The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වේග රිද්ම බයිලා සිංදු ගායකයෙක් හැටියට මතකයි. ඒ ඇති.. - (මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

December 13, 2022 • 12:18 PM

වේග රිද්ම බයිලා සිංදු ගායකයෙක් හැටියට මතකයි. ඒ ඇති.. - (මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංගීතය පැත්තේ හිටපු කට්ටිය තමයි මේ යමින් පවතින්නේ.
  • මතක හිටින එක වැඩයි කරන්න ඕනි.
  • ගුණේ අයියගේ බජව් දැන කාමරේ, ලස්සනට පිපුණ වනමල්, කාවඩි බයිලා සහ මම එතරම් ආස නැති කිරි දුන්නේ දරුවන්ටයි වගේ සින්දු කිහිපයක් ඇරුනම අනික්වා මතක හිටින්නේ නැති තරම්.
අකුරු ප්‍රමාණය (Font Size):

සංගීතය පැත්තේ හිටපු කට්ටිය තමයි මේ යමින් පවතින්නේ. ඒ කියන්නේ කාලෙ හරි.


ගුණේ අයියගේ බජව් දැන කාමරේ, ලස්සනට පිපුණ වනමල්, කාවඩි බයිලා සහ මම එතරම් ආස නැති කිරි දුන්නේ දරුවන්ටයි වගේ සින්දු කිහිපයක් ඇරුනම අනික්වා මතක හිටින්නේ නැති තරම්. 'ගුණේ අයියගේ කාමරේ' තමයි ඉතිං කියපු සිංදුව. මම කියන්නේ එයාගේ සංගීත අනන්‍යතාවේ සිංදුව.


ගොඩක් දේවල් සිදු නොවුන හැබැයි ගොඩක් අභාග්‍යසම්පන්න දේවල් සිදුඋන මේ සිලෝන්ලන්තේ නිහාල් නෙල්සන්ගේ මොකක් හරි ''කලාව'' මේ කොදෙව්වෙන් එහාට නොගිය එක ගැන නම් එහෙමට අරෝවක් නැහැ මම නිහාල් එක්ක. මොකද එහෙම එකක් ගැන එයා සිහින දැක්කේ නැහැ. බයිලාවක් කියල මේ භුමියේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ක්ෂණික සංතෝසයක් දුන්න. එච්චරයි. ඒකටත් අරෝවක් නැහැ.


සින්දු කැසට් සීයක් කළා කිව්වට මට නම් මතක ඔය කිව්ව එක දෙක විතරයි. අංක ගාණ නම් වැඩක් නැහැ. මතක හිටින එක වැඩයි කරන්න ඕනි. ඒකත් හරියට උණාද දන්නේ නැහැ. කමක් නැහැ.


ගුණ යහපත් කම් අතින් හොඳ මනුස්සයෙක් කියල කියනවා. ඒක ඉතිං මියුසික් වලට ගොඩක් අදාල නැහැ. ඒත් කමක් නැහැ.


ලෝකේ මියුසික් එක්ක සම්බන්ද කරලා කියන්න තරම් දේකුත් නැහැ. ඒත් කමක් නැහැ.


අපේ පොඩි කාලේ වේග රිද්ම බයිලා සිංදු කෙනෙක් හැටියට මතකයි. ඒ ඇති.


සුබ ගමන් !


නිහාල්ගේ කාලේ ලෝක ගෝලයේ හිට් වුන සිංදුවක් අමුණන්නම්.






මගෙ 'මිනිහා' නැසූ එකා - දදය ඔබගෙ පාළුය කා - තව එක බුද දිනක් තකා - ඉන්නට ඉඩ  නොදී මකා...-(මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...