The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

December 11, 2022 • 6:44 AM

ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි.
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා.
  • නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා.
  • රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඇය නිර්ප්‍රභූ ගැහැණියක් විදිහට පාර්ලිමේන්තුවේ කරන්නෙ ලිංගික සංස්කෘතික පෙරළියක්. ඒක හරිනි අමරසූරියලා කරන විදිහෙ පොෂ් ෆෙමිනිස්ට් බොරුවක් නෙමෙයි.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා. මගේ ඉස්සරහ සයිඩ් එකයි බැක්සයිඩ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට කියල එයා ඒ පිරිමි ලිංගික අපහාස මැද හිටගෙන කියපු කතාවට අපි අත් උස්සලා අත්පුඩි ගැහුවා. ඊට පස්සෙ හිරුණිකා කාන්තා වීරවරියක් වුනා. මහා වීර ගෝඨාභයගෙ ගේ ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවා.


පස්සෙ ඒ ස්ත්‍රී අභිමානය හිරුණිකාට ඉස්මුරුත්තාවට ගියා. මෑත වේදිකාවක එයා කිසි හිරිකිතයක් නැතුව රනිල් ගෙ බෝල දෙක ගැන කතා පවත්වන්න ගත්තා. ජලනි ප්‍රේමදාස උඩ පැන පැන හිනාවුනා. ගැහැණියකට ලිංගික අපහාස කිරීම වගේම පිරිමියෙකුට ලිංගික අපහාස කිරීමත් නින්දිත ක්‍රියාවක් වග හිරුණිකාට ඒ වෙලාවෙ මතක් වුනේ නෑ. ජලනි එහෙම දෙයක් දන්නෙවත් නෑ.



පාර්ලිමේන්තු ආපු අශිෂ්ටයෙක් වන තිස්සකුට්ටිආරච්චි එක වෙලාවක ලිංගික අපහාසයක් විදිහට වම්බටු ගෙඩියකින් රෝහිනී කවිරත්නට දමලා ගැහුවා. ඒ වෙලාවෙ ස්ත්‍රී පෙරමුණක් විදිහට හරිනි අමරසූරියලා වම්බටු ගෙඩියට එරෙහිව කවිරත්න එක්ක හි‍ටගත්තා.


ඉතාම මෑතක නලින් බණ්ඩාර දිව එළියට දාලා ඩයනා ගමගේව පෙරලගත්ත කතාවක් පාර්ලිමේන්තුවෙ කියනවා. ඩයනා ඒ වෙලාවෙදි, කවුරු පෙරලගත්තත් ඔයාට පෙරලගන්න හම්බුවෙන්නෙ නෑ කියල අනිත් පැත්තට නිර්භයව කියල දානවා. නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා. රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා. සමහරු ඒ අශික්ෂිතබව දිරිමත් කරමින් හිනාවෙනවා.




කවර දුර්වලතා තිබුනත් ඩයනා ස්ත්‍රිය කියන සම්මත සමාජ පිළිගැනීමේ ස්ටීරියොටයිප් කුඩු කරපු ගැහැණියක්. පිරිමි මන්ත්‍රීන් පවා පුහු සදාචාරය නිසා කතා කරන්න මැළිවෙන කංසා නීතිගත කිරීම ගැන ඇය ගැහැණියක් විදිහට බය නැතුව කතා කරනවා. ඒ නිසා අනේක විධ අපහාස විඳිනවා. නාගරිකව රාත්‍රී සමාජ ජීවිතයක් නිර්මාණය කළ යුතු බව කියනවා. එයා කතා කරන්නෙ ගැහැණුකමේ සීමාවන් ආරක්ෂා කරමින් නෙමෙයි. එයා අමුවෙන් කතා කරනවා. නොනැවතී බැන ගන්නවා. සුකොමල, ලැජ්ජාශීලී කාන්තා ප්‍රතිරූපය කුඩුපට්ටම් කරනවා. පිරිමි ගොඩක් ඩයනාට අකමැති ඒකයි. ගැහැණු ගොඩක් අකැමැති වෙන්න හේතුවත් ඒකයි.

 

ස්ත්‍රියකගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කළ යුත්තේ ඇය මටසිළුටු වැදගත් ගැහැණියක් නම් පමණක් නෙමෙයි. ඇය වැදගත් යැයි සම්මත සීමාවන් නොතකා හරිමින් සිටියත් ඇයට ඇගේ පුද්ගලික ජීවිතයේ ගරුත්වය හිමි විය යුතුයි. ඇය යහන්ගත වෙන්නෙ කවුරුන් සමගදැයි යන්න අනිත් අයට ප්‍රශ්නයක් නොවිය යුතුයි.

 

පාර්ලිමේන්තුවේ ගැහැණියකට එරෙහිව භාවිතා වුනු අශිෂ්ට ලිංගික ප්‍රචන්ඩත්වය අපි හෙළා දකිනවා. ටයිකෝට් ඇඳගෙන නලින් බණ්ඩාර කරපු කතාව ඇත්තටම නිරුවතින් කළා නම් නම්බුකාරයි. ඒ වගේම තවමත් ඒ ප්‍රකාශය ගැන තමන්ගේ විරෝධය ප්‍රකාශ නොකළ සජබෙ සංස්කෘතියත් මෙතනදි නිරුවත් වෙනවා.


කොළඹ ස්ත්‍රීවාදීන්ට අමතක වන ස්ත්‍රී- පුරුෂ කවර හෝ පුද්ගලයෙකුගේ මනුස්ස ගරුත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගැහැණියක් වේවා, පිරිමියෙක් වේවා, ඔවුන්ගේ පංතිමය වැදගත්කම්, සදාචාර සීමාවන් කවර හෝ වේවා ඔවුන්ට ලිංගිකව අපහාස කිරීම නින්දිත පහත් ක්‍රියාවක්. එවන් පහත් පිරිමින් ගැහැණුන් මැද තනිව සිටගෙන නොවැටී කතා කළ ඩයනාගේ ශක්තිමත්බව අගය කළ යුත්තක්.



සුබ පැතුම් රනිල් ! - (චින්තන ධර්මදාස)(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)




new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව - (චින්තන ධර්මදාස) | The Leader