The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අද හුස්ම ගත්තට කමක් නැද්ද?

T

The Leader Desk

December 10, 2022 • 3:16 PM

අද හුස්ම ගත්තට කමක් නැද්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන ආකාරයට මෙම තත්ත්වය ඉදිරි සතියක කාලය පුරාවටම පවතින්නට ඉඩ තිබේ.
  • වායු දූෂණය හා බැඳී තිබෙන බොහෝමයක් සෞඛ්‍යමය සංකූලතාවලට හේතුව ලෙස සැළකෙන්නේ මයික්‍රොමීටර 2.5ක විෂ්කම්භයකින් යුතු ආඝ්‍රාණය කළ හැකි ප්‍රමාණයේ අංශු, ආශ්වාසයත් සමග පෙනහළුවලට පිවිසීම වේ.
  • පී.එම් 2.5 (PM2.5) ලෙස මෙම අංශු හඳුන්වාදෙනු ලබන අතර, වායු දූෂණය ගත් විට ගෝලීයව වැඩි වශයෙන්ම හමුවන අංශු වර්ගය වන්නේ මේවාය.
  • සංසන්දනාත්මකව ගතහොත්, සාමාන්‍ය මිනිස් කෙස් ගහක විෂ්කම්භය මයික්‍රොමීටර 70 පමණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන ආකාරයට මෙම තත්ත්වය ඉදිරි සතියක කාලය පුරාවටම පවතින්නට ඉඩ තිබේ.

වායු දූෂණය හා බැඳී තිබෙන බොහෝමයක් සෞඛ්‍යමය සංකූලතාවලට හේතුව ලෙස සැළකෙන්නේ මයික්‍රොමීටර 2.5ක විෂ්කම්භයකින් යුතු ආඝ්‍රාණය කළ හැකි ප්‍රමාණයේ අංශු, ආශ්වාසයත් සමග පෙනහළුවලට පිවිසීම වේ. පී.එම් 2.5 (PM2.5) ලෙස මෙම අංශු හඳුන්වාදෙනු ලබන අතර, වායු දූෂණය ගත් විට ගෝලීයව වැඩි වශයෙන්ම හමුවන අංශු වර්ගය වන්නේ මේවාය.

සංසන්දනාත්මකව ගතහොත්, සාමාන්‍ය මිනිස් කෙස් ගහක විෂ්කම්භය මයික්‍රොමීටර 70 පමණ වේ. එනම්, පී.එම් 2.5 අංශුවක විෂ්කම්භයට වඩා 30 ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිය.



දිවයිනේ ප්‍රධාන නගර සහ ස්ථාන කිහිපයක පිහිටුවා ඇති වායු සංවේදකවලින් ලබාගන්නා දත්ත උපයෝගී කරගනිමින්, එම එක් එක් ස්ථානවල වාතයේ තත්ත්වය ගැන තොරතුරු එකම වේදිකාවකින් ලබාදීම Airquality.lk හරහා සිදුවේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් හා අත්වැල් බැදගෙන, මෙම කර්තව්‍යයට දායකත්වය ලබාදෙමින් සිටින්නේ වෙරිටේ රිසර්ච් ආයතනයයි.



වාතයේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීමත්, එම දැනුවත් කිරීම හරහා නිදහසේ හුස්ම ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට වැදගත් වන ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් යොමු කරවීමත්, මෙම වේදිකාව හදුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.

{gallery}Air Quality{/gallery}


(Airquality.lk)

 

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...