The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පේරා ප්‍රහාරය : පොමනේරියන් බල්ලෝ පාරට ආවම පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 13, 2022 • 6:26 AM

පේරා ප්‍රහාරය : පොමනේරියන් බල්ලෝ පාරට ආවම පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිසුන් - ආචාර්යවරුන් - සහ විශ්ව විද්‍යාල පරිපාලනය අතර තිබූ සංහිදියාව අසමතුලිත වෙමින් පවතිනවා.
  • ලෝක බැංකුව විශාල ආයෝජනයක් විශ්ව විද්‍යාල ඇතුලේ කරලා තියනවා සිසුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා.
  • නමුත් මේ වගේ සිදුවීම් වලින් පෙනෙන්නේ අනෙකා ඉවසීම සහ දරසිටීමේ ගුණය අපි හැමෝම අතරේ අඩු බව.
  • ප්ලේන්ටියක් ගහල එකට වාඩිවෙලා කතා බහ කරන සමාජයක් වෙනුවට දැන් තියෙන්නේ බී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සිසුන් - ආචාර්යවරුන් - සහ විශ්ව විද්‍යාල පරිපාලනය අතර තිබූ සංහිදියාව අසමතුලිත වෙමින් පවතිනවා. මේක පසුගිය වසර කිහිපය තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්.
 

දැන් සිසුන් අනෙකා ඉවසන්නේ නැහැ. අනෙක් අය විශ්ව විද්‍යාල සිසුන් රුස්සන්නේ නැහැ.
 

සිසුන් -පරිපාලනය - ආචාර්යවරුන් අතර සංහිදියාව අඩුයි. අසමාන බව වැඩියි. අනන්‍යතා අර්බුද වැඩියි. ''මම තමයි ලොක්කා'' ආකල්පය තමයි වැඩියෙන් දකින්න පුළුවන්. හැමෝම තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් ගහ ගන්නවා. මරා ගන්නවා. බාහිර සමාජයත් එහෙමයි.
 

ලෝක බැංකුව විශාල ආයෝජනයක් විශ්ව විද්‍යාල ඇතුලේ කරලා තියනවා සිසුන්ගේ ආකල්ප සංවර්ධනය සඳහා. නමුත් මේ වගේ සිදුවීම් වලින් පෙනෙන්නේ අනෙකා ඉවසීම සහ දරසිටීමේ ගුණය අපි හැමෝම අතරේ අඩු බව.
 

ප්ලේන්ටියක් ගහල එකට වාඩිවෙලා කතා බහ කරන සමාජයක් වෙනුවට දැන් තියෙන්නේ බී. එම්. ඩබ්ලිව්., අවුඩි, බෙන්ස්, පර්ජෝ, ටොයෝටා, නිසාන් වලින් එකෙනිකා ඈත්වෙච්ච සමාජයක්. බදු සහන වාහන වලින් උණේ මේක.  
 

ස්මාර්ට් ෆෝන් ඔබ ඔබා බෙන්ස් ඇතුලේ තමන්ගේ ලෝකේ තමන් ජීවත් වෙනවා. එළියට බැස්ස ගමන් ගහ ගන්නවා.
 

හරියට ගෙවල් වල ඇතිකරපු පොමනේරියන් බල්ලෝ පාරට ආව වගේ. පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා.
 

මේක සමාජයක් හැටියට ඇතුලට පුපුරා යන්න නියමිතයි....



විවියන් රිචර්ඩ් : ශ්‍රේෂ්ඨයෙක්ගේ ආරම්භය - (මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 






The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පේරා ප්‍රහාරය : පොමනේරියන් බල්ලෝ පාරට ආවම පළවෙනි වාහනේටම අහුවෙලා මැරිලා යනවා - (මහේෂ් හපුගොඩ) | The Leader