The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ඇනාකිසෝරස්' විඩියෝව : හැමෝගෙම දැනුමට යමක් එකතු කරන ටියුෂන් ගුරාලාට දෙන උත්තර - (කුසල් පෙරේරා)

T

The Leader Desk

December 13, 2022 • 11:58 AM

'ඇනාකිසෝරස්' විඩියෝව : හැමෝගෙම දැනුමට යමක් එකතු කරන ටියුෂන් ගුරාලාට දෙන උත්තර - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළියම් හෙව්වේ, බාල ජනප්‍රිය කතා සඳහා “තර්කානුකූල” යැයි පෙනෙන පිට කවර දමා ගෙන ය.
  • මෑතක ඔහු ජීව විද්‍යාවෙහි මූලික කාරණාවත් නොදන්නා බව ප්‍රදර්ශනය කරමින් සනීපාරක්ෂක තුවා පිළිබඳව ළමුන් හමුවේ ඉතාම වැරදි පෞරාණික සහ අනතුරුදායක තොරතුරු සමූහයක් අත හැරියේය.
  • එවැනිම තවත් ජීව විද්‍යා තොග පංති කරන ගුරෙකු හාස්‍යයද කැටි කරමින් ජනප්‍රිය කතා කීම ළමුන් රඳවා ගැනීමේ කලාවක් බවට පත්කර ගෙන ඇත.
  • ඔහුද ඔහුගේ කටපාඩම් කළ විෂය දැනුමට එහා කිසිවක් නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළියම් හෙව්වේ, බාල ජනප්‍රිය කතා සඳහා “තර්කානුකූල” යැයි පෙනෙන පිට කවර දමා ගෙන ය.


එවැනි එක ජීව විද්‍යා ගුරෙකු මැතිවරණ සමයේ ඇමෙරිකානු ආධාර සඳහා යෝජනාවුනු MCC ගිවිසුම පිළිබඳව අත හැරිය බේගල් ප්‍රමාණය “පුලිට්ස” සාහිත්‍ය සම්මානය ලැබිය හැකි ප්‍රබන්ධයකට අගනා කතා ගොන්නක් විය. මෑතක ඔහු ජීව විද්‍යාවෙහි මූලික කාරණාවත් නොදන්නා බව ප්‍රදර්ශනය කරමින් සනීපාරක්ෂක තුවා පිළිබඳව ළමුන් හමුවේ ඉතාම වැරදි පෞරාණික සහ අනතුරුදායක තොරතුරු සමූහයක් අත හැරියේය.


එවැනිම තවත් ජීව විද්‍යා තොග පංති කරන ගුරෙකු හාස්‍යයද කැටි කරමින් ජනප්‍රිය කතා කීම ළමුන් රඳවා ගැනීමේ කලාවක් බවට පත්කර ගෙන ඇත. ඔහුද ඔහුගේ කටපාඩම් කළ විෂය දැනුමට එහා කිසිවක් නොදන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නෙකි.


ඒ මතක් කිරීම කරන්නට හේතු වන්නේ ඔවුන් විසින් බාල පරපුර නොමග යවන, මැටිමෝල් කතා වලට පාසල් අධ්‍යාපනයෙහි පංතිකාමරයෙහි උත්තර දීමට හැකි දැනුවත් ගුරු පරපුරක් නැතැයි මා තරයේ විශ්වාස කරන බැවින් ය.

 

අවුරුදු තිහ හතළිහක කාලයක් මේ අධ්‍යාපනය “පරිනාමය” වූයේ තර්කානුකූල විමසීම් හා අධ්‍යනයන් වෙනුවෙන් නොවේ. තොග පංති ටියුෂන් ගුරාලා වැනි ගිරව් රංචු හැදීමට පමණකි. එවැනි ගුරෙකු “පරිනාමය” පිළිබඳ අධ්‍යන තවමත් අවසන් නොවුනු හෙයින් එය “පරිනාමවාදය” යැයි නම්කර තිබේ යැයි ළමුන් හමුවේ කළ වචන හරඹයක විඩියෝවක් මම වරෙක අසා සිටියේ ඔහු තවමත් ඔස්ත්‍රලොපිතෙකස්ගෙන් මෙහාට පරිනාමය නොවුනකු යැයි සිතමින් ය.

