The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

December 14, 2022 • 8:33 AM

ඇපල් ඉල්ලන විශ්වවිද්‍යාල ආචාර්යවරු - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා.
  • ඒ විතරක් නෙමෙයි, අපට ලාබෙට ඇපල් දෙන්න රට ඇතුළෙ රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව අඩුවෙන් තියාගත්තා.
  • ඩොලර් හිඟවෙනකොට තව තවත් ණය ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):



පරිවර්තනය හමුවේ ගතානුගතික මිනිස්සු පැරණි තත්වය අපට දියව් කියලා අඬාවැටෙනවා. ඒ අයට නායකත්වය දෙන්නෙ වාමාංශිකයන්. ඒ අය අතර ඉන්න කවියන් වගේ අය අහිමි වූ ජීවිතය ගැන රොමැන්තික විදියට කවි කතා ලියනවා. මිනිසුන් කුපිත කරන්නට තමයි උත්සාහ කරන්නෙ.


හැබැයි, තිබුණු ජීවිතේ ආපහු ලබාගන්න ක්‍රමයක් නැහැ. වාමාංශිකයන් බලය ගත්තත් ඒක එහෙමම තමයි. ඒකට හේතුව තමයි ඒ ජීවිතයට පදනම් වුණ තත්වය වෙනස් වෙලා. පදනම වෙනස් වුණාම පැරණි තත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ. අලුත් වෙන්නම වෙනවා. මුලින් බැහැ කියලා අඬාවැටුණට පස්සෙ ඒ තත්වය භාරගන්නවා.


විප්ලවය වෙන්නෙ එහෙමයි. ඒක උදාහරණයකින් පැහැදිලි කරන්නම්.


අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ හැත්තෑව දශකයේ අපට ඇපල් කන්න ලැබුණෙම නැහැ. අපි කෑවෙ කෙසෙල්, අඹ, රඹුටන්, ජම්බු, පේර, වැල, වරකා වගේ දේශීය පලතුරු. පස්සෙ ආර්ථිකය විවෘත වුණා. ඇපල් ආනයනය කළා. මිලත් අඩුයි. අපි ඇපල් කන්න පුරුදු වුණා. ඇපල් රසයි. කන්නත් ලේසියි. ගත්ත ගමන් මුළු ගෙඩියම කන්න පුළුවන්.

 

ඇපල් කන්න ඩොලර් ඕනැ. උපයන ඩොලර් මදිවෙනකොට අපේ ආණ්ඩු විදේශ ණය ගත්තා. ඒ විතරක් නෙමෙයි, අපට ලාබෙට ඇපල් දෙන්න රට ඇතුළෙ රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව අඩුවෙන් තියාගත්තා. ඒක ටිකක් අපට තේරුම් ගන්න අමාරු මහේක්ෂ ආර්ථික විද්‍යාත්මක වැඩක්. කෙසේ වෙතත්, අපි ඇපල් කනකොට අපි වියදම් කරපු රුපියල්වලට අමතරව භාණ්ඩාගාරයේ තිබුණු ඩොලරුත් වියදම් වුණා. ඩොලර් හිඟවෙනකොට තව තවත් ණය ගත්තා.

 

දැන් ඒ සෙල්ලම කරන්න බැහැ. ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වෙලා නිසා ණය ගන්න බැහැ. ඩොලර් හිඟයි. තියෙන ඩොලර් ටිකෙන් අත්‍යවශ්‍ය ආනයන කරගන්නට අවශ්‍යයි. ඩොලර් ඉතිරි කරගන්නට ඇපල් ආනයනය අධෛර්යවත් කරන්නට සිදුවෙනවා. වෙළඳපොළේ ඇපල් හිඟවෙනවා. ඇපල් මිලත් වැඩි වෙනවා.


දැන් අපට ඇපල් කන්න බැහැ. අපි ආපහු ඇඹුල් කෙසෙල් කනවා. ඒවටත් ඉල්ලුම වැඩි වෙලා නිසා මිල තරමක් වැඩියි. නිෂ්පාදන වියදමුත් ඉහළ ගිහින්නේ.


මේ අතර සමහර හිතුවක්කාර පොඩි ළමයි ඇපල් ඕනැ කියල අඬනවා. ඇපල් දුන්නෙ නැතිනම් ඉස්කෝලෙ යන්නෙ නැහැ අරව මේව කියල පෙරළි පෙරළි අඬනවා. එතකොට ඕනැ නම් අමාරුවෙන් ඇපල් ගෙඩියක් අරගෙන දීලා සනසාගන්න පුළුවන්. ඒත්, ඒක දිගට කරන්න බැහැ.

 

ඔය පරණ ජීවිතේ අපට දියව් කියලා අඬාවැටෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේ අය ඇපල් ඉල්ලලා අඬන පොඩි ළමයින් වගේ. ඒගොල්ලන්ට නායකත්වය දෙන වාමාංශික පක්ෂ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ? ඒව ඇපල් දියව් කියලා උද්ඝෝෂණ කරන ළමා සමාජ වගේ.

 

ඇපල් ලැබෙන්නෙ නැහැ. ඇඹුල් කෙසෙල්වලට හුරුවෙන්නම සිදුවෙනවා. ඇපල් නැතුව බැරුව හිටිය අය ඇඹුල් කෙසෙල්වලින් සතුටු වෙන එකත් විප්ලවයේ කොටසක්.


ඔය අතරෙ ඕනැ නම්, ඇපල් ගන්න ඩොලර් උපයන්න ඇඹුල් කෙසෙල් අපනයනය කරන එක ගැනත් හිතන්න පුළුවන්. අපට බැරිද ලංකාවෙ මසං ඇපල් කරන්න කියලත් හිතන්න පුළුවන්. සංවර්ධනය කියන්නෙ ඒ වගේ සැලසුම් හදලා සාර්ථකව ක්‍රියාත්මක කරන එකට.



මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක - (අජිත් පැරකුම් ජයසිංහ)(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
praja.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...