ඔහුගේ ගීත ලැයිස්තුවක් පළ වූ අතර ඊට 'කඳසුරිදුනි ඔබෙ ඔද තෙද..' යන ගීතය ද ඇතුළත් විය.
  • සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වූ ශ්‍රීකාන්ත දසනායක රිය අනතුරකට මුහුණ පෑ අවස්ථාවේ ඔහුගේ පියා බාරයක් වී ඇත.
  • බාරය වූයේ තම පුතා සුව වූ පසු කතරගම දෙවියන් ඉදිරියේ දෙවියන් උදෙසා ගීතයක් ගායනා කර බාරය ඔප්පු කරන බවටයි.
  • පසුව එය "සූරිය" ලේබලය යටතේ තැටියකට නංවන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ සමග එක්තරා පුවත් අඩවියක ඔහුගේ ගීත ලැයිස්තුවක් පළ වූ අතර ඊට 'කඳසුරිදුනි ඔබෙ ඔද තෙද..' යන ගීතය ද ඇතුළත් විය.


එහෙත් 'කඳසුරිදුනි ඔබෙ ඔද තෙද..' යනුවෙන් ප්‍රකට ගීතය රචනා කර සංගීතවත් කර ගායනා කළේ ක්ලැරන්ස් විජේවර්ධන විසිනි.


මේ ගීතය සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමේ ප්‍රථම ගීතය වූ අතර එහි නිර්මාණ කාර්යය පිටුපස රසවත් කතාවක් සැඟවී තිබේ.


සුපර් ගෝල්ඩන් චයිම්ස් ගායක කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වූ ශ්‍රීකාන්ත දසනායක රිය අනතුරකට මුහුණ පෑ අවස්ථාවේ ඔහුගේ පියා බාරයක් වී ඇත.
බාරය වූයේ තම පුතා සුව වූ පසු කතරගම දෙවියන් ඉදිරියේ දෙවියන් උදෙසා ගීතයක් ගායනා කර බාරය ඔප්පු කරන බවටයි.


ඒ අනුව එම "බාර"ගීතය ලිවීම බාර වූයේ ක්ලැරන්ස් විජේවර්ධනටයි.


පසුව එය "සූරිය" ලේබලය යටතේ තැටියකට නංවන ලදි.

PHOTO 2022 12 05 11 54 15

ශ්‍රීකාන්ත දසනායක

 

PHOTO 2022 12 05 11 54 14

PHOTO 2022 12 05 11 54 13

 

හේම ශ්‍රී අල්විස් ද කතරගම දෙවියන් වෙනුවෙන් ගීතයක් රචනා කෙළේය.


ඒ, වික්ටර් රත්නායක ගේ පළමු ගීත හතරෙන් එකක් වූ " මයුරාසන මත වැඩ හිදිනා - කඳසුරිදුනි ඔද තෙද රඳනා..." නම් ගීතය යි.


පටලවාගෙන තිබුනේ මේ ගීත දෙකයි.


මේ නිවැරදි කිරීම අප විසින් කරනුයේ නොදැනුවත් කම නිසා හෝ ඉතිහාසය විකෘති කිරීමට ඉඩ හැරීම බලවත් අපරාධයක් වන හෙයිනි.






The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...