 

ඊට සතියකට පමණ පසු මම තවත් විඩියෝවක් බැලුවෙමි. ඒ සඳකැත් මහගමආරච්චි “ඇනාකිසෝරස්” (anarchysaurus) නමින් කරන්නාවූ දැනුම තර්කානුකූල සාකච්ඡාවකට තබන වැඩසටහනක විඩියෝ පටයකි. ඔහු මෙම විඩියෝ පටයෙන් ඉදිරිපත් කර තිබූයේ “පරිනාමය” ගැන ටියුෂන් ගුරා කළ අවලං ඉදිරිපත් කිරීම, කරුණෙන් කරුණ නිශේද කිරීමකි. “වාදය” යන්නෙහි විද්‍යාත්මක අර්ථකතනය ඔහු එහි සාකච්ඡා කරන්නේය. “විද්‍යාව” යනු අවසන් නොවුනු දැනුම් ගවේශනයක් යැයි කියූවේ විද්‍යාව සතු බලයද එයම යැයි කියමින් ය.


da


මේ කාලයේ ඉතාම කලාතුරකින් තරුණයකු සතුවන, මේ සඳකැත් සතු ඒ තර්කානුකූල දැනුම හා විෂයන් තර්කානුකූලව තේරුම් ගැනීමේ ශක්තිය ඔහු ලද්දේ කොතැනින්ද හා කෙසේදැයි මට ප්‍රහේලිකාවක් විය. එවැනි දැනුමක් අවබෝධයක් අපේ අධ්‍යාපන ක්‍රමයෙහි කොතැනකින්වත් ලබා නොදෙන හෙයින් ය. එයට පිළිතුර ඔහු ඔහුගේ විඩියෝ පටයෙන් ලබා දී තිබිණ. ඔහු තනි ගතානුගතික සංස්කෘතියක හැදුණු තරුණයෙකු නොවේ. ඔහු සිංහල බෞද්ධ සහ කතෝලික සංස්කෘතීන් දෙකෙහි සංකලනයකි. එනිසා ඔහු වෙනත් සංස්කෘතීන්ටද විවෘත වූවෙකි. දෙවැන්න සහ එවගේම වැදගත් කාරණාව නම් ඔහු අපගේ විධිමත් අධ්‍යාපනයෙහි නිෂ්පාදනයක් නොවීම ය. ඔහු පාසල් අධ්‍යාපනයෙන් බැහැරව දැනුම සොයා ගියෙකි. එනිසා ඔහු තාර්කිකව දැනුම උකහා ගත්තෙකි. තාර්කිකව තොරතුරු හා විස්තර අවබෝධ කර ගත්තෙකි.


එවැනි ලොවට විවෘතවන මනසක දැනුම කෙතරම් පුළුල් තර්කානුකූල දැනුමක්දැයි තේරුම් ගැනීමට පමණක් නොව, මේ සමාජයේ කෙතරම් අතාර්කික, අවිද්‍යාත්මක තොරතුරු සහ මතවාද නිවැරදි අභියෝගයකට හසු නොවී සංසරණය වන්නේදැයි සඳකැත් මහගමආරච්චි “ඇනාකිසෝරස්” විඩියෝ පට මගින් කියන්නේ ය.


මෙයට සවන් දිය යුත්තේ එබැවින් ය.





මේ වසරේ විෂය නිර්දේශ වලට කරන්නේ මොනවද? - කුසල් පෙරේරා(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )

2022 දෙසැම්බර 13

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...