The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජීවිතයේ අනියත බව පිළිබඳ ගීත සහ පණ්ඩිත් අමරදේව...!!

T

The Leader Desk

December 8, 2022 • 4:39 PM

ජීවිතයේ අනියත බව පිළිබඳ ගීත සහ පණ්ඩිත් අමරදේව...!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එනම්, උසස් පරිකල්පනයක් සහිත ජන කණ්ඩායම් සඳහා සහ එබඳු කුසලතාවක් නොමැති ජන කණ්ඩායම් සඳහා ය.
  • සහ "පෙරදිනයක මා පෙම් කළ යුවතිය...." මුල් ගිතයේ මෙසේ සඳහන් ය.
  • ඔබ ආවා ඔබ අත වූ මල් එකිනෙක පර වී සුළඟේ විසිරෙනු මා දුටුවා සුළඟේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා..." ( මහගම සේකර) ගීත ද්වය ය.
  • මැලැවෙන මල් අතරින් ඇය දකින විට, රුව වැහැරෙමින් තිබුණු බව සංකේතවත් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



එනම්, උසස් පරිකල්පනයක් සහිත ජන කණ්ඩායම් සඳහා සහ එබඳු කුසලතාවක් නොමැති ජන කණ්ඩායම් සඳහා ය.

මේ සඳහා ඉදිරිපත් කළ හැකි කදිම නිදර්ශන දෙකක් වන්නේ;

"වසන්තයේ මල් පොකුරු නෙලා " සහ  "පෙර දිනයක මා පෙම් කළ, යුවතිය" ගීත ද්වය ය.

භාෂා ස්වරූප විසින් දෙයාකාර වුව ද, මේ ගීත දෙකෙන් ගැයෙන්නේ එකම අත්දැකීමකි.

ගීත දෙකෙහි පොදු ගුණාකාරය මෙබඳු ය.

- "වසන්තයේ මල් පොකුරු නෙළා."... සහ
"පෙරදිනයක මා පෙම් කළ යුවතිය...."
මුල් ගිතයේ මෙසේ සඳහන් ය.

"අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ...
ඔබ ආවා
ඔබ අත වූ මල් එකිනෙක පර වී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගේ රුව මා දුටුවා..."

( මහගම සේකර)
ගීත ද්වය ය.

අවසානේ එන්නී වසන්තය හෙවත් ඵල දරන සමයත් පසු කරමිනි. මැලැවෙන මල් අතරින් ඇය දකින විට, රුව වැහැරෙමින් තිබුණු බව සංකේතවත් කර තිබේ.
 

 
 "පෙරදිනයක මා" ගීතය අවසන් වන්නේ ද මෙලෙසිනි.
 
"හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..."

(සුනිල් සරත් පෙරේරා)
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි කෙමෙන්
මැකී යනවා...."
වසන්තයේ ගීතයට වඩා ප්‍රකාශනාත්මක භාෂාවකින් මෙලෙස කියැවෙන්නේ ද,

"සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබ්ගේ රුව මා දුටුවා..."යන්නට වෙනස් අදහසක් නොවේ.

 

 
ගීත දෙකෙහිම පෙම්වතියෝ වසන්තය පසුකර ලෝකයේ යථා ස්වභාවය වන, රූප අපරූප වන වයෝවෘද්ධත්වයට පත් වෙමින් සිටිති.
සියල්ලෝ ජීවිතයේ අන්තිම යාමයට එළැඹෙමින් සිටිති.

(කුමාර ලියනගේ ලියූ සටහනකි.)

 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...